IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පිළිකා සටනට ජාන වෙනස්කළ භටයෙක්

පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකා සෛලවල ස්වරූපය මදක් වෙනස් කර රෝගියකුගේ සිරුරට ඇතුළු කර එමගින් පිළිකා සෛල විනාශ කළ හැකි බව ඇමෙරිකාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. මෙය නවතම ජාන තාක්ෂණික ප්‍ර‍තිකාරයකි. මෙහි දී භාවිතා කරන ක්‍ර‍මය වන්නේ හානිකර සෛල විසින් ම හානිකර සෛල විනාශ කිරීමයි. එබැවින් විද්‍යාඥයෝ මේ නව ක්‍ර‍මයට ස්වයං ඝාතක ජාන ප්‍ර‍තිකර්මයක් ලෙස හඳුන්වයි.

මේ ප්‍ර‍තිකාර පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකා රෝගීන්ට ලබාදුන් පසු සියයට 20ක් එහි සාර්ථක ප්‍ර‍තිඵල ලැබුණු බව ද පර්යේෂකයෝ කියති. පිරිමි අය අතර ඇති සුලභම පිළිකා වර්ගය වන්නේ පුරස්ථි ග්‍ර‍න්ථි පිළිකාවයි.

ටෙක්සාස්හි හූස්ටන් මෙතෝදිස්ත රෝහලේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ නව ක්‍ර‍මය සොයාගෙන ඇත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ දැනට සිදුකරන විකිරණ ප්‍ර‍තිකාර ක්‍ර‍මය හා ඒකාබද්ධ කිරීමෙන් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි බවයි.



අදහස් (0)

පිළිකා සටනට ජාන වෙනස්කළ භටයෙක්

මැටිපහන Monday, 14 December 2015 02:16 AM

ඒ කියන්නේ මිනිසාට ඇති ලෙඩරෝග වලට මිනිසා විසින්ම ප්‍රතිකාර සොයාගන්න බවයි. (නි)

:       0       0

හේවා සරත් Tuesday, 22 December 2015 12:12 PM

ඌරගෙ මාළු මතක් වුනේ මොකද මේ වෙලාවේ. (කෞ)

:       0       0

මොහොමඩ් Saturday, 12 December 2015 05:48 PM

ඒ කියන්නේ ඌරගේ මාලු ඌරගේම ඇඟේ තියලා කපනවා වගේ වැඩක් (නි)

:       0       0

යහන් චතුරංග Tuesday, 15 December 2015 03:12 AM

ලෝකය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ සාම්ප්‍රදායික රටාවෙන් ඔබ්බට ලෝකය දකින්න උත්සාහ කිරීම තුළිනුයි. පිළිකා සෛල විනාශ කරන්න යොදාගන්නා විවිධ රසායන, විකිරණ ක්‍රමවේදයන් නිසා වන අතුරු විපාකත් බොහොමයි. නමුත් මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය වෛද්‍ය ක්ෂේත්‍රෙය් නව සන්ධිස්ථානයක් වේවි. ජය වේවා! (නි)

:       0       0

සුනිල් Friday, 01 January 2016 09:22 AM

ජයවේවා ජයවේවා මුළු ලෝකෙම ජයග්‍රණය කරන්න ආසිරි ආසිරි (කෞ)

:       0       0

සුනිල් Sunday, 13 December 2015 05:47 PM

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් අපි දන්නා කෙනෙකුත් මේ ළඟදී මියගියා. කවදා මේ ප්‍රතිකාර ක්‍රමයන් අපේ රටට හඳුන්වාදෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

දිසානායක Tuesday, 29 December 2015 04:47 PM

ගොඩක් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site