කොමඩි ට්රැජඩි දේශපාලනය
කොමඩියක් යැයි කීප දෙනෙකු විසින් නම් කරන ලද ඇමති මණ්ඩල සංශෝධනය කොමඩියක් ලෙස මේ රටේ ජනයා භාරගත යුතු නැත. මේ සංශෝධනය කොමඩියක් නම් එය කොමඩියක ආරම්භය නොවේ. ඉදිරිපත් කරන ලද යහපාලන තේමා, ප්රජාතන්ත්රවාදයේ සටන් පාඨ සහ 2015 ජනවාරි නව වැනිදා සිට සිදු කරන ලද පත් කිරීම්, අස් කිරීම්, එෆ්සීඅයිඩී, ආණ්ඩුවට විරුද්ධ අයට පමණක් වූ නඩු දැමීම්, අගෝස්තු මැතිවරණය, පජාතික ලැයිස්තු මැති ඇමතීන්, ජාතික ආණ්ඩු, මැතිවරණ කල් දැමීම්, එක පෙළට ඉදිරිපත් කළ සංවර්ධන වැඩසටහන්, ආර්ථි