එදා වැටුණු ආර්ථිකයේ අද දවස
1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් ද, එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ විශ්ලේෂණයක් ද අඩංගු වාර්ෂික වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.