ඔවුන්ගේ අත් තදින් එකට බැඳ දමා තිබිණි. සිරුරුවල තුවාල රැසක් දක්නට ලැබිණි. ඇතැම් අයගේ සිරුරු කොටස්වලට කැඩී තිබිණි. මේ සියල්ල සොයා ගත්තේ කෙන්යාවේ නාටරුක් ප්‍රදේශයේ කලපුවකිනි. එසේ වුව ද ඒ පුද්ගලයන් මරා දමා ඇත්තේ අද ඊයේ නොවේ. අදින් වසර 10,000ට පමණ පෙරාතුවය. පර්යේෂකයන් පවසන්නේ ඒ කිසිදු සිරුරක් වළ දමා නොතිබූ බවයි.
මෙය ප්‍රාග් ඓතිහාසික යුගයේ සමූළ ඝාතනයක් පිළිබඳ භයංකාර දර්ශනයකි.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මේ ගවේෂණය සිදුකර ඇත. අාචාර්ය මාර්තා මිරසොන් ඒ කණ්ඩායමේ නායකත්වය දරයි. මේ සිරුරු අතර මිනිස් සිරුරු 27ක් දක්නට ලැබුණු අතර දරුවන් සහ ගැබ් ගත් කාන්තාවන් ද ඒ අතර සිටීම විශේෂත්වයකි. කාන්තා සිරුරු අටක් හා ළමයින්ගේ සිරුරු හයක් සොයාගෙන ඇති අතර එතැනින් හමුවූ ඇට සැකිළි වලින් 12ක් සම්පූර්ණ සිරුරු වෙයි. මේ සිරුරු 12 අතරින් සිරුරු 10ක දරුණු තුවාල දක්නට ලැබිණි.
අස්ථිවල ඇති තුවාල සළකුණු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ තියුණු ගල් ආයුධ, ඊතල හා පොලු මුගුරුවලින් පහර දී මේ තුවාල සිදුකර ඇති බවයි. සිරුරු දෙකක ඇනී තිබූ ගල් ආයුධ දෙක්ක ද සොයා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.
එක් කාන්තාවගේ අස්ථි කොටස් අතර තිබී දරු කලලයක අස්ථි කොටස් හමුවී අැත. මවගේ අස්ථි කොටස් සමග කළවම් වී තිබූ මේ නූපන් දරුවා මාස හයත් නමයත් අතර දරු ගැබක් විය හැකියැයි පර්යේෂකයෝ කියති.
මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පැරණිතම සමූල ඝාතනය බවට විශ්වාස කරයි. මෙය සොයා ගැනීමට පෙර පර්යේෂකයන් විශ්වාස කළේ යුද සංග්‍රාම වර්ධනය වූයේ අදින් වසර 6,000ට පමණ කාලයේ බවයි. මේ සොයා ගැනීමත් සමග එම කාලය තවත් වසර 4,000ක් පමණ අතීතයට ගමන් කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි. ඔයා නිහාල් නෙල්සන් කියන ගායකයාගේ සින්දුවක් අහන්නකො අනේ. ඔයාට හිතෙයි සින්දුවේ තියෙන්නේ ඔක්කොම අදහස් අංජ බජල් දේවල් කියල. එහෙම හිතුනොත් ඔබහරි (රැ හීනෙන් දවසක් මන් ගුරුවරයෙක් වුනානේ සින්දුව වත් අහන්න) (බ)
ඔව්.. චතුරි කියන්නෙ මෙලෝ රහක් නැති අයෙක් කියලනම් පැහැදිලියි.... පව් ඉතිං (අ)
සුපිරි(කෞ)
ගොඩගේ, ඔබ මෙය ලියා තිබෙන්නේ විහිළුවටද? අපේ රටේ තරම් මිනිසුන් මරලා පස්යට වුණේ නැහැ දෙවෙනි ලෝක යුද්ධයේදිවත්. කියන්නත් කණගාටුයි (නි)
අනේ චතුරි, සාහිත්‍ය රසය කියන්නේ වෙන දෙයක්..... (නි)
මම වගේ කෙලින් කියන්නකෝ. ලියන දෙයක් මේක ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් ක්‍ියපුවම ඒ අයට හරි ආඩම්බරයි මොකද මොලේ කචල් නේ (කෞ)
අබය මම වැඩිය රසය හොයන කෙනෙක් නෙමේ. දිරවන්න පහසු ගුණ කෑම තමයි කන්න කැමති. ඒකත් වටේ යන්නේ නැතිව. (ර)
හොඳ සොයාගැනීමක් (නි)
ගොඩගේ සහෝදරයා කියනදේ ඉතා පැහැදිලියි. සහතික ඇත්ත (කෞ)
අපේ රටේ මෙහෙම වෙන්නේ නෑ .. කිසිම රජයක් කෙනෙක්ව මරල පොලවේ යටකරලත් නෑ... හැබැයි මැරෙන්න හිතුනම, තනියම හෝ දෙතුන්දෙනා සමග පොලව යටට ගොස් වල වහගෙන මැරුනට, රජයවල් වලට දොස් කියල වැඩක් නෑ... කිසිම රජයක් එහෙම කරලා පොලවේ යට කරලත් නෑ ...(බ)
අනේ චතුරි නංගි, ඔයා පොතක් පතක් කියවලා උපහාස රසය කියන එක විඳින්නකෝ (නි)
ඒක කියලා පිළිගන්න බෑ.(හේ)
ලංකාවේ හාරලා බැලුවොත් ලෝකයේ පැරණිම සහ අලුත්ම දෙකටම පළමු ස්ථානය ලබාගෙන ලෝක වාර්තාවකුත් තියන්න පුළුවන්. (නි)
තව ඇති පොළොව යට සැඟවිලා.(හේ)
මම හිතාගෙන හිටියේ පලවෙනි සමුහ ඝාතනය වුනේ විජය රජු විසින් කුවෙනිගේ පරම්පරව්ම ඝාතනය කිරීම කියලා.(හේ)
සොයා ගැනීම ගැන සතුටු වෙනවා.(හේ)