යාපනය දිස්ත‍්‍රික්කයේ පදිංචි අවුරුදු 5-15 අතර දරුවන්ගේ ශරීර සංයුතිය, මේද ප‍්‍රමාණය, බෝ නොවන රෝග වැළැඳීමට ඇති ප‍්‍රවණතාව සහ ශරීරයේ අඩංගු යකඩ ප‍්‍රමාණ ගණනය කිරීමේ කාලීන පර්යේෂණයක් සිදුකිරීමට යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කණ්ඩායමක් කටයුතු කරයි.
ලාංකික දරුවන්ගේ ස්ථූලතාව වැඩිවෙමින් පවතින අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ මේද ප‍්‍රමාණය වැඩිවීම, හෘද රෝග සහ අංශභාග වැනි රෝග ස්ථූලතාව හේතුවෙන් ඇතිවේ. දරුවන්ගේ සිරුරේ ශරීර ස්කන්ධ දර්ශක අගයන් සහ බෝ නොවන රෝග ඇතිවීමට ඇති අවධානම පර්යේෂණවලින් කලින් හඳුනාගෙන නිසි ප‍්‍රතිකාර කිරීම තුළින් සංකූලතා බොහෝමක් වළක්වා ගැනීම මෙහි අරමුණයි.
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය එම්.ගීතාංජලී සතියදාස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය පූජිත වික‍්‍රමසිංහ ගේ සහයෝගීතාවයෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ.
‘පර්යේෂණයට සහභාගිවූ දරුවන්ගේ පෝෂණ තත්ත්වය, ශරීර සංයුතිය, රුධිරයේ සීනි, කොලෙස්ටරෝල්, ඉන්සියුලින් සහ සිරුරේ යකඩ ප‍්‍රමාණය ගැන තොරතුරු ලබාගෙන තියෙනවා. මෙය එක් එක් දරුවාට මෙන්ම රටටද වැදගත් තොරතුරු රැසක් ලබාගැනීමට හොඳ අවස්ථාවක්. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් දරුවන්ගේ ස්ථූලතාව නිර්ණය කිරීම සඳහා වඩාත් සුදුසුම ශරීර ස්කන්ධ දර්ශක අගයන් සහ බෝ නොවන රෝග ඇතිවීමට ඇති අවදානම සහ ශරීරයේ ඇති මේද ප‍්‍රමාණය බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි ඇති සබඳතාව නිර්ණය කිරීමටත් මෙම පර්යේෂණයෙන් හැකිවෙනවා. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාවයි. මෙමගින් ලබාගන්නා දත්ත අනුව දරුවන්ගේ ස්ථූලතාව අඩුකර අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් පුරවැසියන් රටට දායාද කිරීමට හැකිවනු ඇති බව අපේ විශ්වාසයයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. සුබ පැතුම්! (නි)
ළමයින්ගේ පෙනුමේ හැටියට දුර්වලයි කියලා කිසි කෙනෙක් පෙනෙන්ට නම් නැහැ .කොහෝම උනත් හොඳ සත් ක්‍රියාවක්. (ර)