අපනයන ආර්ථිකයකට ප්‍රවේශයක්
විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ වක්‍ර බදු අඩුකර ජනතාවට සහන සලසන අයවැයක්ද? එසේ නොමැති නම් හැකි මුල්ම දිනයේදී රට බංකොලොත් භාවයෙන් මුදාගෙන, සැනසුමක සේයාවක් දැකගත හැකි විසඳුමක් ගෙනෙන අයවැය ලේඛනයක්ද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව