IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


වෘත්තියේ ගරුත්වය රැකීම හැම වෘත්තිකයකුගේම වගකීමක්

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතා පළ කළ බලගතු ආදර්ශය මෙම තීරුවෙන් අපි උත්කර්ෂයට නැංවීමු. ඒ ජාතියේ අනාගතය තනන ගුරුවරුන්ගේ ආදර්ශ මේ අඳුරු මව්බිමට ප්‍රදීපාගාරයක්ම වන හෙයිනි. අප එහිදී අවධාරණය කළේ මේ රට පතිරූප දේශයක් බවට පත් කිරීමට නම් එබඳු බලගතු ආදර්ශ පොකුරු පිටින් ලැබිය යුතු බව ය.

ඉමහත් සංවේගයක් දනවන පුවතක් එසැණින් ම වාර්තා විය. එම පුවතින් කියැවුණේ මහියංගණය මැදයාය ප්‍රදේශයේ පාසලක ගුරු නිවාසයක ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාසලේ විනය භාර ගුරු හිමිනමක හා ගුරුවරුන් තිදෙනකු මත්පැන් සාදයක් පවත්වා ඇතැයි පොලිසිය පවසන බව ය.

‘ගුරුවරු ද මනුස්සයෝ ය’ වැනි වැකි ලියා මෙබඳු සිදුවීම් පහසුවෙන් බැහැර කළ හැකි ය. එහෙත් එමගින් රටට සිදුවන හානිය ගණනය කළ නොහැකි ය. මුළු මහත් සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම බරපතළ නාය යෑමකට ගොදුරුව තිබෙන මොහොතක ගුරුවරුන්ගෙන් පමණක් නොකිළිටි පැහැසර හැසිරීමක් අපේක්ෂා කිරීම සාධාරණ හා යුක්ති සහගත නොවන බවට තර්කයක් මතුකළ හැකි ය. එහෙත් තර්කයෙන් තර්කය ජයගත හැකි වුවද සත්‍ය ජය නොගන්නා බව ඒකාන්ත ය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී වැදගත් ප්‍රශ්නයක් මතුකර තිබිණි. ඒ මහතා ප්‍රශ්න කර තිබුණේ පාසල්වල විනය සැදීමට සිටින අය පහත් ආකාරයට හැසිරෙන්නේ නම් දරුවන්ගේ විනය හදන්නේ කොහොමද යන ප්‍රශ්නයයි.

‘‘මත්ද්‍රව්‍ය සහ මත්පැන් ප්‍රශ්නය තියෙන්නේ වෙනත් තැනක. දරුවන්ට ඉස්සෙල්ලා වැඩිහිටියන් ආදර්ශවත් වෙන්න ඕනෑ. අද ලංකාදීප පුවත්පතේ මහියංගණය ප්‍රදේශයේ එක්තරා පාසලක ගුරු නිවාසයක වෙච්ච සිදුවීමක් වාර්තා කරලා තියෙනවා. ගම්මු එකතුවෙලා පොලිසියට දැනුම් දීලා. මෙහෙම කළා නම් රෝහලටත් ඇතුළත් කරන්න සිදු වුණා නම් ලොකු ප්‍රශ්නයක්. කොහේද එතකොට පාසල්වල විනය, මාධ්‍ය වාර්තා කරලා තියෙන ආකාරයට මේක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය විසඳන්න සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඔක්කොම එකතුවෙලා මේකට වැඩ පිළිවෙළක් හදන්න ඕනෑ. මමනම් ඒකට ලෑස්තියි. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා කටයුතු කරනවා.’’ යනුවෙන්ද සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබිණි.

මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි. සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජ පොදුවේ සංවාදයට, වාදයට, විවාදයට බඳුන් නොකරන මාතෘකා තිබේ. පූජ්‍ය පක්ෂයේ සිල්වත් බව ගුරුවරුන්ගේ ක්‍රියා කලාප ඒ අතරින් ප්‍රධාන ය. එහෙත් එම සම්මත සීමාවන් තුළ රැඳී සිටිමින් සමාජ ප්‍රශ්න කතා කළ නොහැකි වී තිබේ. සැබැවින්ම මේවා වසන් කළ යුතු ද නැත. මන්දයත් දරුවාගේ ජීවිතයට අතිශයින් ම සමීප ගුරුවරයා වෙතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශවත් විය යුතු නිසාය.

මෑතක සිට නිතර නිතර කියැවෙන දෙවදනක් බවට පත්ව තිබෙන්නේ සිඟිති පාතාලය යන්න ය. දරුවන්ගෙන් ප්‍රකාශයට පත්වන ප්‍රචණ්ඩත්වය ඇඟ ලොමුඩැහැගන්වන තරම් ය. ඉකුත්දා පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය දා ඇතැම් පාසල්වල දරුවන් පාසලට වැඳ නමස්කාර කර ගිය ද තවත් තැනක දරුවන් යකා නැටූ බව වාර්තා විය. පංති කාමරයේ ඩෙස්ක් පුටු විදුලි පංකා කඩා බිඳ දමා තිබූ බව ද වාර්තා විය. එළැඹ තිබෙන්නේ යක්ෂයාගේ හෝරාව ය.

මෙම හෝරාව කෙතරම් බියකරු ද යත් දෙමාපියන් ඉදිරිපිට ඇති බරපතළ අභියෝගය වී තිබෙන්නේ මැරයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම නොව දරුවන් මැරයන් බවට පත්වීමෙන් වළක්වා ගැනීමට ය.

දරු පරපුර මේ මහා උගුලෙන් ගලවා ගැනීමේ මෙහෙයුමේ දී පූජ්‍ය පක්ෂයට මෙන් ම ගුරුවරුන්ට ද ඇත්තේ අතිමහත් වගකීමකි. එම වගකීම එයට හිමි නිසි බරින් හඳුනාගෙන ක්‍රියා කිරීම මුළුමහත් රටේ ම යහපතට හේතුවන්නකි.

(***)



අදහස් (2)

වෘත්තියේ ගරුත්වය රැකීම හැම වෘත්තිකයකුගේම වගකීමක්

අප්පුහාමි Sunday, 23 July 2023 05:39 AM

රාජ්‍ය සේවයේ කිසිවෙකුට ගුරුවරුද මනුෂ්‍යයෝ කියලා හෝ මෙහි සේවයේ යෙදෙන අපිද මනුෂ්‍යයෝ කියලා බේරෙන්න බැහැ... මොකද අපි සේවයේ යෙදෙන්නේ පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසි යටතේ තමයි... එහි තියෙනවා සියලු ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි හා එයට වරින්වර ගෙනෙන සංශෝධන අනුව සේවයේ යෙදිය යුතුයි කියලා.. ආයතන සංග්‍රහය හෝ මුදල් රෙගුලාසි සියල්ලම පත්වීම් ලිපියේ සඳහන් කරන්න බැහැ. ඉතින් පත්වීම් එම කොන්දේසි යටතේ ගන්නවා කියලා අත්සන් කර තමයි බාර ගන්නේ... නමුත් පළාත් සභා ඇතිවුණාට පසුව නිලධාරින් හා සේවකයින් සඳහා විධිමත් පුහුණු නොදීම නිසා බොහෝමයක් නිලධාරින් හා සේවකයින් එම නීති දන්නේ නැහැ... කඩයිම් විභාගයට වුණත් ලිව්වාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සේවයේ ගරුත්වය රැකීමට සැමදෙනාගේම වගකීමක් මෙන්ම එය නොසලකා කටයුතු කරන අය සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වෙනවා...

:       0       7

waruna Wednesday, 26 July 2023 09:13 AM

වෘත්තියේ ගරුත්වයක් ඇතිවෙන්න වැටුපක් ගෙවන්න ඕන. කම්කරු වැටුපක් ගෙවලා වෘත්තියේ ගරුත්වයක් හොයන්න එපා. වපුරන දේම තමයි අස්වැන්න විදියට ලැබෙන්නේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1343 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 826 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 347 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 754 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 480 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 507 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site