මිනිස් සමාජයේ භාවිතා කරන රසායනිකයන් හතරක් පිළිකා ඇතිකරණ ද්‍රව්‍ය ලෙස නම් කිරීමට ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව කටයුතු කැර තිබේ.
මෙලෙස නම්කැර ඇත්තේ රබර් කර්මාන්ත සඳහාත් පළිබෝධ නාශක සඳහාත් යොදා ගන්නා ඕතෝ තොලුයිඩින් නමැති රසායනික ද්‍රව්‍යයකි. එමෙන් ම පිරිසිදු කිරීම් සඳහා භාවිතා කරන රසායනිකයක් වන පළමුවැනි බ්‍රෝමොප්‍රොෙප්න් ද පිළිකා කාරක ලෙස නම්කැර ඇත. ඉනධන හා දුම්වැටිවල අඩංගු කුමේන් නමැති රසායනිකයකත් දැව ආරක්ෂක මිශ්‍රණයක් වන පෙන්ටක්ලොරොෆෙනෝල් පිළිකා කාරක විය හැකියැයි නම්කැර ඇති අනෙක් ද්‍රව්‍ය තුනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ලිපියක්.(හේ)
ගොඩක් හොද ලිපියක් මේ වගේ දේවල් තුලින් ජනතාව දැනුවත් කරන්න.(හේ)
ටූත් පේස්ට් වල අඩංගු ෆ්ලෝරයිඩ් වලින් මොකද්ද වෙන්නේ කියල බැලුවද ? (ස)
පළමුවත් දෙවනුවත් ස්තුතිය. (ස)
අපේ රටේ රබර් වලටත් කොක්ක.(හේ)
විද්‍යගාර වල කරන මෙම පරීක්ෂණ වාර්තා ජනතාවට දැනුවත් කිරීම සදහා ගම් මට්මේ නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලකයින් මගින් ගමට ගෙනයන වැඩ පිලිවෙලක් සැකසීමට සෑම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයකටම මේ බව දන්වන්න. කෘෂි කර්ම ඇමතිට නමි මෙිවා ඇහෙන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ. (නදී)
දැනුවත් කල එක ඉතා වැදගත් නමුත් අපි බොන වතුරට ඒව කලවම් කර තිබේ නම් අපි වතුර නොබී ඉන්නද? වෙන කුමක් කරන්නද?(හේ)
ලංකා දීප කරුණා කර මේ වගේ බෝනොවන රෝග පිළිබද ලස්සන පෝස්ටර් බැනර් ටික්කක ලංකාවේ ගම්බද ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන්න උදවු කරන්න. අපි නොමිලේ ඒවා ප්‍රදර්ශනය කරන්න උදව් කරන්නම් . රජරට විශ්වවිද්‍යාලය(අ)
මේ ක්ෂේත්‍රවල නියලෙන අයට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් වැඩ සටහන් කරන්නේ නම් බෙහෙවින් වටින්නේය (නදී)
මම මැතදී අන්තර්ජාලයේ කියැවූ තුන්වන ලෝකයේ ජනතාව මෙවැන් විෂයයන් ගැන ඇති දැනුම ඉතාම අල්පයි කියා. ඉතින් ලංකාදීපය ලංකාවේ මහජනතාව දැනුවත් කිරීමට දරනා ප්‍රයත්නයට මගේ ප්‍රණාමය!(හේ)
දැන් මොනවද විෂ නැත්තේ. (අ)
ස්තූතියි ලංකාදීප! (නි)
නොදැනුවත් කම,පරිපාලනයේ ඇති දුෂිත බව ,පරිසර ,සෞඛ්‍ය හා කෘෂිකර්ම අැමතිලගේ ඇති නොදැනුවත්කම නිසා ලංකාවේ මිනිස්සුන්ට කොහොමටත් මෙම රසායනික අනිවාර්යයෙන් ගෙදරටම ගෙනත් දෙන වෙළඳුන් ඉන්නවා. (අ)
ශෙහාන්ට උත්තරයක් දෙන්න හිතුනා. ෆ්ලෝරයිඩ් කියන්නේ අන්තිම විෂ රසායනිකයක්. දත් දිරායාම වැඩිකරන්නේ ඕකෙන්. අපි පොඩිකාලේ (70 ගණන් වල) ලංකාවේ තහනම් කළා. නමුත් දැන් එහෙම නැහැ. නිකමට හිතන්න නිරෝගී දත් හැමෝටම තිබුනොත් ලෝකයේ ඩොලර් බිලියන ගණනක බිස්නස් එකට මොකද වෙන්නේ? ලෝකයේ හැම රටකම වගේ වතුර වලට ෆ්ලෝරයිඩ් එකතු කරනවා. (නි)
මීට බොහෝ කාලයකට පෙරසිටම මම මේ රබර් ඇසිඩ් නිසා පිළිකා ඇතිවෙන බව සැක කළා. අපි පදිංචි කුඩලිගම ප්‍රදේශයේ රබර් වතු ආශ්‍රිතව ජීවත්වූ කිහිප දෙනෙක්ම පිළිකාව නිසා ජීවිතයෙන් සමුගත්තා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂාකර බලන්න. කුඩලිගම හොඳ පරිසරයක්. රබර් වතු ආශ්‍රිත සියලුදෙනා දැනුවත් කිරීමට දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)