සංවර්ධන ජාවාරමේ පව් ගෙවීම
මේ දිනවල විවිධ රේඩියෝ සහ රූපවාහිනී නාලිකාවලිනුත් පුවත් පත්වලිනුත් එන දුරකථන ඇමතුම්වලින් ඉල්ලා සිටින්නේ රට මුහුණපා ඇති මහා ව්‍යසනය පිළිබඳ සමාජ දේශපාලන ‘පොඩි’ විග්‍රහයක්, අදහසක් නැතහොත් ‘වොයිස්කට්’ එකක් දෙන ලෙසය. එහෙමත් නැත්නම් ඔවුන් අසන්නේ එහෙම එකක් දිය හැකිද යන්න ය. එහෙත් ඒ සියල්ල ඉතාම කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඒ නාලිකා සහ පුවත්පත් සමඟ ඇති විරසකයක් නිසා නොව ඇති වී තිබෙන ඛේදවාචකයේ දරාගත නොහැකි සිදුවීම්, විලාපයන්, ශෝකාලාපයන්, කඳුළු ගංගා සහ වා තලය