IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අනතුර සහමුලින්ම අවසන්යයි සිතනු එපා


කොරෝනා වයිරසය ආසාදනය වූවන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග යාපනයේ තිරුනෙල්වෙලි හා පාට්පන්නෙයි ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි සඳහන් පුවතක් අප පුවත් පත ඊයේ වාර්තා කළේය. එමෙන්ම යාපනයේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් යාපනය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් 29 වැනිදා සිට සතියක කාලයක් වසා දැමුණු බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. අප පුවත් පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ යාපනයේ ප්‍රදේශ අටකින් කොරෝනා ආසාදිතයන් 88 දෙනකු හඳුනා ගෙන ඇති බවය.

යාපනයේ තත්ත්වය බැරෑරුම් බව ඉඳුරාම පැහැදිලිය. එමෙන්ම අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු පොලිසිය තාවකාලිකව වසා දමා ඇති බවයි. එම පොලිසියේ 110 දෙනකු පමණ පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

එළැඹෙමින් තිබෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වේ. එනම් උත්සව සමය වේ. එමෙන්ම දිවයිනේ සියලුම පාසල් මේ වන විට විවෘත කර තිබේ. එය එක් අතකින් යහපත් ප්‍රවණතාවකි. කො​රෝනා උවදුර අභිමුව වුවද රට පෙරට යා යුතුය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත්ව පවත්වාගෙන යා යුතුය. එමෙන්ම උවදුර එම උවදුරට අදාළ බරින්ම හඳුනා ගනිමින් කටයුතු කිරීම සියලු පුරවැසියන්ගේ වගකීමකි.

ඇතැමකුගේ හැසිරීම් දෙස බලන විට එම හැසිරීම් සමාන වන්නේ කොරෝනා වයිරසය ලොව හඳුනා ගැනීමට පෙර තිබු හැසිරීම් රටාවටය. එපමණටම එම හැසිරීම් වගකීම් විරහිතය. සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරන්නේ සංචරණ සීමාවන්ට යටත්ව මීටරයේ පරතරය තබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවයි. එහෙත් ඇතැමකුට එම උපදෙස් සම්බන්ධයෙන් වගේ වගක් නොමැති සේය. අපට ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වන්නේ යාපනය දෙස බලන මෙන්ය. තිස්සමහාරාම පොලිසිය දෙස බලන මෙන්ය.

ඉකුත් 28 වැනිදා මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 237 කි. එම සංඛ්‍යාවත් සමග කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 92076 දක්වා ඉහළ ගියේය. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහානුභාව සම්පන්න හැකියාව නිසාම ඉහත ආසාදිතයන්ගෙන් 88623 දෙනකු නිරෝග සුවය ලබා ඇත. රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2825 කි.

මෙම සංඛ්‍යා ලේඛන එක් අතකින් සැනසිලි දායකය. එහෙත් මෙම සැනසිලිදායක තත්ත්වය අතිශයින්ම භයානක තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිය. එය තීරණය කරනු ලබන්නේ මෙරට මහ ජනතාවය.
කොරෝනා වසංගතය යම්තාක් දුරකට සැනසිලිදායක මට්ටමින් පාලනය කර ගැනීමට හැකි වූයේ අවශ්‍ය තීන්දු තීරණ අවශ්‍ය අවස්ථාවල දී ගත් හෙයිනි. එමෙන්ම ඕනෑම තීන්දුවක් ගැනීමේ වගකීම සෞඛ්‍ය විශේෂඥයන්ට යටත් කෙරිණි. එමෙන්ම පොදුවේ ගත් කල්හි මහජනතාව තමන්ගේ වගකීම මනා ලෙස ඉටු කළහ. බොහෝ දුෂ්කරතා මැද වුවද රට ගැන සිතා තමන් ගැන සිතා තම පවුලේ සමීපතමයන් ගැන සිතා කටයුතු කළහ. රට විශාලා මහ නුවරක් නොවී බේරුණේ ඒ ආනුභාවයෙනි. රටේ හෙට දවස තීරණය වන්නේ ද එම ජනතා හැසිරීම මතය. ඇතැමකුට අනුව රටේ දැන් පවතින්නේ ඉතා සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එය යථාර්ථය නොවේ. කොරෝනා යනු වයිරසයකි. එමෙන්ම වේගයෙන් පැතිර යන්නකි. එක් ආසාදිතයකුට මුළු රටම ලෙඩ කිරීමේ හැකියාව තිබේ. දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර යන පොකුරු වලින් පමණක් හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 87397 කි. කොරෝනා පොකුරුවල භයානකකම එමගින් මනාව පැහැදිලි වේ.

මතුපිටින් පෙනෙන සාමාන්‍ය තත්ත්වය එක්වරම වෙනස් වී යා හැකිය. කොරෝනා වයිරසය මෙරටින් තුරන් වී ඇතැයි සිතමින් සිටි සමයේ දී එක්වරම දිවුලපිටිය කොරෝනා පොකුර බිහි විය. තමන් වැටී සිටි මුළාවේ තරම ජනයාට දැන ගැනීමට ලැබුණේ ඉන් පසුවය. මෙරටින් කොරෝනා වයිරසය තුරන් කළ දැමුණාද අප රට එම සැහැසි ග්‍රහණයෙන් මිදුණේ යැයි අපට සහතිකයක් නැත. මන්දයත් මෙය ලෝක වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති හෙයිනි. එහෙයින් වඩාත් බුද්ධිමත්ව, වගකීමෙන් හා පරෙස්සමෙන් කටයුතු කළ යුතුය.

2020 වසරේ අලුත් අවුරුද්ද අපට සැමරීමට සිදු වූයේ මුළු රටම හුදකලා කර තිබු සමයකදීය. ඉතිහාසයේ මෙතෙක් හමු නොවු දවස් ගෙවා දමමින් සිටි එදවස සියල්ලන්ගේම ප්‍රාර්ථනය වූයේ මේ සැහැසි ඉරණමෙන් ගැලවුණු රටකි. එම රට සෙමින් සෙමින් මතු වෙමින් තිබේ. සියල්ල සම්පූර්ණ වීමට තව දවස් ගෙවා දැමිය යුතුය. එතෙක් වගකීමෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි.


(***)



අදහස් (1)

අනතුර සහමුලින්ම අවසන්යයි සිතනු එපා

පිටරැටියා Tuesday, 30 March 2021 07:12 PM

කොරෝනා තුන්වැනි රැල්ලත් ඇවිල්ලා... කාලි අම්මා, රාවණා සුදර්ශන පැණිය බීවොත් බඩුම තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1334 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1250 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 459 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site