IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සංචාරක කලාපවලට විදුලිය නොකැපීම හොඳ තීන්දුවක්

විදුලිය ගාස්තු සහ විදුලිය කප්පාදුව පිළිබඳ අසන්න දකින්න ලැබෙන්නේම අවර ගණයේ කතා ය. ලබන වසරේ සිට විදුලි බිල යළිත් අවස්ථා දෙකක දී ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි. ඒ අතර විදුලි කප්පාදුව මේ වනවිට පැය දෙකයි විනාඩි 20ක් දක්වා දීර්ඝ කෙරී තිබේ. එය තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවට පුරෝකථන බොහෝ ය. ඒ දෙස ඇඟිලි බැඳගෙන බලා සිටිනවා හැර පාරිභෝගිකයන්ට වෙනත් විකල්පයක් නැත. ගාස්තු වැඩිකිරීමක් කළ නොහැකි නම් විදුලිය පැය 8ක් පමණ කැපිය හැකි බවටද විදුලිබල ඇමතිවරයා අනතුරු අඟවා තිබේ.

විදුලියේ ඒ ආකාරයේ සියලු‍ අඳුරු කතාබහ මැද එක් රිදී රේඛාවක් පසුගියදා ප්‍රකාශ වී තිබිණි. එය සංචාරක කලාප සම්බන්ධයෙනි. දකුණු සහ ඇල්ල සංචාරක කලාපවල රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශය එම රිදී රේඛාවේ පදනමයි. සංචාරක අමාත්‍යංශය හඳුනාගෙන ඇති සියලු‍ම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරෙන බවත් එය සිදුවෙන්නේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍රු බලාගාරයේ 03 වැනි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට නැවත එක්කිරීමට නියමිතවීම හේතුවෙන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ඒ සමඟ අමාත්‍යවරයා තවදුරටත් කියා තිබුණේ රටපුරා විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලු‍ත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවය.

දැනට සංචාරක කලාප වශයෙන් හඳුනාගෙන ඇත්තේ දකුණ සහ ඇල්ල ප්‍රදේශ පමණක්දැයි අපි නොදනිමු. එහෙත් මේ දිනවල රටට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනකුගේ තේරීම දකුණ සහ ඇල්ල ප්‍රදේශ බවට බැලූ බැල්මට පෙනී යයි. එයින් අදහස් වෙන්නේ රටේ සෙසු ප්‍රදේශවලට සංචාරකයන් නොයන බවක් නොවේ.

මේ වනවිට දිනකට දෙදහසකට ආසන්න සංචාරකයන් පිරිසක් රටට ගොඩබසින බැවින් රටේ බොහෝ ප්‍රදේශ එම සංචාරකයන්ගේ ගමනාන්ත බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය. එම ප්‍රදේශවලටද විදුලිය කප්පාදුව රාත‍්‍රී කාලයේ සිදු නොවන්නේ නම් එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ධනාත්මක ලෙස බලපාන සාධකයක් වනු ඇත. එහෙත් අඩුම තරමින් දකුණ සහ ඇල්ල සංචාරක කලාපවලින් හෝ ඒ සඳහා ආරම්භයක් ගැනීම ඉතා යහපත් පියවරක් වශයෙන් අපි දකිමු.

මහ බැංකුවේ වාර්තාවලට අනුව මේ වසරේ ජනවාරියේ සිට නොවැම්බර් දක්වා ගත වූ මාස 11ක කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1129.4ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. නොවැම්බර් මාසය තුළ පමණක් සංචාරකයන් 59,759ක් පැමිණ ඇති බවත් එයින් ලද ආදායම ඩොලර් මිලියන 107.5ක් බවත් සඳහන්ය. පසුගිය වසර දෙක තුන සමඟ සසඳන විට එය විශාල ඉදිරි පිම්මකි.

සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට වැටී සිටි කාලය ගෙවා දමමින් දැන් ශ්‍රී ලංකාව පියවර තබමින් සිටින්නේ සංචාරක ක්ෂේත්‍රයට යළිත් වසන්තය එළඹෙන සමයකට බව මේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මේ නිසා දකුණ සහ ඇල්ල වැනි වඩාත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වෙන ප්‍රදේශවලට හෝ රාත්‍රී කාලය විදුලි කප්පාදුවකින් තොරව පවත්වා ගැනීම එම සංචාරක වසන්තයට ලබාදෙන විශාල තල්ලු‍වකි.

ඕනෑම දෙයක වටිනාකම වැඩියෙන් දැනෙන්නේ එය නැතිව ගිය කාලයට යන්න ප්‍රකට කියමනකි. විදුලිය අඛණ්ඩව ලැබෙමින් සිටියදී එහි වටිනාකම මේ රටේ පාරිභෝගිකයන්ට නොදැනුණි. අඩු තරමින් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට පවා එය දැනුණු බවත් පෙනෙන්නට නොතිබිණි. සියලු‍දෙනාගේ ඉහමොළ රත්වුණේ පැය ගණනින් විදුලිය කප්පාදුව ආරම්භවීමෙන් පසුවය. සංචාරකයන්ගේ පැමිණීමද එසේමය.

ඔවුන් රටට ලක්ෂ ගණනින් පැමිණෙන තුරු ඔවුන් රටේ ඩොලර් උල්පත් බව බොහෝ දෙනා වටහා ගත්තේ නැත. සංචාරකයන්ගේ වටිනාකම ඔවුන්ට දැනුණේ සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට වැටීමෙන් පසුවය. සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම දැන්වත් මේ පිරිසට තේරුම් ගොස් ඇතැයි අපි සිතමු.

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී රටට තව තවත් ඩොලර් ලැබීමට නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නොඅඩුව සම්පාදනය කළ යුතු වෙයි. විදුලිය සැපයුම් ඒ පහසුකම් අතරේ ඉහළින්ම වෙයි. ඒ අර්ථයෙන් ගත් කල අඩු තරමින් සංචාරක කලාපවලට හෝ විදුලිය කප්පාදුව අත්හිටුවීමට ගත් තීරණය පැසසුම් කටයුතු බව පවසමු. ඉදිරි කාලයේදී රටට සංචාරකයන්ගේ පැමිණීම මිලියන 1.5 දක්වා ඉහළ දමා ඩොලර් බිලියන 05ක ආදායමක් ලබාගැනීමට සංචාරක අමාත්‍යංශයේ පවතින සැලසුම සාර්ථක කර ගැනීමට එය ප්‍රබල පිටිවහලක් වනු ඇත.

(***)



අදහස් (1)

සංචාරක කලාපවලට විදුලිය නොකැපීම හොඳ තීන්දුවක්

de silva Sunday, 11 December 2022 12:06 PM

මොන බොරුද? තංගල්ල ප්‍රෙද්ශයේ සංචාරක කලාප වලට විදුලිය කපනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17879 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 152 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 48 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site