IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


‘වස විස මරුවා නැති කරන්න වගාකරුවෙක් පෙරමුණේ‘

වස විස සහිත ආහාර රටාව මගින් නිරෝගී ශක්තිමත් පරම්පරාවක් බිහිකිරීම අසීරුවනු ඇතැයි දේශීය කාබනික වගාකරුවන්ගේ හා නිෂ්පාදකයන්ගේ එකමුතුවේ සාමාජික මර්වින් ප්‍රනාන්දු මහතා පවසයි.

රත්මලාන බොරුපන පාරේ පදිංචි ඒ මහතා නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා වස විස නැති ආහාර සැපයීම වෙනුවෙන් එවැනි සැපයුම්කරුවන් එකතු කිරීමේ සද්කාර්යයක් සඳහා ඇප කැපවී ක්‍රියා කරන්නෙකි.

සිය පර්යේෂණ මගින් දේශීය පළතුරු, පලා, එළවළු ආදිය යොදා ගනිමින් ආහාර නිපදවීම සඳහා ඔහු ක්‍රියා කරයි. පාසල් සිසුන්ගේ මතක ශක්තිය වර්ධනය කරන ගොටුකොළ තේ, ශරීරයේ මනා වර්ධනය සඳහා වන නෙල්ලි තේ, කුරුඳු තේ, හරිත තේ යනාදී පානයන් ඔහුගේ නිෂ්පාදන අතරවේ. එමෙන්ම වර්තමානයේ බොහෝ පිරිසක් බහුලව භාවිත කරන තෙල් මිශ්‍ර ශරීරයට අහිතකර ක්ෂණික ආහාර වර්ග වෙනුවට වැල් පෙනෙල මිශ්‍ර ක්‍රිස්පි බයිට්, ගොටුකොළ මිශ්‍ර ක්‍රිස්පි බයිට් ආදී ආහාර වර්ග ඔහු හඳුන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමටත් මෙවැනි ආහාර සම්බන්ධයෙන් දැනුමක් ලබාදීමටත් ඔහු සූදානමින් සිටී. මර්වින් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කරගැනීමට 0773624515 / 076 6870818 යන දුරකථන අංක ඔස්සේ හැකියාව ඇත.

webMervin_201652



අදහස් (0)

‘වස විස මරුවා නැති කරන්න වගාකරුවෙක් පෙරමුණේ‘

රංග Wednesday, 04 May 2016 08:14 PM

මෙවන් හැකියාවෙන් ඇති පුද්ගලයන් සැදුම්ලත් නියමු ව්‍යපෘති කමිටුවක් සකසා, එය ඍජුව රජයේ පාලනය, ප්‍රතිපාදන සැකසුම සහ රජයේ සහ රටේ ප්‍රතිපත්ති සඳහා යොදාගත යුතුයි. (නි)

:       0       0

එදිසිංහ Tuesday, 03 May 2016 09:39 AM

මොහු කියන විදියට ගෙවතුවල වවා ගන්න. (ර)

:       0       0

ශාන්ත Tuesday, 03 May 2016 05:22 PM

දියුණු වූ තාක්ෂණයේ ප්‍රතිඵලය වූයේ මිනිසා විසින් තමන්ගේ විනාශය ළඟාකර ගැනීමයි. ඒ නිසා අපගේ පැරණි වගා ක්‍රම තුළින් ගුණාත්මක ආහාර, එළවලු සහ පළතුරු අපිම නිපදවා ගනිමු. (නි)

:       0       0

රන්ජිත් Thursday, 05 May 2016 02:14 AM

වටිනා නිවේදනයට ස්තුති කරමි. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 04 May 2016 04:10 AM

අදහස් නම් ඔක්කොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1605 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 557 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 635 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site