පොලිස් පරීක්ෂකයකු අපරාධය විකෘති කළාද? හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සීමෙන් මියගිය දැරිය පිළිස්සුණු බව කියන ස්ථානයට ගොස් ඇති පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එම අපරාධ ස්ථානය විකෘති කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (09) ප්‍රකාශ කළේය. 10 August 2021
ජංගම දුරකතනය නිසා දරුවන්ගේ කියැවීමේ රුචිය අඩුවෙලා පරිවර්තන කෘති රැසක් මෙරට පාඨකයන්ට දායාද කළ සම්මානලාභී ලේඛකයකු වන චූලානන්ද සමරනායක මහතා පරිවර්තනය කළ නවතම කෘතිය ‘ගස් නගින්න කියාපු දවස’ නම් යොවුන් නවකතාව ග්‍රැෆිකෙයා ප්රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. මෙය දකුණු අප්‍රිකානු ලේඛකයකු වන ජාකෝ ජාකොබ්ස්ගේ කෘතියක සිංහල පරිවර්තනයකි. මතු දැක්වෙන්නේ මෙම කෘතිය පදනම් කොටගෙන චූලානන්ද සමරනායක මහතා සමඟ අප කළ සංවාදයක සටහනකි. 10 August 2021
වාසිය අතහැර ළතැවීම නිසි පරිදි කටයුතු කරන්නට අසමත් යයි දොස් කියමින් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයට (මින් පෙර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට) බොහෝ විවේචන එල්ලවී ඇත. අහම්බයකින් හෝ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සාර්ථකව ඉටු කළ දේ ගැන වැඩි කතාබහට ලක්වී නැත. එය හිතාමතාම කළ දෙයක් නොව, ඒ කටයුතු සිදුවෙන හැටියි. 10 August 2021
එන්නත් එකම බේත නොවේ: භයානකයි: පරෙස්සම් වෙමු කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන දහයක පමණ කොරෝනා මර්දන එන්නත් ලබාදීම පෙරේදා සිදුකළ බවත් සෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකම පාහේ දවස පුරා ඉතා දිගු පෝළිම් දක්නට ලැබුණු බවත් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කොළඹින් තදාසන්න ප්‍රදේශවලින් පවා දහස් ගණන් පිරිස් එන්නත් ලබාගැනීම සඳහා පැමිණ සිටි බවත් එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 10 August 2021
කොරෝනා එන්නත ගැබිනි මවට සුදුසුද? ගැබිනි මවුවරුන්ට එන්නත්කරණය අනුමත කර ඇත. එහෙත් එන්නත ලබා ගන්නවාද නැද්ද යන්න ඔබගේ තීරණයකි. මෙහිදී එන්නත ලබා ගැනීමට පෙර තීරණ දෙකක් ඔබට ඇත. 09 August 2021
ශ්‍රී ලංකා ඉන්දියා සබඳතාවලට නව ප්‍රවේශයක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය අවලංගු කිරීම ඇතුළු ගැටලු ගණනාවක මාස කිහිපයක් තිස්සේ වෙලී සිටීමෙන් පසු ශ්‍රී ලංකාව සබඳතා කර ගැනීමේ සැලසුම් සහිතව සිය මහකොමසාරිස්වරයා දිල්ලිය වෙත අනුයුක්ත කිරීමට සූදානම් වේ. ධීවර ගැටලු විසඳා ගැනීම වෙළෙඳ හා ආයෝජන කටයුතු හා ආගමික සබඳතා තරකර ගැනීමේ කටයුතු මෙකී සැළසුම්වලට අයත්වේ. බෞද්ධ හුවමාරු වැඩසටහනක් මේ අනුව ක්‍රියාත්මක වීමට නිර්මිතය. 09 August 2021
මුදල් ඇමැතිට අභියෝගය ජයගත හැකිද? මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන රජයේ ස්ථාවරය දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මූල්‍ය සහනයක් රජය බලාපොරොත්තු නොවන බව කියා සිටියේය. 09 August 2021
ඉන්දීය හිටපු ජනපති ලොවට දුන් ආදර්ශය රාජ්‍ය මුදල් අවභාවිතය මේ රටේ බොහොමයක් ආණ්ඩුවලට එරෙහිව නැඟෙන චෝදනාවකි. විශේෂයෙන් රජයේ මුදලින් සිදු කරන ඥාති සංග්‍රහ පිළිබඳව විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දීමට ප්‍රථමව ඒ තරම් ලොකු කතාබහක් නොතිබිණි. එහෙත් මෙරට දේශපාලනය උඩු යටිකුරු කළ විධායක ජනාධිපති ක්‍රමයට රට අනුගත වීමෙන් පසුව රාජ්‍ය මුදල් අවභාවිතය, ඥාති සංග්‍රහ සුලබ මාතෘකා බවට පත් විය. 09 August 2021
ඖෂධීය ගුණයෙන් ඉහළ කංසා රට සල්ලි ඉල්ලමක් 2021 අප්‍රේල් 02 දා Daily Financial Times පුවත් පතේ පළවු ˝Sri Lanka Could Overcome the recession by legalizing and exporting Medical cannabis” යන ලිපියෙහි පරිවර්තනය සිංහලට පරිවර්තනය කලේ ආචාර්ය වසන්තසේන වැලිඅංග විසිනි. එංගලන්තයේ මුලින් ප්‍රසිද්ධ කල මෙම ලිපිය මේ වන විට ඇමරිකාව හා යුරෝපයේ ඹෟෂධීය කංසා පිළිබඳ ජනප්‍රිය සඟරා ගනනාවක පළ වි ඇත. 08 August 2021
ජගත් මානව කවුන්සිලය මේ එන්නේ මොකටද? ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය තවත් සති හයකින් රැස් වෙයි. එහිදී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මාන බලමින් සිටී. 07 August 2021
කොරෝනා තත්ත්වය බැරෑරුම් කොරෝනා වයිරස් රෝගය හේතුවෙන් ඉකුත් 3 වැනිදා මේ රටේ 82 දෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ඊට පසුදින නිවේදනය කළේය. 07 August 2021
උදව්වට ආවාම පහරදෙන අපේම අමනුස්ස මිනිස්සු ගිරිඋල්ල පුස්කොළදෙණිය රිල්ඔලුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණයකුගේ තොරතුරු සෙවීමට ඔහුගේ නිවෙසක ගිය දඹදෙණිය කලාප බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගසා පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම තරුණයාගේ පියා මෙම 17 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 07 August 2021
කොවිඩ් ගිනිදැල් මැදින් විරෝධතා රටපුරා නැවතත් උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. ගෙවී ගිය සතියේ සෑම දිනකම පාහේ කොළඹ නගරයේ ද රටපුරා ප්‍රධාන නගර කීපයකම ද උද්ඝෝෂණ පැවැත්විණ. ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විසමතා ඉවත්කිරීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කිරීම යන මූලික ඉල්ලීම් දෙක මූලික කර ගනිමින් මේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්විණ. ඒ අස්සේ තවත් නොයෙක් ප්‍රශ්න සඳහා ද විසඳුම් පතා එම පිරිස් විරෝධතා පවත්වන්නට වූහ. උද්ඝෝෂණවල නිරත වූහ. 06 August 2021
ගුරු සිත රිදිලාද? මෙවර කිවිදා දැක්ම සඳහා ලිවිය හැකි මාතෘකා කීපයක්ම මතුවී තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳවය. තවත් පැත්තකින් ආර්ථිකයේ ගැටලුකාරිත්වය පිළිබඳවය. තවත් පැත්තකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳවය. මේ සියලුම මාතෘකා උණුසුම් ඒවාය. මීට අමතරව අපේ සමාජය තුළ බරපතළ ආකාරයෙන් මතුවෙමින් එන ගැටලුවක් වන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් මතුකර තිබෙන වැටුප් සම්බන්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයයි. 06 August 2021
කොතලාවල පනත සකසද්දී අදහස් නොගැනීමේ විපාක රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වී අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති වීදි සටන්වලට යොමුකෙරුණු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් තැබීමට රජයට සිදු වී තිබේ. පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් රජය ඒ පිළිබඳ විවාදය කල් තැබූ බවද සඳහන්ය. 06 August 2021
ව්‍යවසායකත්වය නොසලකා හැරීමේ ආනිසංස දේශීය ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තිබෙන බවට ඔවුන් අතරින්ම විවිධ මතවාද පැන නැගී තිබේ. මේ ඒ පිළිබඳව දේශීය ව්‍යවසායකයකු සමග කළ සාකච්ඡාවක සටහනකි. 05 August 2021
සංචරණ ලිහිල් කළත් ජීවිත අනතුරට දාගන්න එපා රාජ්‍ය සේවකයන් සියලු දෙනා ඉකුත් සඳුදා සිට සේවයට වාර්තා කළ යුතු බව රජය නිවේදනය කළේය. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අප පුවත් පතට ප්‍රකාශ කර තිබුණේ කාර්යාල දුම්රිය රැසක් ධාවන කටයුතු ආරම්භ කරන බවය. මේ වන විට පළාත් අතර සංචරණ සීමා ද ඉවත් කර දුර ගමන් බස් සේවාද ආරම්භ කර ඇත. මෙම දිනය උදාවනතුරු මෙරට ජනයා බොහෝ උපේක්ෂාවෙන් බලා සිටියහ. දැන් ඒ දිනය උදා වී ඇත. 05 August 2021
අවධානය ගිලිහීමේ අනතුර කොරෝනා වයිරස ව්‍යාප්තියට අදාළව මේ වනවිට රෝගීන්ගේ වර්ධනයක් මෙන්ම රෝග ලක්ෂණ හා රෝගය පැතිර යාමේ වෙනස්කම් ද දැකිය හැකිය. කොරෝනා වයිරසයේ ප්‍රබේද වෙනස්වීම ඉතා වේගවත්ය. මේ නිසා ඒ සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එපමණින්ම මතුව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව සෞඛ්‍ය සේවකයන් කොරෝනා වසංගතය පාලනයට විවිධ ක්‍රියාමාර්ග ගන්නේ දැන් වසර එකහමාරක පමණ කලක් තිස්සේය. 04 August 2021
එන්නත්කරණයට ආණ්ඩුවේ පියවර අගය කළයුතුයි ගත වූ වසර දෙක පුරා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රධාන පුවත් මැවූයේ කොරෝනා වසංගතය ආශ්රයෙනි. හිටි අඩියේ පැනනැගුණු මෙම මහා වසංගතයෙන් මානව ජන ජීවිතය සේම ලෝක ආර්ථිකය ද මුහුණ දුන්නේ දැවැන්ත අර්බුදයකටය. ලෝකයේ ප්‍රබල රටවල් මෙන්ම දුබල රටවල් ද කොරෝනා වසංගතයෙන් ගැලවීමේ මාර්ගය ලෙස තෝරාගත්තේ එන්නත්කරණයයි. 04 August 2021
අපේ රටේ ශාස්ත්‍රීය පර්යේෂණ පොත්පත් ලිවීම අතින් කාල හරක් බලනවා වගේ වැඩක් රංගන කුරුවිට වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එසේම මෙරට සම්භාව්‍ය සාහිත්‍යයේ බොහෝ දෙනකුගේ අවධානයෙන් ගිලිහී ගිය ඉතා වැදගත් ක්ෂේත්‍ර පිළිබඳව ශාස්ත්‍රීය පර් යේෂණ කෘති කිහිපයක්ම ලියා පළ කළ ලේඛකයෙකි. 03 August 2021
ගොවියාත්-පාරිභෝගිකයාත් සැනහෙන හාල් මිලක් එක් එක් පුද්ගලයන්ට ඕනෑ ආකාරයට මේ රටේ වී මිල සහ සහල් මිල තීරණය කිරීමට මින් මතු රජය ඉඩ නොදෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි. 03 August 2021
අධ්‍යාපනය ජනතාකරණය එකම විසඳුමද? නිදහස් අධ්‍යාපනයේ මූලික කරුණ නම් ගාස්තුවක් අයකිරීමෙන් තොරව උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ හැකියාවයි. ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත සැකසුවේ පශ්චාත් උපාධිය මුදල් අය කර ලබාගැනීමේ ක්රමයටය. අප එසේ මූලික හැඳින්වීමක් කළ ද පාසල් පද්ධතිය වුව ජාත්‍යන්තර පාසල් දක්වා පරිණාමයක් වී ඇත. 03 August 2021
නිති විමසිලිමත් වියයුතු නිදන්ගත වකුගඩු රෝගය බෝ වන රෝගවලටත් වඩා බෝ නොවන රෝගවල අවදානම ඉතා දැඩිය. පුද්ගල මරණ ප්‍රතිශතය ඉහළ යාමට ප්‍රධානම හේතු කාරකය ලෙස බෝ නොවන රෝග පෙන්නා දිය හැකිය. ඒ අතුරින් වකුගඩු රෝගයට ගොදුරු වන පිරිසද දිනෙන් දින ඉහළ යමින් පවතී. 02 August 2021
අස්ථාවර ආණ්ඩු හදන කොඩිවිනය මැතිවරණ සම්බන්ධයෙන් ලංකාවේ අපට ඇත්තේ දිගු ඉතිහාසයකි. එය අසල්වැසි ඉන්දියාවට, පකිස්ථානයට වඩා දිගු ඉතිහාසයකි. මැතිවරණ ක්‍රමය, ඡන්දය යනාදී වචන මෙරට දේශපාලන ශබ්ද කෝෂයට එකතු වන්නේ 1911 පටන්ය. මෙයින් එක් නියෝජිතයෙක් පත් කරගනු ලබන්නේ ලාංකිකයන් වෙනුවෙනි. 02 August 2021
සමාජයට වින කරන අසැබි වෙබ් අඩවිවලට දඬුවම් ඕනෑ ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 02 August 2021
ගණිකා නිවාසයේ කතාවට අනූෂාගේ පිළිතුර මම සරත් වීරසේකර සර්ට කීවාම සීඅයිඩියට පැමිණිලි කරන්න කීවා 31 July 2021
එදා-මෙදා යුක්තිය වවාගෙන කෑම දැනට වසර දොළහකට පමණ පෙර එනම් 2009 අගෝස්තු 15 වැනිදා කොළඹ, බෞද්ධාලෝක මාවත අසල ඇළක පාවෙමින් තිබූ දැරියන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගනු ලැබිණි. එය ඒ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළද දැන් එය මෙරට කී දෙනකුට මතකදැයි කිව නොහැකිය. 31 July 2021
කැලෑ මෙහෙම වැනසුවොත් රටට කුමක් ඉතිරිවේද? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලෑ ඉඩම් හෙක්ටයාර 9960 ක් පමණ මේ වන විට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගා කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ යැයි සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත් දා වාර්තා කළේය. 31 July 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026