ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක දී එහි මගීන්ගේ දිවි බේරාගත හැක ගුවන් යානයක් පිළිබද සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කර ඇත. මේ නව සංකල්පයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයක් හදිසි අවස්ථාවක දී කඩා වැටීමේ හෝ වෙනත් හේතුවක් නිසා විනාශ වී යාමේ අවධානමක් ඇති අවස්ථාවක දී මගීන් සිටින කොටස ගලවා ඉවත්කර පැරෂුට් ආධාරයෙන් බිමට වැටීමට සැළැස්වීමයි.
අදහස ඉදිරිපත් කරන ඉංජිනෙරුවන් පවසන්නේ මේ සංකල්පය ගුවන් මගීන් බේරාගැනීමේ වඩාත් සාර්ථක ක්‍රමයක් වනු ඇති බවයි.
දැනට අභ්‍යාවකාශ ගමන් වල දී රොකටයකින් මගීන් සහිත යානා වෙන් කිරීමේ තාක්ෂණය මේ සදහා යොදා ගැනීමට අපේක්ෂිතය යානයේ මගීන් සිටින කොටසේ පත්ල රබර් යොදා නිෂ්පාදනය කිරීමටත් එමගින් පොළොවට පතිතවන අවස්ථාවක දී ඇතිවන කම්පනය අවමකිරීමටත් මුහුදට පතිතවන්නේ නම් මුහුදු ජලතල මත පාවීමේ හැකියාව ඇති කිරීමටත් යෝජනා කර ඇත.
මගී මැදිරියේ ඉහළ සවිකර ඇති විශාල පැරෂුට් හදිසි අවස්ථාවක දී එම මැදිරිය වෙන්කළ විට ක්‍රියාත්කවන ආකාරයෙන් මේ සංකල්පය ඉදිරිපත් කර ඇත. ඉදිරි වසර කිහිපයේ දී මෙවැනි ගුවන් යානා නිෂ්පාදනය කර මගී ප්‍රවාහනය සදහා එක්කිරීමට නියමිතය.
සංකල්පය ඉදිරිපත් කරන ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරු ව්ලැඩිමීර් ටටරෙන්කෝ හා ලිව්ලීක් යන දෙදෙනා පවසන්නේ මෙතෙක් සිදුවූ ගුවන් අනතුරුවලින් මගීන් විශාල වශයේ මියගිය ද ඉදිරියේ දී මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමත් සමග මරණ අවමකර ගැනීමට හැකි බවයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි (නි)
හොඳ වැඩක්
එතකොට බං එලවන එකාට මොකද වෙන්නේ ? (බ)
හොඳයි (අ)
නිතර ගුවන් ගමන් යන අයට හොඳ තොරතුරක් (නි)
පයිලට් ගැන නම් මම හිතන්න යන්නේ නැහැ (නි)
කොච්චර වටිනා දෙයක්ද ...(බ)
ඔය කිවුවට නියමුවා වැරදීමෙන් බොත්තම එබුවා කිවුවොත් හරි, අහම්බෙන් ලොක් එක පැන්නා කිවුවොත් හරි අපි විනාශයි. (නි)
ඉරංග, එතකොට බිම ඉන්න අය උඩ යන විදියටයි ඔය ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ (නි)
පරාක්‍රමටයි අමාලිටයි ඒ වෙලාවට උඩ යන්න තියෙන්නේ. ලංකාවේ කෙනෙකුට අපේ රට තුළ තාම නට් එකක් බෝල්ට් එකක් තබා අල්පෙනේත්තක්වත් හදන්න මොළයක් පහළවෙලා නැහැ. කොච්චර හොඳ නිර්මාණයක් කළත් එහි අවගුණමයි දකින්නේ (නි)
මිනිසා වෙනුවෙන් වැඩකරන මිනිස්සු!! (නි)
ඉතාම හොඳ සොයාගැනීමක් (නි)
" එතකොට බිම ඉන්න අයට මොකද වෙන්නේ? " (හේ)
අපේ අය විවේචනයට දක්ෂයෝ. ඒ මිනිස්සු හැම තප්පරයෙන්ම ප්‍රයෝජනවත් දෙයක් කරනවා.මේ සොයා ගැනීම පළවෙනි අදියර වෙන්න ඇති. ඊ ළග අදියරේදී නියමුවන් ගැන හිතයි.(ම)
මේකේ නියමුවාට බේරෙන්න ක්‍රමයක් හදල නැත්තේ හිතාමතාමයි. මොකද ලංකාවේ වගේ පයිලට් කෙනෙක් හිටියොත් ප්ලේන් එක අනතුරකට යද්දී ඇතුළේ ඉන්න මිනිසුන්ට බේරෙන්න තිබෙන බොත්තම ඔබන්නේ නැතුවම තමන් බේරෙන බොත්තම ඔබන බව මේ ඉංජිනේරුවෝ දන්නවා (නි)
ලලිත් වගේ අය හොදයි කාන්තා වැසිකිලියට වතුර ගෙනියන්න (බ)
වැඩේ නම් හොඳයි. ඒත් ගුවන් නියමුවා බේරෙන්නේ නැහැනේ. (නි)
අතිවිශිෂ්ටයි..! (නි)
විකල්ප ක්‍රම ඉදිරිපත් කළ හැකි අය ලංකාවෙත් අැති (බ)
අගනා සොයාගැනීමක්. (ර)
ඉතා හොඳ අදහසක් (නි)
නියමුවටත් ඇතුලට ඇවිත් රිමොට් 1න් බටන් 1 ඔබන්න කියනවා. හැබැයි බිම ඉන්න අයට බුදු සරණසි. (බ)
හොඳ සංකල්පනාවක්! (නි)
අනේ අනේ ඔය තරම් ලොකු ගුවන්යානයක් බිමට වැටෙනකොට බලාගෙන ඉන්නේ නැතුව අයින් වෙන්න බැරිද හැමදේම වැරදි විතරක් දකින්න එපා. හොද දකින්න උත්සහ කරන්න හොදකම වෙයි (හේ)
මේ දවස්වල රස්සාවක් නැතුව ඉන්නේ. ඒ වගේ එකක් වුණත් කමක් නැහැ ලැබෙනවා නම්. දන්නා තැනක් තියෙනවද බණ්ඩා මල්ලි? (නි)
රුසිරු කියන එක හරි. ඒත් කලබල වෙන්න එපා. අපි ඕකට මොකක්හරි කරන්න බලන්නම්. (නි)
මේකේ නරක ගැන කියන අයට තිබෙන ලොකුම ප්‍රශ්නේ බිම ඉන්න අයට මොකද වෙන්නේ කියලා. ඇයි පරණ විදියට ප්ලේන් එක බිමට වැටුනහම බිම ඉන්න අයට මොකුත් වෙන් නැද්ද? මේ ක්‍රමය නිසා ලොකු ගැටීමක් වෙන්නෙ නැහැ. ඒක නිසා වෙන හානිය අඩුයි. අනේ මන්දා අපේ අය හිතන විදිය. හැම දෙයක් දිහාම ඍණාත්මකව විතරයි බලන්නේ. නියමුවන්ට බේරෙන්න කෆීර් වල තිබෙන ක්‍රමය යොදාගන්න පුළුවන්. මේ නිර්මාණය සාර්ථක වෙන්න ඕනෑ. (නි)
මෙච්චර උඩකින් වැටිලා ජීවත්වෙලා වැඩක් තිබේද? (නි)
ඔකේ ලංකාවත් එල්ලන්න පුලුවන්නම් නියමි 1948 ඉදලම වැටෙනවනේ (රේ)
හොයාගත්ත කෙනාට කතරගම දෙවියන්ගෙම පිහිටයි.! (ර)
අම්මෝ.(හේ)
ලලිත්, ඔබේ කතාව හරියට උදේ හවස ගුවන් යානා වල යන කෙනෙක් වගේනේ (නි)
ඒ වෙලාවට අපි බිමි හිටියොත් අපිට මොකද වෙන්නේ? (නි)
හොද අදහසක්. (ර)
නියමයි. සාර්ථක විසඳුමක්.ජයවේවා. (බ)
ඉන්දික, ඔබ නම් හරියටම හරි... (නි)
ලලිත් උඹනම් නියම ශ්‍රී ලාංකිකයෙක් මචන්. මේක කොමහරි හදන එක නෙමෙයි කරන්න ඕනේ. බොත්තම හොදට හදන එක. (බ)
හොඳයි ඔක්කොම හරියට වැඩකරලා අන්තිමේ එක පැරිෂුට් එකක් වත් දිගාරුනේ නැති වුනොත්? තැලිලා මැරෙන්න තමයි වෙන්නේ. (හේ)
ගුවන් මගීන්ගේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අයගේ ජීවිත අනතුරු අවම කරන්න මේවගේ සොයාගැනීමක් ඉවහල්වේවි කියල අපි හිතනවා. ඉක්මනින් මෙය යථාර්ථයක් වේවා. (බ)
නියමු කුටිය පෙනෙන්න තිබුණා කියලා නියමුවෝ දාලා ඕක වැටෙන්නේ නැහැ. අයියෝ අපේ මිනිසුන්ගේ මොළේ? (නි)
එ්ක නම් හොඳ අදහසක් මගී ජීවිත බේරා ගන්න (බ)
මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව කුමක්ද යන්න තීරණය කීරීම ඉතා සංකීර්ණ දෙයක්. ප්‍රහාර වලදී, එන්ජින් දෝශ වලදී සහ කුණාටු අවස්ථා වලදී වගේ, එය හරියට තීරණය කරන්න හැකි වුණොත් සාර්ථක සංකල්පයක්. (ම)
නොකළ එකමයි හොයන්නෙ. මේ රටේ පුදුම මිනිස්සු ඉන්නෙ. (නි)
හොඳ සිතුවිල්ලක් (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මෙය ඉතාමත් අගනා නිර්මාණයක්. එහෙත් මෙහි ගුවන් නියමුවන් හට මෙහිදී අනතුරෙන් බේරී යානයෙන් ඉවත්වීමට හැකි මඟක් පැහැදිලිව දක්නට නැත. කෆීර් යානාවල මෙන් නියමුවාට යානයෙන් ඉවතට පැන දිවි ගළවාගත හැකි ආකාරයට මෙය නිර්මාණය කරන්නේ නම් යානයේ සිටින සියලු ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවනු ඇත. එසේ වුවහොත් ලෝකයේ ඇති නවීන තාක්ෂණයේ ඉහළම නිර්මාණය වනවා නියතය (නි)
මේ ක්‍රමය ගැන මීට කලිනුත් කතා කරලා තියනවා. අදහස හොඳ උනාට ප්‍රායෝගික නැහැ. මේවගේ යානයක් හදන්න රාමු දෙකක් ඕන වෙනවා (එකක් ඇතුලේ එකක්) අමතර බරට සරිලන බලය වැඩි එන්ජින්, අමතර ඉන්දන වගේ දේවල් සලකනකොට ගුවන් ටිකට්පතක මිල දෙගුණයක් වැඩිකලත් ගමන් වියදම උපයගන්න අමාරු වෙනවා. (ර)
මෙහි මුල් අදහස දකුණේ ශ්‍රී ලාංකික අයකුගේ නේද? (නි)
නියමුවා උකුස්සෙක් එයාට පැරිචුට් ඕන නැහැ (ම)
එතකොට පයිලට්? එයා පරණ විදියටම බිමද? (නි)
අනේ! එතකොට නියමුවන්ට මොකද වෙන්නේ? ඒ ගොල්ලෝ ගැනත් පහුවෙලා හරි හිතුවොත් නේද හොඳ? (නි)
හොඳයි (බ)