කටුස්සාට හා හූනනාට බොහෝ සෙයින් සමාන සතුන් අදින් වසර ලක්ෂ 990ට පෙර ද මිහිතලයේ සිටි බව විද්‍යාඥයෝ පවසති. ශාක ලාටු හෙවත් ඇම්බර් කුට්ටියක හිරවී සිටි කටුස්සකුගේ පොසිලයක් මියන්මාරයේ කචින් හි නිවර්තන වනාන්තරයකින් සොයා ගැනීමත් සමග මේ තොරතුරු සොයාගෙන ඇත. ෆ්ලොරිඩා ස්වභාව විද්‍යා කෞතුකාගාරය මේ පොසිලය පිරික්සයි.
ආචාර්ය එඩ්වර්ඩ් ස්ටැන්ලි මහතා පවසන්නේ මේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් ඉතා වැදගත් තොරතුරු රාශියක් සොයාගත හැකිවනු ඇති බවයි.
“අදින් වසර ලක්ෂ 990ට පෙර ලෝකයේ පරිසරය ගැන මේ සත්ත්ව ෆොසිලයෙන් විස්තර සොයාගත හැකි වේයැයි බලාපොරොත්තු වෙනවා. මේ සතාගේ සම, දිව හා නියපොතු වැනි සියුම් කොටස් පවා සුරක්ෂිතව තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වේවි. මේ ෆොසිලයේ එකම ආකාරයේ සතුන් දෙදෙනකු සිටිනවා.”
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හූනයි කටුස්සයි ආදිම කාලෙත් ඉඳලා
සේන Tuesday, 08 March 2016 07:07 PM
ගෙවල් ඇතුළේ ඉන්න හුනන්ට නම් මම කැමති නැහැ.කොහෙද ගමනක් යන්න එළියට බැස්සාම "චුක්,චුක්"ගැවාම ගෙදර කට්ටිය හුණු සාස්තරේ බලනවානේ. (නි)
විජිත් Wednesday, 09 March 2016 06:10 PM
සේන, මටත් මතක්වෙනවා මම චුටි කාලේ මගේ ආච්චි කිවුව කතාවක්. ඔය හුනයි, කිඹුලයි අයියයි මල්ලියිලු. කොහේහරි යනකොට ගෙදර ඉන්න හූනා චුක් චුක් ගෑවොත් .. .." ඔය හුනා කියන්නේ මගෙන් බේරිලා ගියාට මගේ අයියාගෙන් නම් බේරෙනවා බොරු කියලයි. කියන්නේ. කොහේ ගියත් කමක් නැහැ ගඟක නාන්න නම් යන්න එපා දරුවෝ. ඒවායේ කිඹුල්ලු ඉන්නවා.."කියලා අපේ ආච්චි කියනවා.ඒ කාලය හරිම සොඳුරුයි කියලා හිතෙන්නේ දැන් තමයි. නමුත් ඒ ලස්සන කතන්දර කිවු ඒ අපේ ආච්චි අපිව හැරදා ගිහින් බොහෝ කල්. (නි)