අපේක්ෂාවල හිරවුණූ ආර්ථිකය
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2023 වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 11.5න් හැකිළී තිබේ. නොකඩවා ආර්ථික වර්ධන වේගය පහළ ගිය පස් වැනි කාර්තුව මෙයයි. කාර්මික, නිෂ්පාදන, ඉදිකිරීම්, සේවා යන අංශවල වර්ධන වේගයන් අඩාළ වීම මේ වසරේ පළමු කාර්තුවේ දී ඍණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා වීමට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.