IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘‘අපේ පිපාසය දෙමළ ඊළමයි” උතුරේ පෝස්ටර්

      tfgj

 

මීට වසර කිහිපයකට පෙර එනම් යුද්ධය අවසන්වීමට පෙර නොවැම්බර් 20ත් 30ත් අතර දින දහය අපේ රටට ඉතා උණුසුම් තත්ත්වයක් ගත් අයුරු මතකයේ ඇත්තනට සිහියට නැගෙනු නොඅනුමානයි. මීට බලපෑ ප‍්‍රධාන කාරණා කිහිපයක් වුණා. ඉන් එක් පාර්ශ්වයකට ප‍්‍රධාන වුණේ රජය විසින් පාර්ලිමේන්තුවට නව අයවැයක් ඉදිරිපත් කිරීමයි. තවත් අයකුට ප‍්‍රධාන වුණේ කොටි නායක වේලූපිල්ලෙ ප‍්‍රභාකරන්ගේ මහවිරු සැමරැුම හා ඔහුගේ උපන් දිනය යන කාරණා නිසාවෙන්ය.

 

fhj
 මෙම සටහන තැබීමට අවස්ථාවක් වූවේ කොටි සංවිධානය අපේ රටෙන් තුරන්වෙලා වසර 6ක් ගතවුවත් අවාසනාවකට වගේ අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් නැවත හිස ඔසවන්නටදෝ මෙන් කුරුමානම් බලන කොටි පුල්ලිවල ඇතැම් ක‍්‍රියාකාරකම් තවමත් උතුරේ රැුව්දෙන නිසාවෙන්ය.  


එවකට නොවැම්බර් 26 සහ 27 අපේ රටේ ජනතාවට වැඩි වශයෙන් පීඩනයක් වුණේ අලූත් අයවැයට වඩා කොටි සංවිධානයේ මහවිරු සැමරැුම්වලට කිවහොත් නිවැරැදිය.


ඊට හේතුව වූවේ කොටි නායකයා තම උපන්දිනය සහ මහවිරු දිනය සැමරුවේ අපේ රටේ කුමන හෝ පළාතක විනාශයක් කොට ලැබෙන සතුටින් නිසාය.
සිංහලයාට සියල්ල ඉක්මණින් අමතක වෙනවා කියන කතාවට අනුව අද අපේ බොහෝදෙනකුට යටගියාව අමතක වීම අභාග්‍යකි. රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දිය යුතුය. එයට කදිම නිදසුනකි වර්තමානයේ ලොව ප‍්‍රබල රටවල් පවා ත‍්‍රස්තවාදයේ භීතියෙන් වෙළී සිටීම.

28-pg21d--main-pgs
මේ නිසා අපේ අයටත් පොඞ්ඩක් හෝ යටගිය අතීතය මොහොතකට හෝ සිහිගන්වන්නට සිතුවෙමි.


වසර 30කට පෙර කරළියට ආ මේ මහවිරු සැමරුම ගැන ආවර්ජනය කරනවානම්, ප‍්‍රභාකරන් මහා වීර සතිය පවත්වන්න ආරම්භ කළේ මීට විසිහත් වසරකට පෙරය. එනම් 1989 නොවැම්බර් 27 වෙනි දින සිටය. 1982 වසරේ දී මියගිය ප‍්‍රථම ගරිල්ලා සාමාජිකයා වූ ශංකර්ගේ මරණය සිහිපත් කිරීම මුල්කොට ‘මහාවීර සතිය’ සමරමින් ප‍්‍රභාකරන්ට අවශ්‍ය වූවේ කොටි සංවිධානයට හැකිතරම් ජාත්‍යන්තරයෙන් ආධාර උපකාර ලබාගැනීමටය. ඒ වෙනුවෙන් ඊළාම් අභිප‍්‍රාය වෙනුවෙන් සටන්කොට මියගිය සියලූදෙනා සිහිපත් කිරීම සඳහා එක්වන ලෙස ලොව පුරා සිටි දෙමළ ජාතිකයන්ගෙන් ද ප‍්‍රභාකරන් විවෘත ඉල්ලීමක් කළේය. මෙහිදී ප‍්‍රභාකරන් දිගින් දිගටම කියාසිටියේ තම මියගිය සගයන්ට කළ හැකි ඉහළම හා එකම උපහාරය වන්නේ ඊළාම් රාජ්‍යය බිහිකිරීම දක්වා සටන් කිරීම යන්නයි. මේ වෙනුවෙන් එදා කළු කොටි කණ්ඩායම්, මරාගෙන මැරෙන කණ්ඩායම්, මුහුදු කොටි කණ්ඩායම් ප‍්‍රභාකරන් ඇති කරන්නේ ඊළාම් රාජ්‍ය දක්වා ගමන් කිරීමටය.


මේ ආකාරයට ඊළාම් රාජ්‍යයේ සිහිනයෙන් සිටි කොටි නායකයා උතුරේ සිටි සියල්ලන්ටම බලපෑම් කරමින් එදා මහවිරු සැමරුම සිදුකරන්නේ වාතයෙන් පුම්බාගත් ගෙම්බෙකු සේය. මේ සැමරුම් සඳහා දෙස් විදෙස් මාධ්‍ය මගින් ද විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි.


කාලයාගේ අවෑමෙන් 2005 වසරින් පසුව කොටි නායකයාගේ ඊළාම් සිහිනය බොඳවන්නට පටන් ගන්නේ ආරක්ෂක අංශ විසින් දියත් කෙරුණු දරුණු සටන් හේතුවෙනි. කොහොම නමුත් 2009 වෙනවිට කොටි බෝම්බ බිය අපෙන් සදහටම නැතිවන්නේ ඒ ඊළාම්වාදියා මියයාමෙන් පසුවය.

9
කොටි නායකයාගේ මරණය දෙස් විදෙස් කොටි හිතවාදීන් මොහොතකටවත් විශ්වාස නොකළේය. 2009 වසරින් පසුව මේ මොහොත දක්වාම කොටි සංවිධානයේ අවසානය ගැන නොහිතන පිරිසක් ඇත. මේ නිසා ඔවුන්ගේ පුල්ලි මකා ගැනීමට නොහැකිව වරින් වර ඇතැම් ත‍්‍රස්තවාදී ක‍්‍රියාකිරීමට උදම් නගයි. මේ සඳහා උඩගෙඩි දෙන ඇතැම් පාර්ශ්වයන් මෙන්ම ජාත්‍යන්තර කොටි හිතවාදීන් ද නැතුවා නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත් කල දේශපාලනය ඔය කාරණාවේ දී  දෙමළ ජාතික සන්ධානය එක් රාමුවක සිටියි.


යුද්ධයෙන් පසුව ටී.එන්.ඒ. පක්ෂයේ ඇතැම් ජනතාවාදීන් දේශපාලන වාසි වෙනුවෙන් හෝ විවිධ වූ සැමරුම් වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කළා. එහිදී ඔවුන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ යන මුවාවෙන් ඇතැම් දේ සිදුකිරීමට උත්සාහ කළ ද පොලිස් නීතිය නිසාවෙන් හීනවී ගියේය.


එළඹ ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේ අවසන් දින කිහිපයයි. මේ සටහන තබන විට උතුරේ වව්නියාව, කිළිනොච්චිය, මන්නාරම හා යාපනය යන දිස්ත‍්‍රික්කයන්හි කොටි මහවිරු සමරු මෙන්ම කොටි නායකයාගේ 61 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් ඇරයුම් කළ පෝස්ටර් හා තාප්පවල ලියවුණු වැකි මෙන්ම ඊළමට නිදහස දෙන්න කියමින් සිදුවූ සියදිවි හානි කරගැනීම් දක්නට ලැබුණේ අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් හිස එසවීමට මාන බලන කොටි පුල්ලි ගැන බියක් අඟවමින්ය.


මේ ක‍්‍රියාවන් මුලින්ම ආරම්භ වුණේ වව්නියාවෙනි. වව්නියාවේ ස්ථාන කිහිපයක ඒෆෝ ප‍්‍රමාණයේ කොළ අලවා සඳහන් කොට තිබුණේ  ‘අපේ පිපාසය දෙමළ ඊළමයි දෙමළ ඊළාම් රාජ්‍යය බිහිකිරීම වෙනුවෙන් මියගිය අප විරුවන් සමරමු සෑම නිවසකම පාසලකම පහනක් දල්වා අපේ ඊළාම් රාජ්‍යය බිහිකිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු” යන පාඨයන්ය. අනතුරුව යාපනය සරසවියේ ස්ථාන කිහිපයකම මහවිරු සැමරීමට එක්වන ලෙසට සඳහන් කොළ අලවා තිබුණි. මේ ගැන අදහස් පළකර සිටි යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ සාමිනාදන් මහතාගෙන් විමසීමේ දී කියාසිටියේ මේ වසරේ ද එවැනි මහ විරු සැමරුම් පෝස්ටර තමා දැක්ක බවටත් මෙලෙසින් වසර ගණනාවක් කිසියම් පිරිසක් එම කාර්යය සිදුකරන බවටත් මෙතෙක් එම පිරිස් කවුරුන් ද යන්න හෙළිවී නොමැති බවටත්ය.

2
ඉන් අනතුරුව කිළිනොච්චි නගරයේ විශ්වමඩු හා අලිමංකඩ ප‍්‍රදේශයන්හි කොටි නායකයාගේ රුව ඇතුළත් ඡුායාරූපයක ‘61 වන උපන් දිනය සමරමු’ යන වදනින් යුතු පෝස්ටර් කිහිපයක් ගස්වල ඇලවීම හා මාර්ගයේ බිම දමා තිබුණි. මේ අයුරින් මන්නාරම මුරුන්ගන්හි රෝහල ඉදිරිපිට පිහිටි පුස්තකාල ගොඩනැගිල්ලෙහි තාප්පයේ මෙලෙස ලියා තිබුණේ කොටි නායකයාගේ 61 වන ජන්ම දිනය සැමරීමත් 27 වැනිදාට යෙදී ඇති මහවිරු සැමරුම සඳහා එක්වන ලෙසටත්ය.


මේ අයුරින් හොර රහසේ පළ වන කොටි පුල්ලි කවුරුන් ද යන්න ගැන අවධානය යොමුකළ යුතුය. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් යාපනය මාධ්‍ය කෙන්ද්‍රයේ දී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් කියාසිටියේ 27 වනදා යාපනයේ නල්ලූර් කොවිලේ සහ යාපනය රෝමානු කතෝලික කිතුනු දේව මන්දිරයේ දී යුද්ධයෙන් මියගිය ජනතාව සමරා විශේෂ පූජාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. මෙහිදී එදින සමරනු ලබන්නේ කොටි සාමාජිකයින් දැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියාසිටියේ කොටි සාමාජිකයින් කියා විශේෂයෙන් සැමරීමක් සිදුනොකරන බවටත් යුද්ධයෙන් මියගිය සියලූදෙනාම සිහිකර පූජාවන් පවත්වන බවටත්ය. එසේම යම් හෙයකින් එය නීතිවිරෝධී යැයි පවසා කිසිවෙකුට දහස් ගණනක් අත්අඩංගුවට ගැනීමට හෝ නීතියෙන් ක‍්‍රියාකිරීමට නොහැකි බවට ද යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවට ද කියා සිටියේය.


යාපනයේ ජන මතයට අනුව සිවාජිලිංගම් කියන්නේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බවයි. එහෙම බලන විට මොහු සැරසෙන්නේ කුමට ද යන්න සෙවිය යුතු පාර්ශ්වයන්ට අවධානය යොමුකළ යුතු කාරණාවක් වෙයි.


අද අපේ රටේ යුද්ධයක් තිබුණා ද යන්න ඇතැමෙකුට අමතක වූවාට බියකරු ත‍්‍රස්තවාදයට එය අමතක වී නොමැති බවට අප සිහියට ගතයුතුය. කෙසේ හෝ දහදුක් විඳ විශාල විනාශයකට පසුව හෝ අතුරුදන් වූ කොටි පුල්ලි නැවත මතුවීම කෙසේ අවසන් කළ යුතුය. එය මෙවර සමරනවාය යන කොටි සැමරුම් ද නවතා දැමීමෙන් ලොවම වෙළීසිටින ත‍්‍රස්ත බියට අසු නොවීමට ශ‍්‍රී ලාංකික අපි වාසනාවන්තයින් වන්නෙමු.

m


 

SLMA_21 NEW

 

උතුරු පළාත් සභා මන්තී‍්‍ර ශිවාජිලිංගම් මහවිරු සමරයි

 

යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිටදී 27 වැනිදා උදෑසන යුද්ධයෙන් මිය ගිය සටන්කරුවන් නොහොත් ‘‘මහවිරුවන්” වෙනුවෙන් පහන් දල්වා පූජාවක් පවත්වා සැමරූ බව දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. ශිවාජිලිංගම් ඇතුලූ පිරිසක් කියා සිටියහ.


පසුගිය 25 වැනිදා යාපනය මාධ්‍ය පදනම් කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් කියා සිටියේ 27 වැනිදා යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට සහ යාපනය රෝමානු කතෝලික කිතුණු දේව මන්දිරයේදී යුද්ධයෙන් මිය ගිය සටන්කරුවන් වෙනුවෙන් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පූජා පවත්වන බවය. එහෙත් සිකුරාදා නල්ලූර් කෝවිල වෙතට පැමිණ සිටියේ ඉතා අඩු පිරිසකි.


කෙසේ වෙතත් ශිවාජිලිංගම් මන්තී‍්‍රවරයාගෙන් මේ බව විමසීමේදී ඔහු කියා සිටියේ එදින උදෑසන තමන් ඇතුලූ පිරිසක් නල්ලූර් කෝවිල ඉදිරිපිටත් යාපනය රෝමානු කතෝලික කිතුණු දේව මන්දිරයේදීත් මහවිරුවන් සැමරු බවත් තමන්ට අමතරව උතුරේ තවත් පිරිස් විශාල පිරිසක් නිවෙස්වල මහවිරුවන් සැමරූ බවත්ය. ඉන්දියාවේදී සහ දෙමළ ඩයස්පෝරාවේ සියලූම සාමාජිකයින් මහවිරු සැමරුම සිදුකළ බවටත් ඔහු කිවේය.


(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

 



අදහස් (0)

‘‘අපේ පිපාසය දෙමළ ඊළමයි” උතුරේ පෝස්ටර්

කසුන් ධර්මවංශ Monday, 07 December 2015 07:33 AM

යහපාලනයට අපි අසුවීමේ විපාක අපි අද දකිනවා (ම)

:       0       0

සොපි Thursday, 03 December 2015 07:27 AM

ඊළම් හීනෙන් ඇහැරෙන්න කැමතිම නැහැ වගේ. බලමු බලමු ... (ර)

:       0       0

කමල් Sunday, 06 December 2015 01:06 AM

මේවා බොහොම ඉවසීමෙන් විසඳියයුතු ප්‍රශ්න (නි)

:       0       0

මංජු Tuesday, 01 December 2015 08:09 AM

කාටත් පෙනෙයි හෙට අනිද්දා වෙනකොට නැවත රණවිරුවන්ගේ අගේ. (ස)

:       0       0

අමල් Friday, 04 December 2015 11:15 AM

මේවා කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාකරමු. (ර)

:       0       0

පුෂ්ප Monday, 30 November 2015 07:12 PM

තව ටික දවසකින් බලාගන්න පුළුවන්වෙයි ප්‍රතිඵල. (නි)

:       0       0

විකුම් Monday, 30 November 2015 09:03 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 01 December 2015 09:36 PM

මහවිරු සමරුවට මිනිස්සු නැහැ මේක පුස්සක් කියන මිනිස්සු මතක් කරගන්න ප්‍රභාකරන් 1972 පටන්ගත් එල්ටිටි ය නැවතුනේ කොහෙන්ද කියලා. මේකට එකම දීර්ඝකාලීන විසඳුම පුළුවන්තරම් දෙමළ නොවන ජාතීන් උතුරු නැගෙනහිර පදිංචි කිරීමයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 01 December 2015 10:01 AM

අපේ පිපාසය දෙමළ ඊළමට කියල ගිහින් අන්තිමට බොන්න වතුර ටිකක්වත් නැති කාලකන්නි වෙන්න යන්නේ දෙගොල්ලොම. එනිසා සෑම ජනකොට්ටසයකම යහපත පිණිස වල් පැල ගලවන යාන්ත්‍රණයක් අවශ්‍යයි. (ස)

:       0       0

නාලිකා Friday, 04 December 2015 05:56 AM

නිදහස් කරපු ගමන්ම වැඩ පටන් අරගෙන වගෙයි. විසකුරු සත්තු අතහැරලා කනවෝ කියන්න නම් එපා. (නි)

:       0       0

රිස්වි Tuesday, 01 December 2015 02:12 AM

හෝ ගාලා සෙනඟ පිරිලා. අම්මෝ බයේ බැහැ(රේ)

:       0       0

තලාවෙ නුවන් Sunday, 06 December 2015 10:17 AM

සූ ගාලා සෙනඟ පස් දෙනෙක්ම ඉන්නවා..... (නි)

:       0       0

කර්තික් Saturday, 05 December 2015 10:14 AM

වෙනස මාරයි නේද.? (ර)

:       0       0

රිෂාන් Saturday, 05 December 2015 10:23 AM

වෙනස මාරයි නේද? (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 December 2015 04:03 AM

පිපාසයට ජලය ළඟදීම ලැබෙයි කියා අපිට සිතෙනවා. (නි)

:       0       0

ශාන් සෞදි Wednesday, 02 December 2015 04:25 AM

තොපේ විනාශයත් දෙමළ ඊළමයි (බ)

:       0       0

වෙල්ගම Wednesday, 02 December 2015 04:29 AM

සංහිඳියාව (බ)

:       0       0

කාර්තික් Saturday, 05 December 2015 03:23 PM

මේක තමා වෙනස. ඒක හොඳද? (නි)

:       0       0

රූපසිරි Friday, 04 December 2015 08:48 PM

රාජපක්ෂ මහතා නැති පාඩුව! (නි)

:       0       0

කවින්ද Tuesday, 01 December 2015 05:26 AM

මගේ හිතට නම් බයයි (නි)

:       0       0

නුවන් Saturday, 05 December 2015 03:44 PM

එල්ටීටීඊ ය පටන් ගත්තෙත් ඔහොම පොඩියට තමා. මේ ආරම්භය. මේ යන තාලෙට යුද්ධයක ආරම්භයක් තමයි මේ. අලිමංකඩට අල්ලා ගත්තාම පාමංකඩ අල්ලාගත්තා කියපු අය, ඊළම කරද්දී එහෙම නැහැ කියන එක අහන්න දෙයක්ද? යුද්ධය අමතක අය ඉන්නවා නම් ආයෙත් මතක් කරගන්න කාලය ළඟදීම එයි. රණවිරුවන්ගේ අගවයත් එතකොට දැනෙයි (නි)

:       0       0

එම්. අමීන් Tuesday, 01 December 2015 05:35 AM

සමහරුන්ගේ ඒකායන පැතුම රටේ නැවතත් යුද්ධයක් ඇතිවීමයි. මහවිරු සැමරුමට අඩු පිරිසක් ආවා කියන එකත් ඔවුන්ට දුකට කාරණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 20 0

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 22 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 45 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 24 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 62 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 357 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 899 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 227 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1279 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site