මැතිවරණ කොමිෂන් සභාව යනු ඉතා වැදගත් එමෙන්ම වගකිවයුතු ආයතනයකි. රටේ ජනතාවගේ ඉරණම තීරණය කරන මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතුය. එහෙත් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ එම ආයතනයේ ගරු ගාම්භීරත්වයට තරම් නොවන කතාවකි.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක් උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කර තිබුණේ මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩ හැර ඇති බවය. මෙසේ විනාශවීමට ඉඩ හැර ඇතැයි පැවසෙන්නේ ටෝනර්, රිබන්, මාස්ටර් රෝල්, තීන්ත යනාදී භාණ්ඩ තොගයකි.
විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ අතිශයින්ම වැදගත් වචන කිහිපයක් තිබේ. එනම් මැතිවරණ කොමිෂන් සභාව මෙම භාණ්ඩ තොගය මිලදී ගෙන ඇත්තේ ‘‘නිසි සැලැස්මකින් තොරව’’ බවය. එමෙන්ම එම භාණ්ඩ තොගය ‘‘පැත්තකට දමා විනාශ වීමට ඉඩ හැර ඇති’’ බවය.
රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයකට මෙබඳු ඉරණමක් අත්වීමට ඉඩ හැරීම මැතිවරණ කොමිෂන් සභාව වැනි වගකිවයුතු ආයතනයකින් බලාපොරොත්තු විය හැකිද යන ප්‍රශ්නය මග හැර යා නොහැකිය.
පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණය අතුරුදන් වී වසර ගණනාවකි. පැවැත්වීමට දින නියම කර ඡන්ද පත්‍රිකාවලින් අඩක් මුද්‍රණය කර තිබියදීත් පළත් පාලන මැතිවරණය කල් ගියේය. ඇතැම් විට මෙම භාණ්ඩ තොගය මිලදී ගන්නට ඇත්තේ එම මැතිවරණ සඳහා විය හැකිය. එහෙත් මැතිවරණ අතුදන්වීම හෝ කල්යෑම මැතිවරණ කොමිෂන් සභාවේ සීමාවෙන් එපිට පිහිටියකි. එහෙත් නිසි සැලසුමකින් තොරව රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමත් ඒවා විනාශවීමට ඉඩ හැරීමත් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. මන්දයත් මෙම සිදුවීම වාර්තා වන්නේ ගමක මරණාධාර සමිතියකින් නොව මැතිවරණ කොමිෂන් සභාවෙන් වීමය.
ඉහත සිදුවීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් විමසා ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත්තේ ‘‘වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත්’’ය යනුවෙන් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම නිලධාරීන් සඳහන් කර ඇත. ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙන්නේ මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කිරීම කඩිනම් කළ යුතු බවය.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ 2023 වසරේ සිදුවී ඇති වාහන අනතුරු තුනකට අදාලව මුදල් අයකර ගැනීම කර නොමැති බවය. එමෙන්ම 2019, 2020 සහ 2021 වසරවලදී සිදුවී ඇති අනතුරුවලින් තවදුරටත් අයකර ගැනීමට නොහැකි වූ සහ පොත්වලින් කපා ගැනීමට නොහැකි වූ හානිවල වටිනාකම ලක්ෂ 25කට වැඩි බවය. මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ එම අලාබ පොත්වලින් කපා හැරීමට කටයුතු කරන බවය.
මෙම ප්‍රවෘත්ති කියවනවිට මෙරට සබුද්ධික ජනයාට සිතෙනු ඇත්තේ ‘‘මේ රට කවදා ගොඩනැගිය හැකිද’’යන්නය. එපමණටම මේ රටේ සෑම ආයතනයක්ම ඇතුළතින් දිරාපත් වී අවසානය.
(***)
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිවරණ කොමිසමේ මිලදී ගැනීම් ගැන විගණන වාර්තා