ආර්ථික අර්බුදයට විසඳුම් නැතිද?
රටේ ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩිවෙමින් තිබේ. පොහොර නොමැති වීම, ආදායම් සහ ජීවනෝපය අහිමි වීම යනාදියට එරෙහිව ගොවියෝ විරෝධතාවල යෙදෙති. මිල දර්ශකවල දක්වා ඇති ගණන් ඉක්මවා යමින් ආහාර මිල ගණන් ඉහළ යමින් තිබේ. බොහෝ දෙනකුට සිය ජීවනෝපාය අහිමි වී තිබෙන අතර කුසගින්නට ගොදුරු වී තිබේ. අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ යනාදියේ හිඟ ඇතිවීමේ අවදානමක් නිර්මාණය වෙමින් තිබේ.