IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පේරාදෙණි සිසුහු රොබෝවන්ට පණ දෙති

කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන  ඕනෑම රොබෝ යන්ත‍්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ අවසන් වසර සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.

සාමාන්‍ය වශයෙන් ගත් කළ රොබෝවා සමඟ පාලකය සහ පාලන මෘදුකාංගයක් මිලදී ගැනීමට ලංකාව වැනි රටකට විශාල මුදලක් වැයකිරීමට සිදුවේ. ඊට විසඳුමක් ලෙස අඩු වියදමකින්  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝවකු සඳහා පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිර්මාණය කරදීමට හැකි බව මෙම සිසුහු පවසති.

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉඳුනිල් වීරසිංහ, කසුන් වික‍්‍රමසිංහ සහ ඉරේෂා අමරසේකර යන උපධි අපේක්ෂක කණ්ඩායම විසින් මෙය නිපදවා තිබේ. ඒ සඳහා ආචාර්ය ලිලන්ත සමරනායක සහ ආචාර්ය පරාක‍්‍රම ඒකනායක යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.

‘ලෝකයේ තාක්‍ෂණයෙන් දියුණු රටවල් කර්මාන්ත ශාලා සඳහා රොබෝ යන්ත‍්‍ර විශාල වශයෙන් භාවිත කරනවා. එම රොබෝ යන්ත‍්‍රවලට පාලකයක් සහ පාලන මෘදුකාංගත් ඔවුන් සතුව තියෙනවා. එහෙත් අපේ රටේ කර්මාන්ත ශාලාවලට එවැනි රොබෝ යන්ත‍්‍ර පද්ධති ලබාගන්න විශාල මුදලක් දරන්න සිද්ධවෙනවා. ඒ නිසා අපේ රටේ කර්මාන්තශාලාවල රොබෝ පද්ධති අවමයි. පාලකය සහ මෘදුකාංග නොමැතිව රොබෝවා සඳහා පමණක් වැයවන්නේ මුළු රොබෝ පද්ධතිය සඳහා යන මුදලින් 10 න් එකක් පමණයි. ඊට හේතුව දෙවැනි වර විකුණන රොබෝ යන්ත‍්‍රද ඊට සුදුසු වන නිසා‘

‘එම නිසා අපි හිතුවා ඒ අභියෝගයට මුහුණ දෙන්න  ඕනෑ කියලා. ඒ අනුව රොබෝවා සමඟ පාලකයක් ඇතුළු මෘදුකාංගයක්ද නිර්මාණය කිරීමට අපට හැකිවුණා.  ඕනෑම කර්මාන්ත ශාලාවක රොබෝවකු අපට නිර්මාණය කරන්න පුළුවන්. එම රොබෝවාට පාලකයක් සහ මෘදුකාංගයකුත් ලබාදීමට අපට පුළුවන්. විශේෂත්වය වන්නේ එම කර්මාන්ත ශාලා රොබෝවාගේ නිෂ්පාදකයාගේ දත්ත අපට අවශ්‍ය නොවීමයි‘

‘මුලින්ම අපි සිදු කරන්නේ දෙන ලද  ඕනෑම කර්මාන්ත ශාලා රොබෝ යන්ත‍්‍රයක් ත‍්‍රිමාණ මෘදුකාංග තාක්‍ෂණය භාවිතා කර ප‍්‍රතිනිර්මාණය කිරීමයි.  එමගින් ගණනය කිරීම්වලට අවශ්‍ය අනෙකුත් දත්ත අපි ව්‍යුත්පන්න කරනවා. ඉන්පසුව පිහිටීම් සහ චලනවලට අදාළ භෞතික විද්‍යාත්මක මූලධර්ම භාවිත කර රොබෝ පාලකය නිර්මාණය කරනවා. රොබෝ යන්ත‍්‍රය ගමන් කළයුතු මාර්ග සහ ඇත්තෙන්ම ගමන් ගන්නා මඟ අතර වෙනස අවම කිරීමට අපි පාලකය නිර්මාණය කරනවා. මගින් ඉතා නිවැරැුදි චලන ලබාගත හැකි වෙනවා‘

‘ඉතා සියුම් කාර්යයන් සඳහා වුවද මෙම රොබෝ යන්ත‍්‍රය සහ පාලකය නිර්දේශ කරන්න පුළුවන්.  ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග ද අපි නිපදවූවා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ආයෝජකයන්ට දැරිය හැකි මිලකට මෙම රොබෝ පද්ධති නිමකල හැකි නිසා නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී මෙම ක‍්‍රමවේදය ආකර්ශනීය නිර්මාණයක් වනවාට කිසිදු සැකයක් නැහැ‘ යැයි ආචාර්ය ලිලන්ත සමරනායක මහතා පැවැසීය.

Dr-Lilantha Dr-Lilantha-2

 

 



අදහස් (0)

පේරාදෙණි සිසුහු රොබෝවන්ට පණ දෙති

ලයනල් Monday, 03 October 2016 07:05 AM

ඉස්සර සරසවිවලින් අැසුනේ මේ වගේ ප්‍රවෘත්ති ගහමරා ගැනීම් විරෝධතා නිතර ඇසෙන මේකාලයේ මෙවන් පුවත් කියවන්න ලැබීමත් සතුටක් ඔබලාට සුබපැතුම් (හේ)

:       0       0

සරත් Monday, 03 October 2016 01:12 PM

ආචාර්ය ලිලන්ත සමරනායක කියන්නේ අති දක්ෂයෙක්. සුභපැතුම්.! (ර)

:       0       0

කාරියවසම් Tuesday, 04 October 2016 06:31 AM

නියම වැඩක්! සුභපැතුම්.! (ම)

:       0       0

රූපවතී Wednesday, 12 October 2016 10:36 AM

අනේ ඉන්දුමතියේ ..ඔය රොබෝලා ගේ වටිනාකම දන්නා නිසාමයි එහෙම ලීවේ .. ? මොකද ? මගේ පාස්පෝර්ට් එක ..තානාපති කාර්යාලේ මගින් ..ලංකාවට එවල දැනට අවුරුද්දයි මාස දෙකාක් වෙනවා ..? තාමත් නැහැ ..කෝල් කළාම කියන්නේ .,තාමත් ලිපි වල වැඩ ඉවර නැහැලු ..? ඉතින් ..ඔය රොබෝවෙක් වත් දමල මගේ පාස්පෝට් එක ඉක්මනටම හදලා දෙනවානම් නේද හොද ..? (බ)

:       0       0

රූපවතී Tuesday, 04 October 2016 07:09 AM

අයියෝ මොකද්ද අනේ ඔය හදනවයි කියන එකක්වත් වැඩක් කරනවා දැකල නැහැනේ ? ඔය කියන හයි කොලිටි එකෙක් දමන්නකෝ අර පාස්පෝර්ට් කන්තෝරුව දිහාට ..පෙන්වන්නකෝ වැඩ ටිකක් ..? (බ)

:       0       0

අබරන් Tuesday, 04 October 2016 11:00 AM

ඔයා නම් ගොඩක් දුරට හරි රූපවතී අක්කේ , නංගියේ........කොහොම උනත් මොරටු අපේ ළමයින්ට සුබ පැතුම්......(රේ).

:       0       0

අජිත් Thursday, 06 October 2016 09:57 AM

මගෙන් සුභපැතුම්.! (ර)

:       0       0

ජෝති Saturday, 08 October 2016 09:55 AM

ඔබලාගේ මෘදුකාංග දැනුමට ලංකාවේ පසුවට විශාල ඉල්ලුමක් ලැබෙන බව ස්ථිරයි. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

වීරක්කොඩි Friday, 07 October 2016 02:44 PM

නියමයි. ජය වේවා! (නි)

:       0       0

ජගත්‍ Saturday, 08 October 2016 10:17 AM

හොඳ වැඩක්. ගොඩක් අලුත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා! (නි)

:       0       0

නිශිකා Tuesday, 04 October 2016 03:18 AM

හොඳ වැඩක්. අපි උත්සාහ කරන්න ඕනෑ මේකට වටිනාකමක් දෙන්න. අවශ්‍ය ඕනෑම උපදේශයකට අමතන්න. මෙහි තව වෙනස්කම් හා වැඩ කළයුතුයි (නි)

:       0       0

සිසිර කරුණාරත්න Monday, 03 October 2016 06:16 AM

මේ විදියට හැම විශ්වවිද්‍යාලයකින්ම ලෝකෙට අළුත් දේවල් නිර්මාණය වෙනවානම් ඇත්තටම රටට වාසනාවක්.විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පර්යේෂණ දීමනාව කියලා දුන්නට කීයෙන් කී දෙනාද ඒකට වටිනාකමක් දෙන්නේ.ඒ අතින් පේරාදෙණිය, මොරටුව වගේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට සහ සිසුවන්ට අපේ ගෞරවය.(හේ)

:       0       0

චන්දික Monday, 03 October 2016 06:17 AM

අගේ ඇති වැඩක්.(හේ)

:       0       0

චන්ද්‍රිකා Monday, 03 October 2016 06:17 AM

නව නිපැයුම් නොකර ජාතිය නොනැගිටියි.(හේ)

:       0       0

ඉන්දුමතී Tuesday, 11 October 2016 02:55 AM

රූපවතී නිකන් හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව මේ වගේ දෙයක්වත් අගයන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 424 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site