(කාංචන කුමාර ආරියදාස)
දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකුට ඇතිවූ කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වී සිටියි .
මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි. මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටියි .

කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කළ ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුළදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආබාධයකට ලක්ව ඇත. වසර ගණනාවක් විවිධ රට වලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇත . ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න ඇතිවී තිබේ .
ඩුබායි හිදී ශ්‍රි ලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වා ඇත .
ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලා ගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් 17 වැනි දා ලංකාවේ හොරිවිලට පැමිණ ඇත .
තමන් පත්ව ඇති තත්වයත් රෝගී තත්වයත් මුදල් නොමැති කමත් ගැන ඔහු වේද මහතාට දැනුම්දී දවසේ පැය 24 පුරා විදින වේදනාව දැනුම්දී රෝගී තත්වය සුව කර දෙන්නැයි ඉල්ලා ඇත .
මේ රෝගියාගේ අවංක උත්සය අවංක භාවය මෙන්ම ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා ලොව ප්‍රබල රටවලින් ප්‍රතිකාර ලබා සේසතම අහිමි කරගත් ඔහුට හොරිවිල වෙදගෙදර නේවාසිකව ප්‍රතිකාර කිරීම ශාන්ත සෙනවිරත්න වෙද මහතා ආරම්භ කර තිබේ .
ප්‍රතිකාර වලට මසක් ගතවෙද්දී ජස්ටින් වසර ගණනාවක සිට පැවතී වේදනාව සුව වී මානසික තත්වය සුව අතට පත්වෙමින් සිටියි. ලංකාවේ පාරම්පරික වෙදකම ගැනත් ජනතාවගේ ඇති ගතිගුණ ගැනත් ජස්ටින් ඉතා සතුටින් කියයි .

"මට දැන් ගොඩක් සුවයි ,ඇත්තටම මම හිතාගෙන හිටියේ ජිවිතයෙන් පවා සමු ගනිවී කියල මම බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා ."
මම සදාකාලිකව වේදමහතාට වගේම ලංකාවේ මිනිස්සුන්ට ණයයි . ලංකාවේ ජනතාව වගේ මිනිස්කම හඳුනන අනුන්ට උපකාර කරන පිරිස මට හමුවෙලා නෑ . මට නවාතැන් ,ආහාර ප්‍රතිකාර විතරක් නොවේ මානසික සුවය ලබාදුන්නා .තව දින කීපයකින් මම ලංකාවෙන් යනවා හැබැයි මම ලංකාව අමතක කරන්නේ නැහැ "
මේ වේද මැදුරේ ඉන්නකොට මම වැවේ නාන්න ගිහින් පාදයේ තුවාලයක් හැදිලා මම හබරණ දඹුල්ල රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා .ඒ රෝහල් වලදී කාර්ය මණ්ඩලය දොස්තරවරු . පුදුම කරුණාවන්ත පිරිසක් ,වේද මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඇවිත් සිටිය රෝගීන් මට නෑදෑයන්ට වඩා උදව් කළා ."
"මම සල්ලි නැතිව ලෙඩේ සුවකරගන්න මානසිකත්වයෙන් වෙනත් රටකට ඇවිල්ලා මේ ආකාරයෙන් සුවය ලබයි කියලා කියන එක මට තවමත් හීනයක් .හොරිවිල වෙදමහතා ලෝකේ ඉන්න දෙවි කෙනක් කියලයි මට හිතෙන්නේ ."
"දකුණු අප්‍රිකාව මගේ මව් රටේ සුදු හම කළු හම නිසා වර්ගවාදීව අපිව විනාශ කරනකොට අපට අඩුම තරමේ රස්සාවක් හෝ නොදෙන අවස්ථාවක නාදුනන රටක මිනිස්සු මට කල සැළකිලි ගැන ලෝකයටම ආඩම්බරයි .මම ලංකාවෙන් ගියත් හැම නිවාඩුවකටම මගේ දෙමාපියන් බලන්න වගේ එනවා වෙදමහතා බලන්න ."
මම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔබලා අහන්න ලංකාවේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම නම කියන්නම් විස්තර කියන්නම් ඒ නිසා තමයි මට විශ්වාසයක් තිබුණේ සල්ලි නැතිව හරි මට ලංකාවේ අයවලුන් පිහිට වෙයි කියලා .එක අතකින් මම සතුටු වෙනවා මගේ චින්තනය හරි කියලා ,මම ඉදිරියේදී සොයා බලනවා මගේ ජිවිතයේ ඉතිරි කාලය ලංකාවේ පදිංචිවෙලා ගෙවලා දාන්න .වගේම මගේ කුමන හෝ දක්ෂතාවයකින් මේ රටට සේවයක් කරන්න .එක කාලගුණ සැලකීමක් කියල මම හිතන්නේ ."
හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉතාම කෙටියෙන් තමන් කළ සේවය ගැන මෙසේ කිවේය ."අපේ පරම්පරාවේ පිරිස සල්ලි බලාගෙන වෙදකම් කලේ නැහැ .බුලත් අතට වෙදකම් කලේ .මට මේ සුදු මහතා එක ලෙඩෙක් විතරයි .මම ඔහුට නවාතැන් ආහාර ලබාදී සුව කළා .එක මගේ දෙමාපියන්ට පින් අත්වෙන්න කළා ."

COMMENTS
අපිට ලොකු ආඩම්බරයක් පිටරැටියකුට අපේම කෙනෙක් කරන ලද ප්‍රතිකාරය නිසා සුවය ලැබීම ගැන. සියලුම දෙනා මෙවන් වෙදමහතුන් අගය කල යුතුයි. වෙදමහතාණනි ඔබට සියලු කටයුතු සාර්ථක වන්නට සුභාසිංසන කරනවා.
ඔබතුමා පියතුමා වගේම නොමිලයේ බෙහෙත් කරනවා. බොහොම පින්
වෛද්‍යතුමනි, ඔබ දෙවියෙක්... ආඩම්බරයි ඔබ ගැන අපිට... දීර්ඝායූ ඔබ තුමාට....
මිනිස්කම නැතිවී යන සමාජයක දෙවිවරුන් වැනි මිනිසුන් සියල්ලන්ටම ආදර්ශයකි.
ඒ විතරක් නෙමෙයි වෙදගම අහල පහල ගම් වල ඉන්න අයගෙන් මෙතුමා මුදලක් අය කරන්නෙත් නෑ. මම වෙදගමට ලගම ඉන්න හින්ද ඒ ගැන හොදින්ම දන්නව.
මෙයාට බෙල්ලේ අමාරුව හැදිලා තියෙන්න බෙල්ල නවාගෙන ෆේස් බුක් ලොග් වෙලා ඉඳල වෙන්න ඇති. පේනවනේ ෆොටෝ එක.
මම අත්දැකීමෙන් කියන්නේ මිහිපිට වැඩසිටින ජීවමාන දෙවියෙක්... ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා !!!
සැබෑවට උතුම් සිංහලයෝ ඉදල හිටල තවමත් ඉන්නව රටට ජාතියට සැබෑ ගෞරවයක් වෙද මහත්මයාට නිදුක් නීරෝගී දීර්ග ආයුෂ පතමු
වෙද මහත්තයාගේ ලිපිනය දෙන්න
ඔන්න වෙද්දු තමුන්ගෙන් ලෝකෙට වෙන්න ඕනදේ කරනවා මිසක් ලෝකෙන් තමුන්ට කිසි දෙයක් බලාපොරොත්තුවෙන්නේ නෑ. SITEM වලට විරුද්දව වර්ජනත්න නෑ. වැටුප් ඉල්ලලා උද්ගොසනත් නෑ . ළමයි රෝයල් එකට දාලාදෙන්න කියල වර්ජනත් නෑ
කරුණාකර මට මෙම වෙද මහත්මයා සම්බන්ද කර ගැනීමට තොරතුරු මගේ e mail එකට දාන්න .
මේ වෙද මහතා කොළඹ ආමර්වීදියත්, කොටහේනත් අතර ඇති කෝපරේටිව් හොස්පිට්ල් එකටත් එනවා....
උපතින් ලැබූ හැකියාවන් දියුණුකර.. වෛද්‍ය දක්ෂතා පෙන්නා පෙර අපර.. දුක්විඳි ලෙඩුන් සුවකරමින් මවිතකර.. අගයමු ඔබේ සේවය අපි දහස් වර....
නියම වේද මහතෙක් මුදල් වලට පමණක් මුල් තැන දෙන කලෙක ඔබගේ ක්‍රියාව අගය කරනවා...
මෙතුමාගේ පුතාට ඇඳුම් කඩයක් තියෙනවා නේද?