IMG-LOGO

2025 අගෝස්තු මස 26 වන අඟහරුවාදා


“බාල ඖෂධ හදලා මිනිසුන්ගේ ජිවිත අනතුරේ දාන්න දෙන්න බැහැ” - ආචාර්ය සංජය පෙරේරා

 

(අශන්ති වරුණසූරිය)

ඖෂධ නිෂ්පාදන සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මෙන්ම මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ස්ථාපිත උපදෙස් අනුව ඖෂධ නිෂ්පාදනය කිරීමට නිසි ක්‍රමවේදයක් තිබියදී එම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මෙරට සමාගමක් ඖෂධ නිෂ්පාදනය කිරීමට ගෙන ඇති අනුමැතියක් සම්බන්දයෙන් ඖෂධ සෞඛ්‍ය කළමනාකරණය පිලිබඳ උපදේශක, ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා සමඟ අප සිදු කළ සංවාද සටහනකි.

ඖෂධ නිෂ්පාදනය කිරීමේ නිසි ක්‍රමවේදය ගැන පැහැදිලි කළොත් ?

මම ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය තවත් වැඩි දියුණු කළ යුතු බවට නිරතුරු කතා කළ පුද්ගලයෙක්. ඩොලර් හිඟයට රට තුල නිෂ්පාදනය වැඩි කිරීම ඩොලර් ප්‍රශ්නයට හොඳ විසඳුමක්. නමුත් ඖෂධ නිෂ්පාදනයේදී අපි ජාත්‍යන්තර මට්ටමෙන් කටයුතු කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ වලට ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය (එන්.එම්.ආර්.ඒ.) බැඳී සිටිනවා.

ඖෂධ නිෂ්පාදනය කිරීමේදී අවශ්‍යතා සපුරාලීමේ ක්‍රමවේද තියෙනවා. එහිදී වානිජ්‍ය මට්ටමට යන්නට පෙර ට්‍රයල් බැජ් එකක් සෑදිය යුතුයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව මාස 6ක ස්ථාවර භාවයක දත්ත තිබිය යුතුයි. ආනයනය කිරීමේදීත් මේ ක්‍රියාපිළිවෙතම අනුගමනය කරනවා. 

ප්‍රයෝගිකව මේ සියල්ල සිදු වෙනවා ද ?

ඖෂධ සම්බන්දයෙන් 2015, 2016 වනතුරු සිදු වුණා. හිතවතුන්ට සහ වංචාකරුවන්ට ආනයනය කිරීමට ඉඩ ලබා දීම නිසා ඉන්පසුව මෙම රෙගුලාසි කැඩුණා.

හිතවතුන් කිවුවේ, දේශපාලනික වශයෙන් හිතවතුන්ට ද  ?

ඔව්. මම උදාහරණයක් කියන්නම්, 2018 අපි රුසියාවෙන් මෙරටට ගෙනා පිළිකා ඖෂධයක් සම්බන්දයෙන් අනාවරණයක් කළා. රුසියාවෙවත් අනුමැතියක් නැති බෙහෙත් මෙහාට ගෙනවිත් තිබුණා. වැරදිකරුවන් ඔප්පු වුණා. 

ඔප්පු වුණාට වැඩක් නැහැ. එකී වරදිකරුන්වට දඬුවම් ලැබුණද ?

නැහැ.  ඖෂධ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් වංචාවක් සිදුවූ බවට පැහැදිලිවම ජනාධිපති කොමිසම් වාර්තාවේ සඳහන් කර තියෙනවා. නමුත් එතනින් එහාට ක්‍රියාදාමයක් වුණේ නැහැ. නඩු කටයුතු වෙනුවෙන් අපිට පෙනී ඉන්න බැහැනෙ. අපිට පුළුවන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න විතරයි. එකී වගකීම ගෙන මම මෙලෙස මේ  සම්බන්දයෙන් දැනුවත් කරන්න හිතුවා.

 

වරදකරුවන් නිදැල්ලේ. දඬුවමක් නැහැ. මේනිසා අදටත් මෙවන් දේ සිදු වෙනවා. ප්‍රමිතියෙන් තොර ඖෂධ තවත් මෙරට නිෂ්පාදනය වෙලා ද  ?

මට නිර්ණාමිකව ලැබුණු ලිපියකට අනුව මෙරට ප්‍රබල සමාගමකට නිසි ක්‍රමවේදයට පරිභාහිරව ඖෂධ නිෂ්පාදනය කිරීමට  අනුමැතිය ලබා දී ඇති බවට සඳහන් වුණා. මෙම ලිපිගොණු රජයේ වෛද්‍ය නිලධාරී සභාවට, ජනපතිට මෙන්ම තවත් වගකියන නිලධාරීන්ට යවා තිබුණා. මේවන විට මෙම සමාගමට විරුද්ධව සිවිල් ක්‍රියාකාරී සංවිධාන දෙකක් ඉදිරි කටයුතු සඳහා පෙනී ඉන්නවා.

නිර්නාමික ලිපියක් විශ්වාසය ප්‍රශ්නයක්. ඔබ මේ සම්බන්දයෙන් සොයාබැලීමක් සිදුකළාද ?

ඔව්, සාක්ෂි සහිතවයි මම අද කතා කරන්නේ.

මොනවද ඒ ආකාරයෙන් ඔවුන් නිෂ්පාදනය කරන ඖශධ ?

දැනට ඖෂධ 8ක් සම්බන්දයෙන් වාර්තා වෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන ඖෂධ අතර නාකොටික් අමුද්‍රව්‍ය මත පදනම් වූ අයිවී, ඒ කියන්නේ කෙළින්ම රුධිරයට දෙන බෙහෙත් වර්ගත් තියෙනවා. ඒ නිසා මේක බෙහෙත් පෙත්තකට වඩා බෙහෙවින්ම බලවත්. මා සතු ලියකියවිලි වලට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගේ අනුමැතිය නිසි ක්‍රමවේදයට පටහැනිව ලබා දීලා.

නිලධාරීන්ට ලැබෙන කොමිස් මත මේ දේවල් සිදු වෙලාද ?

ඒ සම්බන්දයෙන් අපට තවම සාක්ෂි නැහැ .

සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙවන් අනුමැතියක් ලබා දිය හැකිද ?

සිදුවිය හැකියි. කිසියම් හේතුවක් මත අමාත්‍යවරයාට හිතුණොත් මීට අනුමැතිය වහාම ලබා දිය යුතු බවට ලබා දිය හැකියි .නමුත් ඊට හේතු තිබිය යුතුයි. කෙසේවුවත් මිනිසුන්ගේ ජිවිත අනතුරේ දාන්න නම් බැහැ .

කුමන බෙහෙතක් හැදුවත් ක්‍රමවේදයට පටහැනිනම් මෙය මාරාන්තිකයි නේද ?

අනිවාර්යෙන්ම. පැනඩෝල් පෙත්තක් හැදුවත් එහෙමයි. මෙතන තවත් දෙයක් තියෙනවා. මෙහෙම බෙහෙත් හදලා මේ බෙහෙත් කොහොමද අපි වෙනත් රටකට අපනයන කරන්නේ. අපි ගැන ඔවුන් විශ්වාස කරයිද ? එම රටවල් දැන ගත්තොත් අපි මේ WHO නිර්දේශත් කුණු කූඩෙට දාලා බාල ක්‍රියාපටිපාටියක් අනුගමනය කර ඖෂධ නිෂ්පාදනය කරලා කියලා අපේ භාණ්ඩ ඔවුන් මිලදී ගනියි ද ? මේක ලංකාවටම කැළලක්. එහෙම නම් දැනට තිබෙන ක්‍රියාවලින් රටක් විදියට වෙනස් කළ යුතුයි. බෙහෙතක් අලුතෙන් හදනකොට මාස 6ක ට්‍රයල් අවශ්‍ය නැහැ, මාස තුනක් පමණක් සුදුසුයි කියලා රටක් වශයෙන් එක තීරණයක් ගෙන එය එකලෙසට හැම සමාගමකටම ලබා දිය යුතුයි.

එසේ කිරීම නිවැරදි ද ?

එහෙම බැහැ. මට තියෙන ප්‍රශ්නේ ඇයි, මේ ආයතනයටම මෙහෙම අනුමැති ලබා දුන්නේ කියන එක. 

කොතනින්ද මේ වරද හදන්න ඕනි ?

ක්‍රම දෙකක් තියෙනවා. නිර්දේශ වැරදියි ඒ නිසා මේ වැඩපිළිවෙල මෙතනින් නතර කළ යුතුයි. ඖෂධ නියාමන අධිකාරිය වහාම ක්‍රියාත්මක විය යුතුයි. නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව අනුමැති ලබා දුන්නේ කොහොමද? කියන එක සොයා බැලිය යුතුයි. ජනාධිපති කොමිසමක් පත් කර වංචාවට අදාල පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතුයි.

ඔබල ජනපතිව දැනුවත් කළාද ?

ඔව් ලියකියවිලි ලබා දී අවසන්, අයවැයෙන් පසු ජනපති මේ ගැන සොයා බලා කටයුතු කරයි බලාපොරොත්තු වෙනවා. එහෙම නොකොළොත් හෙට තව කෙනෙක් මේක කරනවා.

අවසන් වරට අහනවා. ඔබ මෙතරම් මේ සම්බන්දයෙන් ගවේෂණය කළා නම් සමාගම පිටුපස සිටින දේශපාලන හස්තය ඔබ නොදන්නවා වෙන්න බැහැ. ඔවුන් කවුද  ?

මේ අදාල ආයතනය අයිතිකරුගේ පියා යහපාලන ආණ්ඩුවේ ඉහළ නිල තලයක් දැරූ කෙනෙක්.  ඒවගේම අයිති පුද්ගලයාගේ මාමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

 

සම්පුර්ණ වීඩියෝව - https://youtu.be/d5YRMrOnKN0



අදහස් (2)

“බාල ඖෂධ හදලා මිනිසුන්ගේ ජිවිත අනතුරේ දාන්න දෙන්න බැහැ” - ආචාර්ය සංජය පෙරේරා

gamunu Tuesday, 13 December 2022 08:58 AM

නිර්දේශ වැරැදියි. ඒ නිසා මේ වැඩපිළිවෙල මෙතැනින් නතර කළ යුතුයි. ඖෂධ නියාමන අධිකාරිය වහාම ක්‍රියාත්මක විය යුතුයි. නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව අනුමැති ලබාදුන්නේ කෙසේද? රජයේ එක් ආයතනයක වැරැදි නිර්දේශ ඉදිරිපත් කරනවා. වෙනත් ආයතනයක් වැරැදි නිර්දේශ මත ක්‍රියා කරනවා. රජය යටතේ පවතින මෙම ආයතන තුළ සිදුවන අක්‍රමිකතාවයන් සහ දූෂිත ක්‍රියාවන් පිළිබඳ එම ආයතන ප්‍රධානින් සහ වගකිවයුතු පුද්ගලයින් සහ වංචාවට අදාල පුද්ගලයින් සොයා දඬුවම් ලබාදීමට පොලිසියට නොහැකිද? මෙවැනි ආයතන තුළ සිටිනා වගකිවයුතු නිලධාරීන්ට වගකීම ගෝ වගවීමක් ගැනීමට නොහැකිනම් එම තනතුරුවල රැඳී සිටින්නේ ඇයි? රජයේ සියලු ආයතන තුළ සිදුවන අක්‍රමිකතාවයන් සදහා ජනාධිපති කොමිසම් පත්කළ යුතුද?

:       0       0

සුරංග Wednesday, 14 December 2022 06:19 AM

මෙයා පිටරට විශ්ව විද්‍යාලයක උපදේශක වරයෙක් ඉතින් රටට කොහොම වුනත් තමා උපදේශක ලෙසට සිටින රටට සේවයක් කරන්න වෙනවා මම සාමාන්‍ය සිද්ධියක් කියන්නම් එක ප්‍රදේශයක ජීවත්වන පීඑච් අයි මහතෙක් ප්‍රදේශයටම තිබුනු එකම ආදාහනාගාරය තිබුන නගර සභාවෙ ආදාහනාගාරය බාරව එහි ආදායම් ඉපැයීම බාරව කටයුතු කලා ඒ අතර ඔහුගේ ගමේ ආදාහනාගාරයක් හදන්න සූදානම් වුනාම ජනතාවට බොරු කියලා නොමග යවල ලැබෙන්න තිබෙනදේ නැතිකලා. ඉන් පස්සෙ ඒ වටේම පලාත් පාලන ආයතන ආදාහනාගාර ඇතිකලා අන්තිමේ තමන්ගෙ ගමට තමයි කිසිවක් නැතිවෙනේ. කොහොම වුනත් ලංකාවෙ අපිට පිටරටදේ සිරිසැපදේ නේද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12939 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 322 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 220 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site