දයාසිරිගෙන් චන්ද්රිකාට සැර ලිපියක්
පසුගිය අගහරුවාදා ශ්රී ලංකා නිදහස් පක්ෂය තවත් භාරදූර කාර්යයකට අත ගැසුවේ ය. එය, බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකි. පක්ෂය සම්බන්ධයෙන් පවතින ගැටලු ඔහු හා සාකච්ඡා කර විසදාගන්නා ලෙසට, ජනපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්දත්, අවස්ථා කිහිපයකදීම, නිදහස් පක්ෂ නායකත්වයට දැනුම් දී, තිබිණ.