පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකා සෛලවල ස්වරූපය මදක් වෙනස් කර රෝගියකුගේ සිරුරට ඇතුළු කර එමගින් පිළිකා සෛල විනාශ කළ හැකි බව ඇමෙරිකාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙය නවතම ජාන තාක්ෂණික ප්‍ර‍තිකාරයකි. මෙහි දී භාවිතා කරන ක්‍ර‍මය වන්නේ හානිකර සෛල විසින් ම හානිකර සෛල විනාශ කිරීමයි. එබැවින් විද්‍යාඥයෝ මේ නව ක්‍ර‍මයට ස්වයං ඝාතක ජාන ප්‍ර‍තිකර්මයක් ලෙස හඳුන්වයි.

මේ ප්‍ර‍තිකාර පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකා රෝගීන්ට ලබාදුන් පසු සියයට 20ක් එහි සාර්ථක ප්‍ර‍තිඵල ලැබුණු බව ද පර්යේෂකයෝ කියති. පිරිමි අය අතර ඇති සුලභම පිළිකා වර්ගය වන්නේ පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකාවයි.

ටෙක්සාස්හි හූස්ටන් මෙතෝදිස්ත රෝහලේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ නව ක්‍ර‍මය සොයාගෙන ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ දැනට සිදුකරන විකිරණ ප්‍ර‍තිකාර ක්‍ර‍මය හා ඒකාබද්ධ කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි බවයි.