IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අඟහිඟකම් නිසා දරු පැටියා බලාගන්න සැමියාගේ ඥාතියකුට දුන්නා

NI-NALAGENA_P23 

 

නිරෝෂා විමලරත්න කියන කාන්තාව ගැන කියන්න දන්නවාද කියා යමෙක් ඇසුවොත්, අනේ එහෙම කෙනෙක් ගැන කියන්න දන්නේ නැහැනේ කියා එක්වරම ඔබ පිළිතුරු දෙනවා නොඅනුමානය.


නයි නළඟන කියන කෙනා ගැන දන්නවාද කියා ඇසුවොත් අපොයි ඔව් අර නාගෙයක් එක්ක ඩාන්ස් කරපු ලස්සන කෙල්ලනේ. එයා ගැන නම් දන්නවා යැයි පිළිතුරු දෙන බව නම් අප හොඳාකාරවම දන්නෙමු.


නයි නළඟන කියන නම පට බැඳී ඇත්තේ වෙන කාටවත් නොව නිරෝෂා විමලරත්

s

දරුවා සහ සැමියා පොලිසියේදී

නටය. එහෙත් ගොඩක් දෙනෙක් ඇය හඳුනන්නේ නිරෝෂා විමලරත්න කියන නමට වඩා නයි නළඟන කියන නමින්ය.


නයෙක් සමග කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවක නැටුම් ඉදිරිපත් කිරීම නිසා නයි නළඟන ලෙස ප‍්‍රසිද්ධියට පත්වු නිරෝෂා නාගයාද සම`ග කොල්ලූපිටිය පොලිසිය විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගනු ලැබීය.


නාගයා නැතිව ජීවත්වීය නොහැකි බව පවසා නාගයා ලබාදෙන ලෙස ඉල්ලා ඇය අධිකරණය හමුවට ගිය අතර දෙහිවල සත්ව උද්‍යානයට භාර දී සිටි එම නාගයා අධිකරණ නියෝගයක් මත නැවත ඇයට භාරදී තිබිණි.


නාගයා හා ඇය අතර පවතින සම්බන්ධය ගැන නිරෝෂා කළ ඇතැම් ප‍්‍රකාශ එම කාලයේ මහත් ආන්දෝලනයකටද තුඩු දී තිබිණි.


නිරෝෂා විමලරත්න එහෙමත් නැත්නම් නයි නළඟන පසුගියදා නැවතත් කරළියට පැමිණියාය.


අවසන් වරට ඇය කරළියට පැමිණියේ නයි නළඟන දරුවෙක් ප‍්‍රසූත කිරීමෙන් පසුවය.


මාස 10ක් පමණ වයසැති පිරිමි දරුවා නයි නළඟන විසින් විකිණීමට උත්සාහ කරන බවට පොලිස් 119 හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් ගැන සොයා බලන ලෙස යොමු කෙරුණේ කැකිරාව පොලිස් ස්ථානය වෙතය.


කැකිරාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පුෂ්පකුමාර මහතා මේ සම්බන්ධව වහා සොයා බලන ලෙස උපදෙස් දුන්නේ කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් දිලූපා (136) මහත්මියටය.


නයි නළඟන හා ඇයගේ සැමියා වන රුවන් ලක්මාල් (sdh24) නමැත්තා පොලිසියට කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගැණිනි.


කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් සොයා යෑමට නයි නළඟන තීරණය කර ඇයගේ සැමියාගේ කැමැත්ත ඇතිව සැමියාගේ සහෝදරියකගේ දියණියකට කොළඹ ගොස් එනතුරු දරුවා රැුක බලා ගැනීමට භාරදුන් බව ඇය (නයි නළඟන) ප‍්‍රකාශ කළාය.


සැමියාගෙන් ප‍්‍රශ්න කිරීමේදීද මේ කතාවම පොලිසියට පවසා ඇත.


නයි නළඟනගේ සැමියා කොළඹ පෞද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්ෂක භටයෙක් ලෙස රැකියාව කරන අයෙකි.


නයි නළඟන හා නැන්දම්මා අතර තිබු විරිසකයක් නිසා දරුවා රැුක බලා ගැනීමට මෙම කාන්තාවට භාරදී ඇති අතර දරුවා විකිණීමට උත්සාහ ගෙන නොතිබූ බව පොලිස් පරීක්ෂණවලින් පෙනී ගියේය.


මෙය ප‍්‍රශ්නගත සිද්ධියක් බවට පත්වූ නිසා නයි නළඟනගේ මාස 10ක් පමණ වයසැති දරු පැටියා තවදුරටත් ඇයගේ භාරයේ තබාගැනීම ප‍්‍රතික්ෂේප කළ බැවින් නිරෝෂාගේ නැන්දනිය (සැමියාගේ මව) දරුවා බාර ගැනීමට පොලිසියේදී කැමැත්ත ප‍්‍රකාශ කළේ මෙතෙක් කල් පැවති නැන්දම්මා ලේලි විරසකය හමාර කරමිනි.


නිරෝෂා හා ඇයගේ සැමියා වන රුවන් ලක්මාල් යළිත් පසුගිය 6 වැනිදා කැකිරාව පොලිසියේ පෙනී සිටියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක පුෂ්පකුමාර මහතා කළ දැනුම්දීමක් අනුවය.


පොලිස් ස්ථානාධිපතිවරයා මෙවැනි දැනුම්දීමක් කර තිබුණේ දරුවා සම්බන්ධව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග අඹු සැමි යුවළගෙන් නිශ්චිතව පැහැදිලි කර ගැනීමට අවශ්‍යව තිබූ බව පෙනී ගිය නිසාය.


එය පොලිස් ස්ථානාධිපතිවරයා ගත් ප‍්‍රශංසනීය පියවරක් බව මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.


”සර් මගේ දරු පැටියට මගේ පණටත් වැඩිය ආදරෙයි. සැමියත් ඒවගේම තමා. අපි දරු පැටියා විකුණන්න හැදුවෙ නැහැ. සැමියා සිකියුරිටි ජොබ් එකක් කරන්නේ. අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ආර්ථික ප‍්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම කොළඹ රස්සාවකට යන්න තීරණය කළා. සැමියාගේ කැමැත්තද එයට ලැබුණා. නැන්දම්මා දරුවා බලාගන්න බැහැ කිව්ව නිසා තමා සැමියාගේ අක්කා කෙනෙකුගේ දුවට රැුකබලා ගන්න කියා දුන්නේ. එහෙම නැතිව අපේ සුරතල් දරු පැටියා විකුණන්න ගියේ නැහැ.


නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟනගේ රෝස පැහැති දෙකොපුල් අතුරින් ගලා ගිය කඳුළු බිඳු අතරින් පොලිස් ස්ථානාධිපතිවරයා එක්ක කියාගෙන ගියාය.


සැමියාගේ පඩියෙන් විතරක් මටයි දරු පැටියාටයි ජීවත්වෙන්න අමාරු නිසයි මමත් රැකියාවක් කරන්න කොළඹ යන්න තීරණය කළේ යැයිද නයි නළඟන යළිත් වරක් කියා ඇත්තේ හිතේ තිබුණ දුකවැඩිකමට විය යුතු යැයි සිතමි.


නයි නළඟනගේ එකම අපේක්ෂාව, බලාපොරොත්තුව පොඩි එකාට කිසිම අඩුපාඩුවක් නොතබා හදා වඩාගෙන හොඳ අධ්‍යාපනයක් ලබාදීමටය.


කාලයක් නාගයන්ට ආදරය කළ ඔබ අද වනවිට මවක්. මවක් හැටියට වගකීම් සම්භාරය ඔබ සතුව තිබෙනවා. ඒ වගකීම් ඔබ නිරන්තරයෙන් සිතන්න  ඕනෑ. ඒ වගකීම් නිසියාකාරව ඉටු කරන්නත්  ඕනෑ. ඒ හින්දා ඇෙඟ් කොටාගෙන තියන නයි පච්චයක් මකා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ ඔබ දැන් මවක් නිසා යැයි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පුෂ්පකුමාර මහතා නයි නළඟනට කීවේ වැඩි හොඳට මිස කිසිම අහිතකින් නම් නොවේ.


නයි නළඟන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඒ අවවාද අනුශාසනා සාවදානව අසා සිටියාය.


නිරෝෂා හා ඇයගේ සැමියා කැකිරාව දිසා විනිසුරු බුද්ධිනී අබේසිංහ මහත්මිය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදා හරිනු ලැබුහයි පොලිසිය කියයි.


උතුරුමැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම පරීක්ෂණ කටයුතු සිදුවිය.

m



අදහස් (0)

අඟහිඟකම් නිසා දරු පැටියා බලාගන්න සැමියාගේ ඥාතියකුට දුන්නා

නිමල් රාජපක්ෂ Saturday, 16 May 2015 09:50 AM

පොලිස් පරික්සක තුමා ,ඔබ ඇයට දුන් අවවාද හරිම වැදගත් බව කාහට උනත් වැටහෙනවා ,(කේ)

:       0       0

ජයපාල Wednesday, 20 May 2015 06:36 AM

මෙයා එක්ක හිටිය අරාබි මිනිහට මොකද වුනේ. (බ)

:       0       0

තරංග Friday, 15 May 2015 03:32 PM

කෝ ඒ කාලේ සිටි ලොකු ලොකු අය? (නි)

:       0       0

චන්න බුවනක Sunday, 17 May 2015 02:31 PM

මේ ළමයට මොකද උනේ. දැන් කවුරුත් උදව් කරන්නේ නැතිද ? (නදී)

:       0       0

සුසන්ත Monday, 18 May 2015 07:36 AM

මේ කොහෙවත් යන කෙනෙක් ගැ‍න ඇයි අපි මෙච්චර දඟලන්නේ? මේ නළඟන මොනවා කළහම අපිට මොකද? (නි)

:       0       0

පොනිල් Monday, 18 May 2015 04:06 PM

මේ කාන්තාව ලොකු පවුලක කෙනෙක් නම් මේ තරම් ප්‍රසිද්ධ වෙයිද? (නි)

:       0       0

නලින් Tuesday, 19 May 2015 05:39 AM

මොනවා වුණත් මම කැමැති නැහැ මේ විදියට මේවා ප්‍රසිද්ධ වෙනවට. පුද්ගලික ජීවිතේ මොනවා වුණත් ඒ මිනිස්සු දැන් අහිංසක විදියට ජීවත්වෙන මිනිස්සු (නි)

:       0       0

මොරිස් Sunday, 17 May 2015 05:40 PM

මෙම සිදුවීම බොහෝ අගහිඟකම් ඇති පවුල් වල සිදුවන සාමාන්‍ය දෙයක් වුණත් මැයගේ කතාන්තරයට මෙතරම් මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙන්නේ මැය තරමක් ස්වාධීන, වෙනස් අදහස් ගතිපැවතුම් තිබුන කෙනෙකු වූ නිසාත් විශේෂයෙන්ම ඇය රූමත් පෙනුමක් ඇති නිසාත්ය. ඇයට ඇගේ පාඩුවේ නිදහසේ ඉන්න දුන්නොත් හොඳයි. (නි)

:       0       0

සමරකෝන් Monday, 18 May 2015 08:37 AM

මේ නයා ඇයට ලබා දුන්නා නම් ඉවරනේ.(හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 May 2015 03:58 AM

ඇත්තටම අපේ ලංකාවේ සමහර මිනිස්සු ගැන පුදුම හිතෙනවා. අපට කතාකරන්න කොපමණ වැරදි ලංකාවේ වෙනවද? මේ අහිංසක මිනිසුන්ට පාඩුවේ එයාලගේ වැඩ කරගන්න දීලා අනිත් අයත් තමන්ගේ වැඩක් බලාගන්න. බලන්න කීසැරයක් නිකරුනේ පොලිසි ගියාද? මේ මිනිස්සු වෙනුවෙන් කිසිකෙනෙක් උදවු කරනවද? (නි)

:       0       0

චමල් Tuesday, 19 May 2015 06:44 AM

ඒ ළමයව අද මේ තත්වයට ඇදලා දැම්මේ මාධ්‍ය සහ සදාචාරසම්පන්නයි කියාගන්න අපේම මිනිස්සු. ඒ ළමයා නයෙක් අරගෙන ක්ලබ් වල නැටුවහම මොකද වෙන්නේ. නයාගෙන් කාටවත් හානියකුත් නැත්නම්. (නි)

:       0       0

රොමේෂ් Tuesday, 19 May 2015 07:11 AM

දැන් ලංකාවෙ ළමයි විකුණන්න හදපු වෙන කවුරුත්ම නැද්ද? අද මේ මොහොතෙත් එහෙම දෙයක් කොතනක හරි වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 903 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 998 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site