කටුස්සාට හා හූනනාට බොහෝ සෙයින් සමාන සතුන් අදින් වසර ලක්ෂ 990ට පෙර ද මිහිතලයේ සිටි බව විද්‍යාඥයෝ පවසති. ශාක ලාටු හෙවත් ඇම්බර් කුට්ටියක හිරවී සිටි කටුස්සකුගේ පොසිලයක් මියන්මාරයේ කචින් හි නිවර්තන වනාන්තරයකින් සොයා ගැනීමත් සමග මේ තොරතුරු සොයාගෙන ඇත. ෆ්ලොරිඩා ස්වභාව විද්‍යා කෞතුකාගාරය මේ පොසිලය පිරික්සයි.
ආචාර්ය එඩ්වර්ඩ් ස්ටැන්ලි මහතා පවසන්නේ මේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් සොයාගත හැකිවනු ඇති බවයි.
“අදින් වසර ලක්ෂ 990ට පෙර ලෝකයේ පරිසරය ගැන මේ සත්ත්ව ෆොසිලයෙන් විස්තර සොයාගත හැකි වේයැයි බලාපොරොත්තු වෙනවා. මේ සතාගේ සම, දිව හා නියපොතු වැනි සියුම් කොටස් පවා සුරක්ෂිතව තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වේවි. මේ ෆොසිලයේ එකම ආකාරයේ සතුන් දෙදෙනකු සිටිනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් ඇතුළේ ඉන්න හුනන්ට නම් මම කැමති නැහැ.කොහෙද ගමනක් යන්න එළියට බැස්සාම "චුක්,චුක්"ගැවාම ගෙදර කට්ටිය හුණු සාස්තරේ බලනවානේ. (නි)
සේන, මටත් මතක්වෙනවා මම චුටි කාලේ මගේ ආච්චි කිවුව කතාවක්. ඔය හුනයි, කිඹුලයි අයියයි මල්ලියිලු. කොහේහරි යනකොට ගෙදර ඉන්න හූනා චුක් චුක් ගෑවොත් .. .." ඔය හුනා කියන්නේ මගෙන් බේරිලා ගියාට මගේ අයියාගෙන් නම් බේරෙනවා බොරු කියලයි. කියන්නේ. කොහේ ගියත් කමක් නැහැ ගඟක නාන්න නම් යන්න එපා දරුවෝ. ඒවායේ කිඹුල්ලු ඉන්නවා.."කියලා අපේ ආච්චි කියනවා.ඒ කාලය හරිම සොඳුරුයි කියලා හිතෙන්නේ දැන් තමයි. නමුත් ඒ ලස්සන කතන්දර කිවු ඒ අපේ ආච්චි අපිව හැරදා ගිහින් බොහෝ කල්. (නි)