වන්දිභට්ට සාහිත්‍යයෙන් තරුණ පරපුර අනාථ වෙලා
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා නිර්මාණාත්මක සාහිත්‍යය මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධ කෘති රැසක් ලියා පළ කොට ඇති ලේඛකයෙකි. ලොව හැඳිනිය යුතු හෙයින්ම, රාජ්‍ය, මාධ්‍ය හා සෞඛ්‍ය, ආදරයේ සැබෑ කතා, රට කට හා හෙට, තාරුණ්‍යය දැකීම හා රැකීම, යොවුන් වියට ලිංගික අධ්‍යාපනය, ජීවිතෙත් වැව වගේ වැනි කෘති ඔහු සම්පාදනය කළ ග්රන්ථ අතර කිහිපයකි.