සිනමාවයි පුවත්පතයි යා කළ දිලිප් කුමාර්
ඉන්දියානු සිනමාවේ පුරාවෘත්තයක් වූ ශ්‍රේෂ්ඨ තරුවක් වූ දිලිප් කුමාර් පසුගිය දා මුම්බායි හි Hinduja Hospital හිදී මියගියේ සිය අනූඅට වැනි විය පසුකරමින් සිටියදීය. ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන 8ක් දිනාගෙන ඇති අතර, භාරතීය පද්ම විභූෂණ සම්මානය, දදාසහේබ් පාල්කේ යන උසස් සම්මානවලින් පුද ලබා ඇත. ඊට අමතරව ඔහු ෆිල්ම්ෆෙයාර් ජීවිත කාලයේ එක්වරක් පිරිනැමෙන රාජ් කපූර් සම්මානය ද නිශාන් ඒ. ඉම්තියාස් සම්මානය, ඇන්.ටී. රාම රාඕ සම්මානය, රාම්නාත් ගොඑන්කා සම්මානය,