IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

ආගන්තුක ආකාශ වස්තුවක් තත්පරයකට කිලෝ මීටර 25ක වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව නාසා ආයතනය පවසයි.

හවායි දූපතේ ස්ථාපිත කර තිබෙන පෑන් ස්ටාර්ස් 1 දුරේක්ෂයෙන් ඔක්තෝබර් මස 19දා රාත්‍රී අහසේ ග්‍රහවස්තු නිරීක්ෂණය කරමින් සිටි හවායි විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂක රොබ් වෙයික් විසින් මෙම ආගන්තුක වස්තුව මුල්වරට නිරීක්ෂණය කර ඇත.

''මා මෙය නිරීක්ෂණය කළ අවස්ථාවේ දී ඒ බව යුරෝපා ආකාශ වස්තු මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ මාර්කෝ මිචෙල්ට පැවසුවා. ඔහු කැනරිවල පිහිටුවා ඇති දුරේක්ෂයකින් මේ ආගන්තුක වස්තුව නිරීක්ෂණය කළා. ඔහුගේ මතය වූයේ ද මෙය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් එන ආගන්තුක වස්තුවක් බවයි.‘‘  විශ්කම්භය මීටර 400ක් පමණ වන මෙම ආගන්තුක වස්තුව ක්ෂීරපථයේ වෙනත් ස්ථානයක සිට පැමිණෙන්නට ඇති බවත් එය තාරකා අතර ගමන් කරන වස්තුවක් විය හැකි බවත් ඔවුහු පවසති.  
 
නාසා ආයතනයේ ආසන්න ග්‍රහවස්තු අධ්‍යයන ඒකකයේ කළමනාකරු පෝල් චෝඩාර්ස් මහතා පවසන්නේ මෙවැනි ආගන්තුක වස්තුවක් නිරීක්ෂණය කිරීමට දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයින් අපේක්ෂාවෙන් සිටි බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.
 
"මෙවැනි ආගන්තුක වස්තු සෞරග්‍රහ මණ්ඩලයට පැමිණිය හැකි බව අපි දැනගෙන හිටියා. ඒ වගේම අපි බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් එවැනි වස්තුවක් පිළිබඳ අනාවරණය වූ පළමු අවස්ථාව මෙයයි. දැනට තිබෙන සියලුම දත්තවලට අනුව මෙය තාරකා අතර ගමන් කරන වල්ගාතරුවක් හෝ ග්‍රහකයක් විය හැකියි. නමුත් එය කුමක් ද යන්න නිවැරදිව හඳුනාගැනීමට තවත් දත්ත බොහොමයක් අවශ්‍ය වෙනවා. මෙවැනි වස්තුවක් අධ්‍යයනය කිරීමෙන් විශ්වයේ පැවැත්ම, ස්වභාවය හා බිහිවීම පිළිබද කරුණු රැසක් අනාවරණය කරගැනීමට අපිට හැකියාව ලැබෙනවා.“
 
විද්‍යාඥයන් පවසන්නේ එය සෞරග්‍රහ මණ්ඩලයට ඉහළින් ලම්භක ගමන් මාර්ගයකින් පැමිණෙමින් තිබෙන බවයි. එහි ගමන් මාර්ගය බහුවලයික කක්ෂයක් ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වයි. මෙම ග්‍රහ වස්තුව හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කිසිදු ග්‍රහලෝකයකට බලපෑමක් සිදු නොවන බවද ඔවුහු පවසති.
 
2018 සැප්තැම්බර් 02දා බුද ග්‍රහයාගේ කක්ෂයට ඇතුලතින් සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් කරනු ඇත. සැප්තැම්බර් 09 දා එය සූර්යයාට වඩාත් සමීප වන අතර සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් හැරී පෙගසස් නමැති තාරකා මණ්ඩලය වෙත ඉලක්කගත වී ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ දැනට විශ්වාස කරති.
 
දැනටමත් ලොව පුරා තාරකා විද්‍යාඥයන් විසින් දුරේක්ෂ ගණනාවක් යොදා ගනිමින් මෙම වස්තුව පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති අතර එය දැනට ඒ/2017යූ1 ලෙසින් නම් කර තිබේ. එය හඳුනාගත් පළමු අවස්ථාවේ ම වල්ගාතරුවක් විය හැකියැයි සිතා සී2017යූ1 ලෙස නම් කර පසුව එය වෙනස් කර තිබෙන්නේ ග්‍රහකයක් යැයි විශ්වාස කරමිනි. කේම්බ්‍රිජ් හි පිහිටා ඇති කුඩා ග්‍රහවස්තු සම්බන්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මැතිව් හෝල්මන් පවසන්නේ මෙම ආගන්තුක වස්තුව අයිස්වලින් වැසී ඇති දෙයක් විය හැකි බවයි.
 
කෙසේ වෙතත් මෙම ආගන්තුක වස්තුව සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට ගමන් කර අතුරුදන්වීමට පෙර මේ සම්බන්ධ හැකිතාක් පර්යේෂණ කර දත්ත රැස්කරගැනීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
 
ආචාර්ය ආතර් සී.ක්ලාක් මහතා විසින් රචිත "Rendezvous with Rama" නමැති විද්‍යා ප්‍රබන්ධයේ මෙවැනි ග්‍රහ වස්තුවක් සම්බන්ධව විස්තර කර ඇත. ඒහි දැක්වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට ඈත වෙනත් ස්ථානයකින් පැමිණෙන විශාල ලෝහමය වස්තුවක් මතට මිනිසුන් සහිත යානයක් පතිත කිරීම සම්බන්ද කතාන්දරයකි.
 
(නාසා  වෙබ් අඩවිය ඇසුරිණි - 085)



අදහස් (11)

ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

kumar (galf) Monday, 06 November 2017 12:27 PM

තත්පරයකට කිලෝ මීටර 25 ක් කියන්නේ ඉතා මන්දගාමී වේගයක් අජටාකාශය හා සසඳා බලන විට...

:       1       245

Thilak Wednesday, 08 November 2017 03:05 AM

රාමා හමුව කියවා බලන්න. විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධයක්. යථාර්ථයක් විය හැකිය.

:       0       16

janahitha Wednesday, 08 November 2017 05:09 AM

රාජපක්ෂ වරුන්ගේ වැඩක්,

:       70       115

sampath Wednesday, 08 November 2017 05:53 AM

මෙහෙම අකාෂ වස්තු එන්න පුලවන් ඒවා ගැන බලනවා වගේම වැරදීමකින් හරි පෘතුවිය දෙසට අාවොත් කලින් හදුනාගෙන ගමන් මග වෙනස් කිරීම හෝ විනාශ කිරීමේ ක්‍රමයක් තියෙනවද නැත්නම් මේවා බලන් ඉදීමේත් තේරුමක් නෑ

:       112       115

nishaFriday, 10 November 2017 12:54 PM

ඇමෙරිකාවට ලෝකයම ණයගැති වෙන්න ඕනෑ.... තමන්ගේ මුදලින් ලෝකයටම සේවයක් කරනවා නාසා හරහා....

:       216       638

lahiruWednesday, 29 November 2017 08:34 AM

අායුධ විකුණලා හොයන සල්ලි වලින් මොනවා හරි කරන්න එපැයි..

:       66       21

mangala Saturday, 11 November 2017 02:43 AM

පොල් ගෙනාවද දන්නේ නැහැ.

:       25       3

Reks Sunday, 12 November 2017 03:45 AM

ෂුවර් එකටම ලංකාවට පෙට්‍රල් අරන් එනවා ඇති.

:       0       55

chapa Tuesday, 14 November 2017 05:06 PM

ඕක එන බව කිව්වේ ගොඩක් කාලෙකට ඉස්සර...

:       1       0

sudesh Saturday, 18 November 2017 02:52 AM

ලංකාවෙන් යවපු ගූගල් බැලුන් එකවත්ද?

:       0       13

සෙනෙවි Saturday, 02 December 2017 12:09 AM

ඇමරිකාවට හොඳ කියන්න එපා. අධිරාජ්‍ය ගැති අපේ රට අල්ල ගන්න බලාගෙන ඉන්නේ (මට පුදුමේ මේ රට අල්ලගෙන ඇමරිකන් කාරයට බම්බු ගහන්නද කියලා?) මෙම වස්තු පැමිණිම සම්බන්ධව දීඝ නිකායේ අහවල් සූත්‍රයේ කියලා තියෙනනවද? නැතිනම් සියල් දත් ජ්‍යෙතිෂ මහත්වරුනට පේනවද? මෙයින් එකක් ආවොත් ඒකෙන් වැලකෙන හැටි එතකොට ඇමරිකාවේ පිහිට යදින දේශප්‍රේමීන් බලන්න පුළුවන්. ජ්‍යෙතිෂ මිථ්‍යාවෙන් දැන්වත් මිදෙමු... මීලඟ පරම්පරාවට ගෙනියන්න නැතිව...

:       205       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site