අලෝක කිරණ භාවිතයෙන් මවන ත්‍රිමාණ රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ රූපකාය දරුවා උපදින්නට පෙර මවට, පියාට හා වෛද්‍යවරයාට දැකගත හැකිවේයැයි පර්යේෂකයෝ කියති. මේ නව ක්‍රමය නිෂ්පාදනය කැර ඇත්තේ රියල් වීව් නම් ඊශ්‍රායල් සංමගමක් විසිනි. මෙයට තාක්ෂණික හවුලාකාරීත්වය ලබාදෙන්නේ පිලිප්ස් සමාගම විසිනි.
ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ඉදිරියේ දී එමගින් දරුවාගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් දැකගත හැකි ආකාරයට එය වැඩිදියුණු කිරීමයි. මෙය මෑතක දී හදවත් සැත්කම් සඳහා ප්‍රායෝගිකව අත්හදා බැලූ බව ද ඔවුහු කියති.
පිලිප්ස් ආයතනය පවසන්නේ මේ සඳහා අභ්‍යන්තර එක්ස් කිරණ හා හෘද කන්තුක අතිධ්වනි පද්ධති භාවිතා කළ බවයි. මෙතෙක් ද්විමාන තිරයක දැකගත් රෝගියාගේ හදවත සවිස්තරව ත්‍රිමාණ පිළිබිඹුවක් සේ දැකගන්නට වෛද්‍යවරුන්ට හැකිවීම විශ්මිත දෙයක් වූ බව සෞඛ්‍ය ක්ෂේත්රයේ කතා බහට ලක්වී ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙය අනාගතයේ ශල්‍යකර්ම සඳහා නැතිවම බැරි උපකරණයක් වනු ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උපදින්නට පෙර දරුවා මව අතට
ක්‍රිෂාන්ත Friday, 13 February 2015 07:37 PM
අංගවිකල නොවේ අපි ඉන්නේ ලෝකෙ කොතනද කියා බලන්න. (ස)
දුමින්ද Thursday, 12 February 2015 06:47 AM
එතකොට අංග විකල දරුවන්ගේ ඉරණම (නදී)
ඔෂාන් දිලංක Saturday, 21 February 2015 11:15 AM
ඒක නම් සුපිරිම වැඩක් .... (නි)
නාරද Sunday, 22 February 2015 05:20 PM
මෙම ක්රමයම තවත් දියුණු කළවිට ත්‍රිමාණ රූපය (ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර දැනටමත් ඇත) මත සැත්කම නිවැරදිව කළ පසු එම දත්ත පරිගණක ගතකොට දත්ත ආධාරයෙන් කුඩා රෝබෝ සැත්කම් යන්ත්‍රයක් මඟින් සැත්කම සාර්ථකව නිමකළ හැකි වේවි. අංගවිකල දරුවන්ගේ විකලාංග නිවැරදිව සකස් කිරීමටත් මෙම ක්‍රමය අනාගතයේදී උපකාරී වේවි. (නි)
සමාධි Sunday, 15 February 2015 06:32 PM
මොනවා කරන්නද දුමින්ද? දරුවා නිසා හිත හදාගන්න වෙනවා (නි)
සොපියා Monday, 16 February 2015 12:42 PM
ලිහන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකටද ? (අ)