IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


අනතුරක දී දෙකට කැඩෙන යානයක්

ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක දී එහි මගීන්ගේ දිවි බේරාගත හැක ගුවන් යානයක් පිළිබද සංකල්පයක් ලෝකයට ඉදිරිපත් කර ඇත. මේ නව සංකල්පයෙන් ඉදිරිපත් කර ඇත්තේ ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයක් හදිසි අවස්ථාවක දී කඩා වැටීමේ හෝ වෙනත් හේතුවක් නිසා විනාශ වී යාමේ අවධානමක් ඇති අවස්ථාවක දී මගීන් සිටින කොටස ගලවා ඉවත්කර පැරෂුට් ආධාරයෙන් බිමට වැටීමට සැළැස්වීමයි.

අදහස ඉදිරිපත් කරන ඉංජිනෙරුවන් පවසන්නේ මේ සංකල්පය ගුවන් මගීන් බේරාගැනීමේ වඩාත් සාර්ථක ක්‍ර‍මයක් වනු ඇති බවයි.

දැනට අභ්‍යාවකාශ ගමන් වල දී රොකටයකින් මගීන් සහිත යානා වෙන් කිරීමේ තාක්ෂණය මේ සදහා යොදා ගැනීමට අපේක්ෂිතය යානයේ මගීන් සිටින කොටසේ පත්ල රබර් යොදා නිෂ්පාදනය කිරීමටත් එමගින් පොළොවට පතිතවන අවස්ථාවක දී ඇතිවන කම්පනය අවමකිරීමටත් මුහුදට පතිතවන්නේ නම් මුහුදු ජලතල මත පාවීමේ හැකියාව ඇති කිරීමටත් යෝජනා කර ඇත.  

මගී මැදිරියේ ඉහළ සවිකර ඇති විශාල පැරෂුට් හදිසි අවස්ථාවක දී එම මැදිරිය වෙන්කළ විට ක්‍රියාත්කවන ආකාරයෙන් මේ සංකල්පය ඉදිරිපත් කර ඇත. ඉදිරි වසර කිහිපයේ දී මෙවැනි ගුවන් යානා නිෂ්පාදනය කර මගී ප්‍ර‍වාහනය සදහා එක්කිරීමට නියමිතය.

සංකල්පය ඉදිරිපත් කරන ගුවන් යානා තාක්ෂණික ඉංජිනේරු ව්ලැඩිමීර් ටටරෙන්කෝ හා ලිව්ලීක් යන දෙදෙනා පවසන්නේ මෙතෙක් සිදුවූ ගුවන් අනතුරුවලින් මගීන් විශාල වශයේ මියගිය ද ඉදිරියේ දී මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමත් සමග මරණ අවමකර ගැනීමට හැකි බවයි.

New Plane  (1) New Plane  (2) New Plane  (3) New Plane  (4) New Plane  (5) New Plane  (7) New Plane  (8) New Plane  (9)



අදහස් (0)

අනතුරක දී දෙකට කැඩෙන යානයක්

ටෙරන්ස් Monday, 18 January 2016 03:53 PM

ගොඩක් හොඳයි (නි)

:       0       0

රංජිත් උනම්බාව Wednesday, 10 February 2016 03:34 PM

හොඳ වැඩක්

:       0       0

හිතේෂ් Saturday, 23 January 2016 04:35 AM

එතකොට බං එලවන එකාට මොකද වෙන්නේ ? (බ)

:       0       0

රංජිත් උනම්බාව Wednesday, 10 February 2016 03:35 PM

හොඳයි (අ)

:       0       0

ක්‍රිස් Sunday, 17 January 2016 07:28 PM

නිතර ගුවන් ගමන් යන අය‍ට හොඳ තොරතුරක් (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 20 January 2016 07:10 AM

පයිලට් ගැන නම් මම හිතන්න යන්නේ නැහැ (නි)

:       0       0

ගුණසේකර Sunday, 17 January 2016 09:00 AM

කොච්චර වටිනා දෙයක්ද ...(බ)

:       0       0

ලලිත් Sunday, 17 January 2016 08:40 PM

ඔය කිවුවට නියමුවා වැරදීමෙන් බොත්තම එබුවා කිවුවොත් හරි, අහම්බෙන් ලොක් එක පැන්නා කිවුවොත් හරි අපි විනාශයි. (නි)

:       0       0

අබය Friday, 05 February 2016 09:45 PM

ඉරංග, එතකොට බිම ඉන්න අය උඩ යන විදියටයි ඔය ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 07:23 AM

පරාක්‍රමටයි අමාලිටයි ඒ වෙලාවට උඩ යන්න තියෙන්නේ. ලංකාවේ කෙනෙකුට අපේ රට තුළ තාම නට් එකක් බෝල්ට් එකක් තබා අල්පෙනේත්තක්වත් හදන්න මොළයක් පහළවෙලා නැහැ. කොච්චර හොඳ නිර්මාණයක් කළත් එහි අවගුණමයි දකින්නේ (නි)

:       0       0

අබය Sunday, 17 January 2016 10:02 PM

මිනිසා වෙනුවෙන් වැඩකරන මිනිස්සු!! (නි)

:       0       0

සමන් Thursday, 28 January 2016 05:05 PM

ඉතාම හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ඉරංග Friday, 05 February 2016 01:13 PM

" එතකොට බිම ඉන්න අයට මොකද වෙන්නේ? " (හේ)

:       0       0

ජයවික්‍රම Saturday, 30 January 2016 12:18 PM

අපේ අය විවේචනයට දක්ෂයෝ. ඒ මිනිස්සු හැම තප්පරයෙන්ම ප්‍රයෝජනවත් දෙයක් කරනවා.මේ සොයා ගැනීම පළවෙනි අදියර වෙන්න ඇති. ඊ ළග අදියරේදී නියමුවන් ගැන හිතයි.(ම)

:       0       0

සිංහ Friday, 22 January 2016 04:31 AM

මේකේ නියමුවාට බේරෙන්න ක්‍රමයක් හදල නැත්තේ හිතාමතාමයි. මොකද ලංකාවේ වගේ පයිලට් කෙනෙක් හිටියොත් ප්ලේන් එක අනතුරකට යද්දී ඇතුළේ ඉන්න මිනිසුන්ට බේරෙන්න තිබෙන බොත්තම ඔබන්නේ නැතුවම තමන් බේරෙන බොත්තම ඔබන බව මේ ඉංජිනේරුවෝ දන්නවා (නි)

:       0       0

බණ්ඩා Tuesday, 26 January 2016 04:17 PM

ලලිත් වගේ අය හොදයි කාන්තා වැසිකිලියට වතුර ගෙනියන්න (බ)

:       0       0

කසුන් Tuesday, 19 January 2016 08:16 AM

වැඩේ නම් හොඳයි. ඒත් ගුවන් නියමුවා බේරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සජිත් Thursday, 21 January 2016 03:32 PM

අතිවිශිෂ්ටයි..! (නි)

:       0       0

පී.කේ හරීස්චන්ද්‍ර Sunday, 24 January 2016 06:21 AM

විකල්ප ක්‍රම ඉදිරිපත් කළ හැකි අය ලංකාවෙත් අැති (බ)

:       0       0

අමල් Tuesday, 19 January 2016 08:31 AM

අගනා සොයාගැනීමක්. (ර)

:       0       0

රන්ජිත් Monday, 18 January 2016 01:15 AM

ඉතා හොඳ අදහසක් (නි)

:       0       0

අමාලි Tuesday, 19 January 2016 01:46 PM

නියමුවටත් ඇතුලට ඇවිත් රිමොට් 1න් බටන් 1 ඔබන්න කියනවා. හැබැයි බිම ඉන්න අයට බුදු සරණසි. (බ)

:       0       0

රනේෂ් Wednesday, 20 January 2016 02:10 AM

හොඳ සංකල්පනාවක්! (නි)

:       0       0

තාරුක Saturday, 06 February 2016 02:45 PM

අනේ අනේ ඔය තරම් ලොකු ගුවන්යානයක් බිමට වැටෙනකොට බලාගෙන ඉන්නේ නැතුව අයින් වෙන්න බැරිද හැමදේම වැරදි විතරක් දකින්න එපා. හොද දකින්න උත්සහ කරන්න හොදකම වෙයි (හේ)

:       0       0

ලලිත් Saturday, 30 January 2016 10:07 PM

මේ දවස්වල රස්සාවක් නැතුව ඉන්නේ. ඒ වගේ එකක් වුණත් කමක් නැහැ ලැබෙනවා නම්. දන්නා තැනක් තියෙනවද බණ්ඩා මල්ලි? (නි)

:       0       0

අබය Wednesday, 10 February 2016 09:59 PM

රුසිරු කියන එක හරි. ඒත් කලබල වෙන්න එපා. අපි ඕකට මොකක්හරි කරන්න බලන්නම්. (නි)

:       0       0

ගයාන් ප්‍රියන්ත Thursday, 21 January 2016 04:48 PM

මේකේ නරක ගැන කියන අයට තිබෙන ලොකුම ප්‍රශ්නේ බිම ඉන්න අයට මොකද වෙන්නේ කියලා. ඇයි පරණ විදියට ප්ලේන් එක බිමට වැටුනහම බිම ඉන්න අයට මොකුත් වෙන් නැද්ද? මේ ක්‍රමය නිසා ලොකු ගැටීමක් වෙන්නෙ නැහැ. ඒක නිසා වෙන හානිය අඩුයි. අනේ මන්දා අපේ අය හිතන විදිය. හැම දෙයක් දිහාම ඍණාත්මකව විතරයි බලන්නේ. නියමුවන්ට බේරෙන්න කෆීර් වල තිබෙන ක්‍රමය යොදාගන්න පුළුවන්. මේ නිර්මාණය සාර්ථක වෙන්න ඕනෑ. (නි)

:       0       0

එච්. පද්මපෙරුම Monday, 18 January 2016 09:20 PM

මෙච්චර උඩකින් වැටිලා ජීවත්වෙලා වැඩක් තිබේද? (නි)

:       0       0

ඉන්දික Thursday, 21 January 2016 05:29 PM

ඔකේ ලංකාවත් එල්ලන්න පුලුවන්නම් නියමි 1948 ඉදලම වැටෙනවනේ (‍රේ)

:       0       0

අසෝක සිල්වා Monday, 18 January 2016 12:50 PM

හොයාගත්ත කෙනාට කතරගම දෙවියන්ගෙම පිහිටයි.! (ර)

:       0       0

ටානියා Saturday, 06 February 2016 04:14 PM

අම්මෝ.(හේ)

:       0       0

වෙලගෙදර Monday, 18 January 2016 03:51 AM

ලලිත්, ඔබේ කතාව හරියට උදේ හවස ගුවන් යානා වල යන කෙනෙක් වගේනේ (නි)

:       0       0

පරාක්‍රම Monday, 18 January 2016 11:17 PM

ඒ වෙලාවට අපි බිමි හිටියොත් අපිට මොකද වෙන්නේ? (නි)

:       0       0

යසිදු Wednesday, 14 September 2016 09:38 AM

හොද අදහසක්. (ර)

:       0       0

සුනිමල් Monday, 18 January 2016 04:51 AM

නියමයි. සාර්ථක විසඳුමක්.ජයවේවා. (බ)

:       0       0

අබය Thursday, 21 January 2016 09:41 PM

ඉන්දික, ඔබ නම් හරියටම හරි... (නි)

:       0       0

කෙවින් Monday, 18 January 2016 05:03 AM

ලලිත් උඹනම් නියම ශ්‍රී ලාංකිකයෙක් මචන්. මේක කොමහරි හදන එක නෙමෙයි කරන්න ඕනේ. බොත්තම හොදට හදන එක. (බ)

:       0       0

ලලිත් Monday, 18 January 2016 08:36 AM

හොඳයි ඔක්කොම හරියට වැඩකරලා අන්තිමේ එක පැරිෂුට් එකක් වත් දිගාරුනේ නැති වුනොත්? තැලිලා මැරෙන්න තමයි වෙන්නේ. (හේ)

:       0       0

සුනිල් Wednesday, 20 January 2016 10:23 AM

ගුවන් මගීන්ගේ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අයගේ ජීවිත අනතුරු අවම කරන්න මේවගේ සොයාගැනීමක් ඉවහල්වේවි කියල අපි හිතනවා. ඉක්මනින් මෙය යථාර්ථයක් වේවා. (බ)

:       0       0

සමන් Wednesday, 03 February 2016 02:07 AM

නියමු කුටිය පෙනෙන්න තිබුණා කියලා නියමුවෝ දාලා ඕක වැටෙන්නේ නැහැ. අයියෝ අපේ මිනිසුන්ගේ මොළේ? (නි)

:       0       0

සුරේන් Sunday, 17 January 2016 06:30 AM

එ්ක නම් හොඳ අදහසක් මගී ජීවිත බේරා ගන්න (බ)

:       0       0

කෙවින් ඔරිජිනල් Monday, 25 January 2016 04:11 AM

මෙය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව කුමක්ද යන්න තීරණය කීරීම ඉතා සංකීර්ණ දෙයක්. ප්‍රහාර වලදී, එන්ජින් දෝශ වලදී සහ කුණාටු අවස්ථා වලදී වගේ, එය හරියට තීරණය කරන්න හැකි වුණොත් සාර්ථක සංකල්පයක්. (ම)

:       0       0

හංසි Saturday, 23 January 2016 12:55 AM

නොකළ එකමයි හොයන්නෙ. මේ රටේ පුදුම මිනිස්සු ඉන්නෙ. (නි)

:       0       0

නිමේධ Monday, 08 February 2016 02:26 AM

හොඳ සිතුවිල්ලක් (නි)

:       0       0

ටෙනිසන් Saturday, 23 January 2016 04:53 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ශාන සෞදි Sunday, 17 January 2016 07:40 AM

මෙය ඉතාමත් අගනා නිර්මාණයක්. එහෙත් මෙහි ගුවන් නියමුවන් හට මෙහිදී අනතුරෙන් බේරී යානයෙන් ඉවත්වීමට හැකි මඟක් පැහැදිලිව දක්නට නැත. කෆීර් යානාවල මෙන් නියමුවාට යානයෙන් ඉවතට පැන දිවි ගළවාගත හැකි ආකාරයට මෙය නිර්මාණය කරන්නේ නම් යානයේ සිටින සියලු ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවනු ඇත. එසේ වුවහොත් ලෝකයේ ඇති නවීන තාක්ෂණයේ ඉහළම නිර්මාණය වනවා නියතය (නි)

:       0       0

රුසිරු Wednesday, 10 February 2016 02:32 PM

මේ ක්‍රමය ගැන මීට කලිනුත් කතා කරලා තියනවා. අදහස හොඳ උනාට ප්‍රායෝගික නැහැ. මේවගේ යානයක් හදන්න රාමු දෙකක් ඕන වෙනවා (එකක් ඇතුලේ එකක්) අමතර බරට සරිලන බලය වැඩි එන්ජින්, අමතර ඉන්දන වගේ දේවල් සලකනකොට ගුවන් ටිකට්පතක මිල දෙගුණයක් වැඩිකලත් ගමන් වියදම උපයගන්න අමාරු වෙනවා. (ර)

:       0       0

ආනන්ද Friday, 22 January 2016 01:34 AM

මෙහි මුල් අදහස දකුණේ ශ්‍රී ලාංකික අයකුගේ නේද? (නි)

:       0       0

අනුර Monday, 18 January 2016 09:49 AM

නියමුවා උකුස්සෙක් එයාට පැරිචුට් ඕන නැහැ (ම)

:       0       0

විජයරාජා Sunday, 17 January 2016 04:36 PM

එතකොට පයිලට්? එයා පරණ විදියටම බිමද? (නි)

:       0       0

ආනන්ද Sunday, 17 January 2016 04:34 PM

අනේ! එතකොට නියමුවන්ට මොකද වෙන්නේ? ඒ ගොල්ලෝ ගැනත් පහුවෙලා හරි හිතුවොත් නේද හොඳ? (නි)

:       0       0

කෝලිත Monday, 18 January 2016 06:15 AM

හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 452 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1871 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1669 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site