IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


අධ්‍යාපන පීඨ ගුරු සිසු ආහාර වේල ගැන යළි යළිත් සිතමු

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්පත වාර්තා කළේය. දිනකට එක් සිසුවකු සඳහා රජයෙන් වෙන් වී ඇති මුදල රුපියල් පනස් තුනක් වීම නිසා මෙම ගැටලුව මතු වී ඇති බවත් මේ වන විට පරිශ්‍රයේ කොස් ගස්වල ගෙඩි කඩා පිස ගෙන ඔවුන්ට කුසගින්න නිවා ගැනීමට සිදුවී ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.

මෙරට විද්‍යාපීඨ ආරම්භ වූයේ 1985 වසරේදීය. විද්‍යායතන පනත අනුව ඒවා පිහිටවනු ලැබිණි. මහවැලි පස්දුන් රට සියනෑ යාපනය  මඩකලපුව හාපිටිගම වයඹ නිල්වලා රුහුණු ඇතුළු විද්‍යා පීඨ දහනමයක් මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

මේ වන විට මේවායේ  පාලනයත් යටිතල පහසුකම් සංවර්ධනයත් සිදු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යා පීඨ කොමසාරිස් යටතේ ඇති විද්‍යා පීඨ ශාඛාවෙනි. ජාතික අධ්‍යාපන පීඨවල කළමනාකරණ කටයුතු මෙහෙයවීම භාර වන්නේ අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාවටමය.

අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාවේ දැක්ම වන්නේ සෑම දරුවකුටම  ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වෘත්තිය නිපුණතා වලින් සන්නද්ධ ගුරුවරයකු පාසල් පද්ධතියට බිහි කිරීමයි. එහි මෙහෙවර ප්‍රකාශයේ දැක්වෙන්නේ වෘත්තීය නිපුණතා වලින් සන්නද්ධ ගුරුවරයකු පාසල් පද්ධතියට බිහි කිරීම සඳහා ජාතික අධ්‍යාපන  විද්‍යා පීඨ මෙහෙයවීමයි.

ගුරු සිසුනට පූර්ණ නේවාසික පහසුකම් හා ආහාර සැපයීම වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරන බවත් එක් අවුරුද්දක සීමාවාසී ගුරු පුහුණුව ලබන ගුරු ශිෂ්‍යයන් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් රජය මගින් ලබාදෙන බවත් 2019 වසරේ සටහනක දැක්වේ.

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ උදාරතර අරමුණෙන් ගුරු සේවාව පුහුණු වන සිසුන් නිසි පෝෂණය නොලබා කුසගින්නේ කටයුතු කරන බව ඉහත පුවතින් අනාවරණය වේ. නිසි පෝෂණය නොලැබීම නිසා ප්‍රතිශක්තිකරණය දුර්වලව ගොස් ඔවුන් රෝගාතුර වී ඇති බව ද එයින් හෙළිදරව් වේ.

දිනකට ඔවුන්ගේ ආහාර සඳහා වෙන්ව ඇති මුදල රුපියල් පනස් තුනක් යන්න ඉමහත් විමතියක් හා සංවේගයක් දනවන ආරංචියකි. රුපියල් 53කට දිනක ආහාර වේල සපයා ගැනීමට තබා රොටියක් කන්නටවත්  ප්‍රමාණවත්  නොවන මුදලක්ය යන්න අමුතුවෙන් කිව යුතු නැත. අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන ලෙස කරන ඉල්ලීම දැන්  දශකයකටත් වඩා කාලයක් තිස්සේ විද්වතුන් විසින් කරන ඉල්ලීමකි. 2023 අයවැයෙන් ද එම ඉල්ලීම ඉටු වී නැත.

විෂය හදාරන පාසල් සිසුවාට මෙන්ම ගුරු සිසුවාට ද ප්‍රමාණවත් ආහාර නොලැබීමෙන් සිදුවන්නේ ධාරණ ශක්තිය හීන වී යාමකි. කුසගින්නේ විෂය හැදෑරීම සඳහා අවශ්‍ය අවධානය තබාගත නොහැකිය. ගුරු සිසුනට ගස් නැග කොස් කඩා එදිනෙදා වේල සපයා ගැනීමට සිදු වීමේ අවාසනාව පිළිබඳව ඔවුන්ගේ පාලනය භාර අධ්‍යාපන විද්‍යා පීඨ ශාඛාව ලජ්ජාවට පත්විය යුතුය. කුසගින්නේ ගස් ගෙඩි කඩන පිරිසක් සමඟ ඔවුන්ගේ දැක්ම හා මෙහෙවර කෙසේ සාර්ථක  කරගන්න ද?

ගුරු සිසුන්ගේ විෂය මාලා සම්බන්ධ වෙනස් කිරීම් කිරීමට පෙර ඔහුගේ කුසගින්න නිවා දැමීම ඉතා වැදගත්ය. ඔවුන්ට වැළඳී ඇත්තේ  රෝග අතුරින් දරුණුම රෝගයයි.

ගුරු සිසුන්ගේ මූලික ප්‍රශ්නය විසඳීමකින් තොරව අධ්‍යපන කටයුතු දිගටම කරගෙන යාමෙන් සිදුවන්නේ එක් අතකින් සම්පත් නාස්තියකි. උගන්වන දේ ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය පිරිහී ගිය අයට ඉගැන්වීමෙන් සිදුවන්නේ, අපතේ යන දේශන හා  අධ්‍යාපන ක්‍රියාකාරකම් උදෙසා නිරපරාදේ මුදල් වැය වැය කිරීමකි.

පස්දුන් රට විද්‍යා පීඨය, විද්‍යාපීඨ දහනවයෙන් එකක් වන නිසා අනෙකුත් විද්‍යා පීඨවල  සිසුන්ගේ තත්ත්වය විමසා බැලීමට  වගකිවයුත්තන්  මේ අවස්ථාවේ දී උත්සුක විය යුතුය. මෙය මතු පරපුරේ අධ්‍යාපනයට පවා වක්‍රව බලපාන ගැටලු‍වක් බැවින් වගකිවයුත්තන් කඩිනමින් මෙම ප්‍රශ්නයට මැදිහත් වී සිසුන්ගේ මූලික ආහාර අවශ්‍යතා පිරිමසාලීම මුලින්ම කළ යුතුය.

(***)



අදහස් (4)

අධ්‍යාපන පීඨ ගුරු සිසු ආහාර වේල ගැන යළි යළිත් සිතමු

Ravindu Thursday, 01 June 2023 03:10 PM

ඕකේ, ඉස්සර හිටියා සෙනෙවිරත්න කියලා කෙනෙක්... ළමයින්ගේ කෑමට පාස් වෙන ගානෙන් ඉතුරුකරලා food pack කියලා එකක් දුන්නා. ඒක ගන්න ඕන වැඳලා... හරියට එයාගේ අම්මගෙ බූදලෙන් සල්ලි පාස් කරලා වගේ. එතකොට චන්ද්‍රදාස, ෆොන්සේකා ගෑනු පෙරේතයින් දෙන්නා තාම ඉන්නවාද යහතින්?

:       0       0

L.G.K.Liyanage Thursday, 01 June 2023 07:34 PM

ඉතා වටිනා ඉදිරිපත් කිරීමක් වේ. කාලෝචිත ගැටලුවක්... පුලතිසිපුර විද්‍යාපීඨය ද ඔයා හා සමාන තත්වයකට මුහුණ දී ඇත. අනිවාර්යයෙන්ම අවධානය යොමුකළ යුතු ගැටලුවකි.

:       0       3

Ana Thursday, 01 June 2023 10:08 PM

මෙයට වසර 30 කට පෙර මා විද්‍යපීඨ ශිෂ්‍යයකු ලෙස මසකට රු 1000ක මුදලකට සෑම වේලකටම මස් හෝ මාලු සමග හොඳ කෑමවේල් තුනක් ලැබුණා. ෆුඩ් කොමිටිය කළේ ශිෂ්‍යයින්මයි...

:       0       2

sam Friday, 02 June 2023 03:29 PM

රුපියල් පනස් තුනකින් දවසක ආහාර සපයා ගන්න පුළුවන්. බොරු නම් බන්දුල ගුණවර්ධන වගේ උගතෙකුගෙන් අහලා බලන්න. හතර දෙනෙකුගේ පවුලට මාසික වියදම රු. 2500යි. එක් අයෙකුට දිනකට වියදම, (2500/30)/4 = 20.83. හරි නම් මේ කියන රුපියල් 53, රුපියල් විස්සකට අඩු කරන්න ඕනෑ..

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නවක ලේඛකයන්ට නිසි මපෙන්වීමක් නෑ
2023 සැප්තැම්බර් මස 26 35 0

‘මගේ මතක’ ඔබේ චරිතාපදානය කෘතියයි. ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් සමඟ මෙවන් චරිතාපදානයක් පළකිරීමට කල්පනා කළේ ඇයි?


උගතුන් උපන් රට හැරයෑම
2023 සැප්තැම්බර් මස 26 157 0

විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බු


නිලධාරි පෙළන්තියේ නිල රථ ගායට බෙහෙත් දෙමු
2023 සැප්තැම්බර් මස 26 287 0

මේ රටේ නිල රථ සම්බන්ධ අපූරු කතාවක් පසුගිය දිනෙක වාර්තා වූයේය. බුද්ධි අංශ මගින් මේ සම්බන්ධයෙන් රජයට ලබාදුන් වාර්තාවක සඳහන් වී ඇත්තේ නිල රථ දෙදහසකට ආසන්


අපනයන ආදායම් නැංවීමේ ක්‍රමවේද ඕනෑ
2023 සැප්තැම්බර් මස 25 130 1

උද්ගත වූ ආර්ථික අර්බුදයට මේ වන විට වසරක් ඉක්ම වූ කාලයක් ගතව තිබේ. එම අර්බුදය පැතිකඩ කිහිපයකින් සමන්විත වේ. ඩොලර් හිඟය, රුපියල් හිඟය සහ ණය අර්බුදය වශයෙන්


සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා
2023 සැප්තැම්බර් මස 25 171 0

බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනා


උතුරේ දකුණේ සැමරීම්
2023 සැප්තැම්බර් මස 23 521 0

වසර 36කට පෙර 1987 සැප්තැම්බර් 26 වැනිදා දින 12ක මාරාන්තික උපවාසයකින් පසු මියගිය කොටි සංවිධානයේ එවක යාපනයේ දේශපාලන අංශ ප්‍රධානියා වූ රාසයියා පාර්තිපන් හෙවත්


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1763 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site