IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති. 

ලෝ සුප්‍රකට ලංකාවේ  සුන්දර ගමනාන්තයක් වන ලෝකාන්තයේ සිට බැලූ විට පෙනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7,000 ක් උස වතු ජනාවාසය මෙය වෙයි. මෙහි පවුල් තිස් හයක් පමණ පදිංචිව සිටිති. ඔවුන් සිය දෛනික කටයුතු සඳහා යා යුතු ආසන්නතම ප්‍රධාන නගරය වනුයේ කිලෝමීටර් 40 කට ආසන්න දුරක් පවතින බලංගොඩ නගරය වේ. 

බලන්ගොඩ සිට ධාවනය වන එකම බස් රථය නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය දක්වා දිනකට  ධාවනය වන්නේ ගමන් වාර තුනකි. බලන්ගොඩින් පස්වරු 1.00 න් පසුව ගම්මානයට යා හැකි බස් රථයක් නොවේ. 

නැග්රැග් ගම්මානය ඇතුලු තේ කර්මාන්ත ශාලාව වටා පවතින ගම්මාන කීපය සඳහා පවතින එකම විද්‍යාලය විවේකානන්ද විද්‍යාලයයි. එහි ගමන් දුෂ්කරතාවය සලකා බැලීමෙන් පසුව සබරගමු පළාත් සභාව විසින් පාසල තුළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකර ඇත. ගමන් අපහසුතාව නිසා එම වතු නිවාස දරුවන් සඳුදා සිට සිකුරාදා දක්වා පාසලේ නේවාසිකාගාරයේ නවතින බව දෙමව්පියෝ පවසති. එසේ නැතහොත් දිනකට කිලෝමීටර් අටකට වැඩි දුරක් මෙම දරුවන්  පයින් ගමන් කළ යුතුය. 

වයස අවුරුදු 13 ට වැඩි දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන බවත් නේවාසිකාගාර පාලක නිවාඩු ගතහොත් ඒ සඳහා වැඩ ආවරණයට කිසිවෙකු නොමැති බවත් දෙමව්පියෝ පවසති. මේ සම්බන්ධව වැඩිදුර  තොරතුරු සඳහා විදුහල්පතිවරයාගෙන් විමසීමක් කලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.

නැග්රැග් වැසියන්ගේ  සෞඛ්‍ය කටයුතු සඳහා 2015 වර්ෂයේදී සබරගමුව පළාත් සභාව මගින් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එහි සේවාව එම වර්ෂයේ මාස කීපයකට සීමා වූ බවද  පවසති. එම සෞඛ්‍ය මධ්‍යස්ථානය 2015 සිට මේ වනතුරුම වසා දමා ඇත. 

කිසිවකු අසනීප වූ විට කිලෝ මීටර 20 කට ආසන්න දුරක් පැමිණ පඹහින්න රෝහලට හෝ කිලෝ මීටර 36 ක් දුරින් පිහිටි බලංගොඩ මූලික රෝහලට පැමිණිය යුතුය.  එබැවින් මෙම ගම්මානය සඳහා ගමනාගමන සහ අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් සලසා දෙන මෙන් ගම්වැසියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම ගම්මානයේ ගමන් බිමන් පා ගමනටම සීමා වේ. 

අති දුෂ්කර මාර්ගයක් වන මෙම නන්පේරියල් මාර්ගයේ මීට පෙර තේ කර්මාන්ත ශාලාව දක්වා ධාවනය වූ බස් රථය මාර් ගය අබලන් වීමත් සමඟම විවේකානන්ද විද්‍යාලය දක්වා පමණක් ධාවනය වේ. එතැන් සිට කිලෝමීටර් අටක් පමණ දුර මේ ගම්වැසියන් පයින් යා යුතුවේ. 

සුප්‍රසිද්ධ බේකර් ස් වංගුව පිහිටියේද මෙම මාර් ගයේ වන අතර  ඒ සඳහා බලන්ගොඩ වැවිලි සමාගම තේ කර්මාන්ත ශාලාව අසලින් ඉදිරියට යන්නේ නම් මාර්ගයේ ගමන් කරනවාට මුදලක් අය කරනු ලබයි. එසේ වුවද සබරගමුව පළාත් සභාව විසින් වරින් වර මාර් ගය ප්‍රතිසංස්කරණය සිදුකොට ඇතත් මේ වන විට වන විට ඉතාම අබලන් තත්ත්වයේ පවතින බව දැක ගත හැකිය.

මෙය සමාගම සතු පාරක්ද නොමැති නම් රජය සතු මාර් ගයක් ද යන්න රජයසතු ඉඩම් බදුක්‍රමය යටතේ ලබාගෙන ඇතිද යන්න අනාවරණය කර ගතයුතුව ඇත. වැවිලි සමාගමට අයිතිවේ නම් පළාත්සභාව මාර් ග ප්‍රතිසංස්කරණය  කර ඇත් නම් ඊට මුදල් සමාගම මුදල් අයකරන්නේ කෙසේද යන්න නොවිසඳුණු ගැටලුවකි.  

සමාගමේ ඉහළ කළමනාකාරිත්වය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් ඔවුන් විසින් ලබාදෙන දුරකථන අංක සක්‍රීය තත්වයේ නැත. මේ සම්බන්ධව සබරගමුව පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසූවේ පළාත් සභාව විසින් මාර් ගය ප්‍රතිසංස්කරණය කර ඇති නම් ඒ සඳහා මුදල් අය කිරීම කළ නොහැකි බවයි. නන්පේරියල් තේකර්මාන්ත ශාලාවේ සිට බේකර් ස් බෙන්ඩ් දක්වා ආසන්න වශයෙන් කි.මි. 4 ක දුරක් වෙනුවෙන් මෙම මුදල් අයකරනු ලබයි.

සමාගම බේකර්ස් බෙන්ඩ් නැරඹීම සඳහා ආරම්භයේදී  ජීප් රියක් හෝ සෆාරි රියකට රැපියල් පන්දහසක් අයකළ  බවද ඒ වන විට රිසිට් පතක් ලබා දී නොමැති බවද  විධිමත් භාවයකින් තොරව කටයුතු සිදුවූ බවද අනාවරණය විය. කෙසේ වෙතත් මේ වනවිට රිසිට් පතක් නිකුත්කරනු ලබන අතර එවැනි රථයක් සඳහා රුපියල් 1500 ක්ද එක් මගියෙක් සඳහා රුපියක් සීය බැගින් අමතර මුදලක් ද අයකරයි. යතුරුපැදියක් සඳහා රුපියල් පන්සීයක්ද, ත්‍රිරෝද රියකට රුපියල් 250 ක් ද අයකරන බැව් අනාවරණය විය.  දේශිය සංචාරකයින් වැඩිපිරිසක් සතිඅන්ත හා නිවාඩු දිනයන්හි මෙහි පිවිසෙන අතර ඒ සඳහා ප්‍රවාහන සේවා සපයන පිරිසක් ද මේ වන විට වෘත්තීයක් ලෙස යෙදෙමින් සිටියි. සමාගමෙන් අයකරන මුදල රථයටත් මගීන්ටත් සහනයක් සලසන්නේ නම් සැමට සහනයක් වී සංචාරකයන් වැඩි වීම සිදුවනු ඇතැයිද එවැනි සේවා සපයන්නෙක් පැවසීය.

බේකර් ස් වංගුව දක්වා මාර්ගය සංවර්ධනය කර, මීට පෙර ලෝකාන්තය වෙත පාගමනින්  පිවසීමට හැකිව තිබූ කිලෝමීටර් 2 ක දුර ගමන්මග තහනම් කර අති අතර  මේ සඳහා පිවිසීමේ අවසර පතක් ලබාදී පා ගමනින් ලෝකන්තයට පිවිසීමට  මග විවර කළ හැකි නම් සංචාරක ප්‍රවර්ධනයක් සිදු කළ හැකි බවද  ඇතැමෙක් පවසති.

මීට පෙර සබරගමුව පළාත්සභාව හා වැවිලි සමාගම අතර සාකච්චා වට කීපයක් පැවති අතර බෙලිහුල්ඔය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී නැග්රැග් සිට පහල ඈතින් පෙනෙන සමනලවැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක්  පිළිබඳවද සාකච්ඡා කෙරුණි.

ජනතාවගේ පොදුපහසුකම් මෙන්ම සංචාරක ආකර්ශණය දිනු පාරිසරික පද්ධතිය රැකීම හා  සංචාරක ප්‍රවර්ධනය මෙන්ම දැනට පවතින තත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

කි.මි. 8 ක් පයින් පාසල් යන දරුවෝ

 

අඩි 5000 උස  බේකර්ස් වංගුවේ සිට සමනලවැව දිස්වෙන අයුරු

 

වසා දැමූ නැග්රැග් සෞඛ්‍ය මධ්‍යස්ථානය

 

විවේකානන්ද විද්‍යාලය

 



අදහස් (4)

අඩි 7000 උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ

Noni Tuesday, 05 November 2024 06:48 AM

මේ වතු සමාගම මේ පාරට මුදල් අය කිරීම නීතිවිරෝධී වෙන්න පුළුවන් . ඒ වගේම ඔවුන් සිය සේවකයන්ට අවම පහසුකම් සැපයීම ගැන ඔය කඳුරට වතුවල දේශපාලනය කරන වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ සොයා බලන්නේ නැත්තේ ඇයි. මෙච්චර කල් මොකද කරේ. ඔය තත්ත්වය ගොඩක් වතුවල තිබෙනවා. අලුත් ආණ්ඩුව ආවාම වත් ඔය වතු කම්කරුවන්ගේ අවම පහසුකම් ගැන නීති ගේන්න. තොණ්ඩමන් සහ ඒ වගේ අනිකුත් අවස්ථාවාදී උඩරට දේශපාලන පක්ෂ නායකයන්ට රැවටෙන්න එපා.

:       0       0

Upul Ranjith Tuesday, 05 November 2024 07:14 PM

ඇත්තටම මේ වගේ ගම්වල ජිවත් වෙන මිනිස්සු හරිම අමිහිරි අත්දැකිම් මැද ජීවත් වෙන මිනිස්සු. ඔවුන්ගේ ජිවිතේ සැප පහසුකම් වලින් සපුරාලීමට අලුත් ආණ්ඩුවේ අවදානය යොමුකරන්න ඔබ කරන සේවය ඉතාම උසස්.

:       1       15

Ranga Thursday, 07 November 2024 01:32 PM

වතු සමාගම් වලට හිතූ හිතූ ගණන් ගෙවලා නග්රැක් බලන්න යන්න වෙලා තියෙනවා. සංචාරකයන්ට මිනිස්සුන්ට නිදහසේ ඇවිදලා කියලා එන්න පුලුවන් පරිසරයක් හදපල්ලා ඉස්සෙල්ලා. මේවා වතු සමාගම් වලට බදු දුන්නාට අයිතිය තියෙන්නේ මහජනතාවට.

:       0       9

chandima Wednesday, 13 November 2024 01:24 AM

ගෙවල් හදලා දීලා වත්ත පහළට ගෙනෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 87 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 73 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 242 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 29 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 508 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 251 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site