IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර බැංකු ගිණුම්වල තැන්පත් කරන රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙනුවෙන් සියයට 15ක ඉහළ පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එය ප්‍රසංශා කටයුතු යෝජනාවකි. එක් අතකින් කෘතගුණ සැලකීමකි. අද මෙරට සමස්ත ජනගහනයෙන් බහුතරය වැඩිහිටියන් යැයි පසුගියදා ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවද ප්‍රකාශ කර තිබුණි. 2012 ඔවුන්ගේ අවසන් ජනසංගණන වාර්තා අනුව මෙරට දෙකෝටි විසි දෙලක්ෂයක් ජනගහනයෙන් විසිපන් ලක්ෂයකට වැඩි පිරිසක් වැඩිහිටි ජනගහනය ලෙස හඳුනාගෙන තිබේ. 


එම ලක්ෂ විසිපහෙන් දාහතර ලක්ෂයක් පමණ වැඩිහිටි කාන්තාවෝය. වැඩිහිටි පුරුෂ පක්ෂය එකොළොස් ලක්ෂය ඉක්මවයි. එසේ වැඩිහිටි ජනගහනය බහුතරය වන රටක වියපත් ජනතාවට සහන සැලසීම ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ.


මාසික විශ්‍රාම වැටුපක් හිමි නැති පෞද්ගලික අංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කළ විශ්‍රාමිකයන්ගේ එකම ආදායම් මාර්ගය වන්නේ සේවක අර්ථසාධකය සේවක බාර අරමුදලේ ප්‍රතිලාභ සහ පාරිතෝෂිකයයි. එම අරමුදල් ස්ථාවර බැංකු ගිණුමක තැන්පත් කොට මාසික ආදායමක් ලබාගැනීමට බොහෝ වැඩිහිටියෝ පෙළඹී සිටිති. අලු_තින් යෝජිත බැංකු පොලී අනුපාතය අනුව රුපියල් ලක්ෂ 15ක ස්ථාවර තැන්පතු ගිණුමකට ලැබිය හැකි මාසික පොලී ආදායම රුපියල් දහඅට දහස් හත්සිය පනහක් පමණය. 
සාමාන්‍ය නීතිය යටතේ නම් ස්ථාවර තැන්පතු ගිණුම්වල බැංකු පොලියෙන් සියයට පහක පමණ රැඳවුම් බද්දක් ලබන අප්‍රේල් සිට අය කිරීමට යෝජනා කර තිබේ. එම සියයට පහක රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට අදාළද නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නැත.


ලෝකයේ බොහෝ රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් බස්ගමන් බලපත්‍ර, වෛද්‍ය රක්ෂණ ක්‍රම මෙන්ම විශේෂ නේවාසිකාගාර පහසුකම්ද සලසා තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් වෙනුවෙන් බොහෝ කලක් ක්‍රියාත්මක වූයේ පිංපඩිය නමින් හැඳින්වුණු වැඩිහිටි ජීවනාධාර දීමනාවයි. එහෙත් ඊට ලැබුණේ ඉතා සොච්චම් මුදලකි. එබඳු පසුබිමක මෙයට වසර කිහිපයකට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් දීම ආරම්භ කෙරුණි. මුල් අවධියේ මෙම ක්‍රමය යටතේ ඉහළ පොලියක් ගෙවනු ලැබුවේ රුපියල් දස ලක්ෂයක බැංකු ගිණුමකට පමණි. එය මෙවර රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ දමා ඇත. අප දන්නා පරිදි මෙකී බැංකු ගිණුම් පවත්වාගෙන යන්නේ රාජ්‍ය බැංකුවල පමණි. රට පුරා පැතිරුණු පෞද්ගලික බැංකු ජාලයක් සහිත ශ්‍රී ලංකාවේ මෙම ගිණුම් ක්‍රමය පෞද්ගලික බැංකුවලටද හඳුන්වාදීම යෝග්‍යයය.


බොහෝ වැඩිහිටියන් බැංකු පොලියෙන් ලැබෙන ආදායම භාවිත කරන්නේ තමන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙනි. එනිසා ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් තිබීම වැදගත්ය. 


ඒ සඳහා මෙබඳු ආදායම් ක්‍රමයකටත් වඩා වෙනත් දිගුකාලීන සහන සැලසීමේ ක්‍රමවේදයක් අවශ්‍යය. 


කෙසේ වෙතත් පසුගිය වසරේ මහා භාණ්ඩාගාරය විසින් මෙම විශේෂ පොලිය ගෙවීම සඳහා රුපියල් මිලියන 13000ක් වැයකර ඇත. මෙකී ගිණුම් ක්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් 91000ක් පමණ බැංකුවල ආරම්භ කර තිබුණි.

2016 අවසන් වනවිට එය ගිණුම් හාරලක්ෂ පනස්දහසක් දක්වා වැඩි වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. මේ වසරේ ගිණුම් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි. මාර්තු මස පළමු වැනිදා සිට සිදුකෙරෙන පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ මහ භාණ්ඩාගාරයට එකී පොලී ගෙවීම සඳහා රුපියල් මිලියන 18000ක් පමණ වෙන් කිරීමට සිදුවනු ඇතැයි පැවසේ. අර්බුදකාරී ආර්ථික ගැටලු_ ඇතිවන අවස්ථාවක මේ ආකාරයේ මුදලක් වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් කැපකිරීම ප්‍රශස්ත කටයුත්තකි. පින්කමකි. එහෙත් ලක්ෂ 15ක මුදලක් තැන්පත් කොට ඉන් මාසිකව ලැබෙන රුපියල් 18,750ක ආදායමින් පවුලක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවේ. අද තිබෙන ජීවන තත්ත්වයේ හැටියට ආහාරපාන, බේත්හේත් හා දරුවන්ගේ වියදම් ආදි අත්‍යවශ්‍ය වියදම් දැරූ විට බැංකු පොලිය එකම ආදායම කරගත් අයට සිදුවන්නේ ණය වීමටය. එනිසා තමන්ගේ ජීවිතයේ ස්වර්ණමය යුගය රට දැය වෙනුවෙන් කැප කළ වැඩිහිටියන්ට සැලැකීම සඳහා මෙයටත් වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් සැලැසුම් කළහොත් එය වටිනා වැඩකි.



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28462 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10946 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site