
උතුරු මැද පළාතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදි කළ අධ්‍යාපන ගොඩනැගිල්ල සඳහා වූ බිල්පත්වල මුල් පිටපතටත්, එම මුල් පිටපත්වල ඡායා පිටපත් සඳහාත්, කොන්ත්‍රාත්කරුවන් දෙවතාවක දී, වංචනිකව රුපියල් 8608290/-ක මුදලක් ලබාගෙන ඇතැයි විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවක දැක්වෙන බව කියන පුවතක් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය.

කොන්ත්‍රාත්කරුවන් මේ ආකාරයට මුදල් ලබාගෙන ඇත්නම් එය ඔවුන් තනිව කළ වංචාවක් නොව රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද ඇතිව හවුලේ කළ වංචාවක් බව පැහැදිලිය.
නිදහසින් පසු අධ්‍යාපන ව්‍යාපෘතියක් උදෙසා වෙන් වූ වැඩිම මුදල් ප්‍රතිපාදනය වන රුපියල් බිලියන 64.5ක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් වී තිබිණි. මධ්‍යම රජයේ සහ පළාත් සභාවල පාලනය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. ඊට ජාතික පාසල් 282 ක්, පළාත් පාසල් 8782 ක් ද වශයෙන් පාසල් 9064 ක් අයත් විය.
හඳුනාගත් පාසල්වල යටිතල පහසුකම් වර්ධනය කිරීම, උසස් තාක්ෂණික නිපුණතා හිමි ගෝලීය ගම්මානයක් බවට පාසල පත් කිරීම, ලෝකය දිනීමේ හැකියාව ඇති පෞරුෂ බිහිකරලීම, ගම්බද පාසල්වල ඵලදායිතාව වර්ධනය හා කළමනාකරණය ශක්තිමත් කිරීම. නාගරික ජනප්‍රිය පාසල්වලට ඇදී එන සිසු සංඛ්‍යාව අවම කිරීම යන කාලීන වශයෙන් වැඩදායි අගනා ප්‍රතිඵල එයින් අපේක්ෂා කෙරිණි.
කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය ජාතික පාසල් හා රටේ ප්‍රධාන නගරවල ජනප්‍රිය ජාතික පාසල් හොඳම පාසල් යන්න මෙරට ජනයාගේ ආකල්පයයි. එම ආකල්පය යථාර්ථය හා බැඳුණු එකක් වුවද එය වෙනස් කළ යුතු යථාර්ථයකි. ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘති නාමයේ ද මෙම ආකල්පය වෙනස් කිරීමේ අභිප්‍රාය ගැබ් වී තිබිණි.
1931 සිට 1947 දක්වා අධ්‍යාපන අමාත්‍ය ධුරය හෙබවූ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ එක් ඉලක්කයක් වූයේ දිස්ත්‍රික්කයට එක බැගින් ප්‍රධාන මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමයි. එතුමා ආරම්භ කළ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දූ දරුවන්ට දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීමේ වරම් ලබා දීම එම වැඩපිළිවෙළේ එක් ඉලක්කයක් විය.
එතුමා ආරම්භ කළ එම හරවත් සංකල්පය කාලයත් සමග සාර්ථකව වර්ධනය වූයේ නැත. දිස්ත්‍රික් මට්ටමේ මධ්‍ය මහා විද්‍යාල වලින් බොහෝ උගතුන් බිහිවූ බව සැබෑවකි. එහෙත් දිස්ත්‍රික් මට්ටමේ මධ්‍ය මහා විද්‍යාලවල තත්ත්වය කාලයත් සමඟ හොඳින් වර්ධනය වූයේ නැත. නගරවල නම ගිය පාසල් පමණක් දියුණු වූ අතර ජනප්‍රියත්වයට පත් වූයේද එම පාසල්ය.
එහි එක් ප්‍රතිඵලයක් වූයේ ප්‍රධාන පෙළේ විදුහලකට පිවිසෙන බලාපොරොත්තුවෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුවා ළමා කාලයේ අනෙක් සියලුම ක්‍රියාකාරකම් හැරදා දැඩි වෙහෙසක් දරා නාගරික ප්‍රධාන පාසලකට පිවිසීමේ අරමුණෙන් ඉගෙනීම ලැබීමයි. බහුතර දෙමාපියෝ ඒ සඳහා පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවාගේ හිස මත බර පැට වූහ.
සාර්ථක ලෙස වර්ධනය වීමට ලක් නොවූ කන්නන්ගර අමාත්‍යවරයාගේ සංකල්පය කාලයට අනුරූපවන ලෙස ඉදිරියට ගෙන යාමේ වෑයමක් හොඳම පාසල ළඟම පාසල ව්‍යාපෘතිය තුළ දිස් වේ. එහෙත් අප රටේ ඕනෑම වැදගත් ව්‍යාපෘතියකට වැඩපිළිවෙළකට හරස් වන මූලික බාධාවක් වන දූෂණය හා වංචාව මෙම වැඩපිළිවෙළට ද හරස් වී ඇති සෙයක් පෙනේ. මේ වන විට ලෝක දූෂණ දර්ශකයේ ඉතාමත් දුක්ඛිත ස්ථානයක (රටවල් 180කින් 101 ස්ථානයේ) පසුවන අප ලබා ඇත්තේ ඊට අදාළ ලකුණු සියයෙන් තිස් හයක් පමණකි.
වෙන කිසිම කාලෙකට වඩා වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දූෂණ හා වංචා වඩාත් අන්තරායකාරී ලෙස රටේ ආර්ථිකයට ජන ජීවිතයට අහිතකර ලෙස බලපානු නියතය. ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය ණය ප්‍රශස්ත කරන වැඩපිළිවෙළේ වැඩි බරක් පැට වී ඇත්තේ ද රටේ වැඩ කරන ජනතාව පිටයි.
රටේ වංචා හා දූෂණවලට මුළු වෙර යොදා නැවතීමේ ලකුණ තබාගන්නට නොහැකි වුවහොත් පොදු මහජනයා පිට පැටවෙන බර තවත් වැඩිවේ. අධ්‍යාපන ව්‍යාපෘතිවලින් වංචා කිරීම රටේ අනාගතය බාර ගන්නට නියමිත දරුවන්ට ද වංචා කිරීමකි.
(***)
2025 නොවැම්බර් මස 04
151
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2048
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1575
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසල් ගොඩනැගිලිවලින් ගසාකෑම නවත්වනු බැරිද?
cc Wednesday, 19 July 2023 12:07 PM
උතුරු මැද පළාතේ පමණක් නොව මේ රටේ සෑම පළාතකම තත්වය මෙයට සමාන බව ඉතා හොඳ විශ්වාසයකින් කිව හැකියි. මේ රටේ පොදුජනයා දශක 03 ක යුද්ධයකින් පීඩා විඳි අතර හැකිතරම් පටි තදකරගෙන කැපකිරීම් කරන ලදී. යුද ජයග්‍රහණයත් සමග සැවෝම ප්‍රීතිවෙමින් දැන්වත් රට සංවර්ධනයේ මාවතේ ඉහළටම නගිනු ඇතැයිද, රටෙහි සිදුවන සංවර්ධන ප්‍රථිලාභ රටේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිර ගොස් සියලු ජනයාට දියුණු පහසුකම් සහිත රටක් උරුම වේ යැයි සිහින මැවූහ. නමුත් සිදු වූයේ කුමක්ද? රටේ එදාටත් වඩා පොදු ජනයාට ජීවත්වීමට බැරි ආර්ථික දුෂ්කරතාවලින් පිරි හිඟන රටක් බිහිවී ඇත. රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම වංචාව, දූෂණය, හොරකම, සම්පත් අවභාවිතය අනවර්ත සංවර්ධන ප්‍රමුඛතා බහුලව සිදුවී ඇත. වැරැදි, අඩුපාඩු සහිත ප්‍රතිපත්ති බහුලවී ඇත. මේවාට වගකිවයුතු දේශපාලකයින් ඔවුන්ගේ හිතවතුන් මේවාට සහාය දෙන රාජ්‍ය නිලධාරින් ධන කුවේරයින් වී ඇත. සිදුකරන ලද සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම අඩු වැඩි වශයෙන් මොවුන් සොරා කා ඇත. මෙම දූෂිත ගනුදෙණු ස්වාධීනව නියාමනය කිරීම සඳහා කිසිදු යාන්ත්‍රණයක් නැත. මේවා හොඳින් නියාමනය කළ හැකි යාන්ත්‍රණයක් කිසිදා බිහි නොවනු ඇත. වහා මෙම මජර සංස්කෘතිය වෙනස් කළයුතුයි.
Kumasaru Friday, 21 July 2023 05:20 AM
ආණ්ඩුකාරයා අනිවාර්යයෙන්ම සම්බන්ධ ඇති... දූෂණ කප්පිත්තෙක් තමයි.