’මැල්සි’ නම් වූ ජැකා
මා මෙය ලියන මොහොතේ ද මගේ වම්පසින්, දකුණුපසින්, ඉදිරියෙන් පසුපසින්, උඩින් සිටින්නා වෙනෙකකි. මා ලියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් කියැවූ සහ මා කියන ඕනෑම දෙයක් මහත් උවමනාවකින් අසා සිටි මිනිසා ය. ශ්‍රියන්ත මෙන්ඩිස්ට, කමල් අද්දරආරච්චිට, මහේන්ද්‍ර පෙරේරාට, ජූඩ් ශ්‍රීමාල්ට සහ මට එක බත් මුට්ටියෙන් බත් බෙදාදුන් එක්තරා දයාබර මාතාවක විසින් ඔහු හඳුන්වනු ලැබුවේ මැල්සි යන නමිනි.