
ගෝලිය රැප් නිරූපනයේ ශ්‍රී ලාංකේය රූපය සටහන් කල යොහානි ගේ “මැණිකේ මගේ හිතේ ” ගීත කවරය මේ වනවිට මිලියන 54 ක් දෙනා රසවිඳ තිබිණි. ශ්‍රී ලාංකිකයෙකු යූ ටියුබ් නාලිකාවකට මෙවන් දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුනු මුල්ම අවස්ථාව ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
සිහිනෙන් වත් නොසිතු ලෙසින් ඇගේ ගීත කවරය ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයන් විසින් වැළඳ ගැනීමත් සමගම බිලියන 1.38 වන ඉන්දියාව පුරා පමණක් නොව ලොව පුරා ද ඇගේ රසික පිරිස අති මහත් වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. එය කොතරම් ඉන්දියානුවන්ගේ හදවත් බදා වැළඳගත්තේ දැයි කිවහොත් ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් තම ට්විට්ර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තමන්ට එම ගීතය නොඅසා සිටින්නට නොහැකි බවය. ඔහු භාරතවාසීන් සමග මැණීකේ මගේ හිතේ ගීතයට නැටුවේය.
විවිධ අන්දමේ ගීත කවර රැප් කරමින් අත් හදා බැලීම් කරන ඇය තමන්ගේම ගීත ද තම යූ ටියුබ් නාලිකාවට එක් කර තිබේ. එවන් අත්හදා බැලීම් තුළ මේ මොහොතේදීත්, දිගින් දිගටම ලොව පුරා රසික් කැළක් හදමින් වේගයෙන් පැතිර යන්නේ ඇය ගැයූ මැණිකේ මගේ හිතේ ගීත කවරයයි.
ඇයටම උරුමව ඇති සුව්ශේෂී ගායන ශෛලියට පෙම් කරන ඉන්දියානු රසිකයින් ඇගෙන් ඉල්ලා සිටන්නේ ඉන්දියාවේ භාවිතා වන විවිධ භාෂාවන්ගෙන්, විශේෂයෙන් මලයාලි සහ හින්දි අනුවාදයන් ගෙන් ද එම ගීතය ලබා දෙන ලෙස ය. සැබැවින්ම මේ ශ්‍රී ලාංකික රැප් තාරකාව, යොහානි අනුගමනය කරන්නේ ඇයටම ආවේනික සුවිශේෂී රැප් ශෛලියකි.
යොහානි සුවිශේෂි වනුයේ ඇගේ ගායන හැකියාව පමණක් නොව, කිසිවෙකු අනුකරණය නොකිරීමත්, ඇයටම උරුමවූ ගායන ශෛලියක් වර්ධනය කරගැනීමත් නිසාය.
දකුණු ආසියානු සංගීතයේ සුවිශේෂී නාද රටා දේශීය සංගීතය සමග මුසු කරමින් සතීෂන් වෙනුවෙන් මැණිකේ මගේ හිතේ ගීතයට සංගීතය සැපයූ තරුණ සංගීතවේදියකු වන චමත් සංගීත් ලංකාදීපය හා පැවැසුයේ යොහානි ගේ කවරය ගිය දුර ගැන සිතා ගත නොහැකි බවය.
“ ලංකාවේ තැනකට මේ ගීතය යයි කියල හිතුවා. ඒත් මේ වගේ දුරක් යාවි කියල නම් හිතුවේ නැහැ.” ඔහු කීවේය....
“ආයේ වෙන මොකුත් ඕන නැහැ. අමිතාබ් බච්චන් වගේ දැවැන්තයෙකු ගේ අගය කිරීම මට ඇති. එහි සංගීතය මගේ නේ.” ඔහු තම මුහුණු පොතේ පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර තිබිණි..
ඉන්දියාවේ ද තවත් බොහෝ රටවල ද රියැලිටි තරඟ සඳහා ඉදිරිපත් වන තරඟකරුවන් මේ ගීතය ඉදිරිපත් කරමින් තරඟ වදින අවස්ථා දකින්නට හැකිය.
පුංචි ශ්‍රී ලංකාව යළි ජාත්‍යන්තරයේ කථා බහට ලක්කළ ඇය කවුද?
කොළඹ උපන් යොහානි ද සිල්වා නම් වූ ඇය, මානුෂිය මෙහෙයුමේ දී සුවිශේෂී සේවාවක් කළ 57 වන සේනාංකයේ නයුවකු වන මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා සහ දිනිති ද සිල්වා ගේ වැඩිමහල් දියණියයි. නෑ සිය මිතුරන් අතර යොහී ලෙසින් දන්නා ඇය උපත ලද්දේ 1993 ජූලි 30 වැනිදාය.
සිවිල් යුද සමයේ සිවිල් වැසියන් මෙන්ම හමුදාවේ පවුල්වල සාමාජිකයන් ද මුහුණ පා සිටි අවිනිශ්චිතතාවන් ගෙන් පිරි සමයක ඇගේ කුඩා කාලය ගෙවී ගියේ ය. වව්නියාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි තම පියා වෙනුවෙන් නිරන්තර යදිමින් දිවි ගෙවූ පවුලක සාමාජිකාවක් වූ ඇයට සංගීතය එදා අවිනිශ්චිත හෙට දවස වෙනුවෙන් වූ දිව ඔසුවක් වන්නට ඇත.
කොළඹ විශාකාවෙන් අයනු ආයනු කී ඇය උසස් පෙළ සඳහා විදේශ ගත වූවාය. අනතුරුව යළි මව්බිමට පැමිණ කොතලාවල ආරක්ෂක සේවා විද්‍යාලයට ඇතුලත්ව උපාධි පාඨමාලාවක් හැදෑරුවාය. කවර කෙෂත්‍රයක කුමක් කළත් ඇය සංගීතය හැදෑරිමත්, පර්යේෂණාත්මක කටයුතුත් අත නොහැරියාය.
අදත් ඇය සිය සංගීත චාරිකාවේ පර්යේෂණ අතහැර නැති බව ලොව පුරා රසික කැලක් හදමින් වේගයෙන් ව්‍යාප්ත වන ඇගේ යූ ටියුබ් නාලිකාව සාක්ෂි දරයි.
අද මිලියන 54 ක්, එනම් කෝටි පහමාරකට ආසන්න පිරිසක්, රසවිඳ ඇති ඇය ගැයු ගීතය තවත් දින කිහිපයකින් මිලියන 100 ඉක්මවනු ඇත. එදිනට ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ වැඩිම පිරිසක් රසවිඳ ඇති නිර්මාණය බවට එය පත්වනු ඇත.
ලොව වැඩිම පිරිසක් රස විඳ ඇති ගීතය බවට පත්වන්නට ඇගේ හඬ පෞරුෂයේ නිර්මාණයට හැකියාව ලැබේවා යනු සියලු දෙනාගේ පැතුමයි.
------------------------------------
සටහන - විනීතා එම් ගමගේ
------------------------------------

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උණුසුම් සුබපැතුම්... යොහානිට..!!!
යොහානිගේ අතිවිශිෂ්ඨ හැකියාවන් ගැන හදවතින්ම සුබ පතමි. ඇය තව තවත් ඉදිරියට ගොස් මුලුලොවම හදුනන සුපිරි තරැවක් වේවායි මා අවංකවම පතමි. යොහානි මුලුරටටම ආඩම්බරයකි.
" හාල් මැස්සා .." ගැන ලස්සන සින්දුවක් කියපු " හාල් මැස්සියෙක් " වැනි යොහානි දුවේ. මෙන්න මගෙන් ලොකු සුබපැතුමක් ...!!! දකුණු ආසියාවේ " සංගීත වෙළඳපොල " තිබෙන්නේ ඉන්දියාවේ. එය ඔවුන්ගේම ඒකාධිකාරයක් වගේ. එවැනි තැනකට පිටින් ගිහින් ජනප්‍රිය වෙනවා කියන්නේ මහා ආශ්චර්යයක්. " වාසනාව " ඔබව එතනට අතින් අල්ලාගෙන එක්ක ගියා. ඔවුන් ඔබව ආදරයෙන් පිළිගත්තා. සංගීතය කියන්නේ තෙරක් නොපෙනෙන මහා සාගරය වගේ .. එනිසා තව තවත් සංගීතය හදාරන්න, නව නිර්මාණ රටට... ලෝකයට දෙන්න. ඔබගේ නිහතමානි බව හැමදාමත්ම පවත්වාගන්න, ඔබ ඉහලට යන්න යන්න .. ඔබගේ නිහතමානි බවෙන් ඔබව තව තවත් දීප්තියෙන් " දිලිසේවි " . ආයෙත් සැරයක්... ලොකු සුබපැතුමක්...!!!
අපේ උණුසුම් සුබපැතුම්!
සංගීතය යනු විශ්ව භාෂාවකි.. ඉතින් මේ සොඳුරු යුවතියගේ මනරම් හඬට වශී නොවන්නෝ කවරහුද? වර්තමානයේ ඇසෙන සමහර ගොරහැඩි ගීතවලට වඩා, යොහානිගේ ගීත නැවත නැවතත් අසා සිටීමට රසිකයන් පෙළඹී සිටිනුයේ ඇය ඇයටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායනා කරන බැවින් විය හැකියි. එහි කිසිම අනුකරණයක් නැත.. සංගීතය නැමති මහා සයුරේ, මහා තෝරු මෝරු සමඟ වුවද පිහිනා යෑමට සමත් පුංචි "හාල්මැස්සියේ" ඔයාට මගෙනුත් ඉතා උණුසුම් සුබපැතුම්...!!!