IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ගුවන්තොටේ සූක්ෂම ඇස්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මර්මස්ථානය ලෙස හැඳින්වේ. රට දූපතක්වීම මෙන්ම ජාත්‍යන්තර නැව් මාර්ගවලට ආසන්නයේ පිහිටීම එයට හේතුවකි. සල්ලි ලැබෙන්නේ නම් ඕනෑම කුණු වැඩකට කරගහන පිරිස් සිටීම තවත් හේතුවකි. එම පිරිස් අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරිහුද, පොලිස් නිලධාරිහුද, සුරාබදු නිලධාරිහුද, බන්ධනාගාර නිලධාරිහුද සිටියහ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක් ඒකකයක සිටි නිලධාරින් පිරිසක් බොහෝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී සිටිය බව අනාවරණය වූයේ එවකට එම කාර්යාංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි හෙයිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රටක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය අණසකට යටත් කරගත හැකි නම් එම රටේ තත්ත්වය කෙබඳුදැයි සිතාගත හැකිය.

රටේ තත්ත්වය කෙබඳුදැයි හොඳින්ම දන්නා හෙයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවද රට මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්කරගෙන සිටිති. ඒ බව අනාවරණය වූ සිදුවීමක් ඉකුත්දා වාර්තා විය. ඒ ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු ලබා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන බ්‍රසීල ජාතික තරුණිය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු බාරයට ගැනීමෙනි.

මෙම තරුණිය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට තායිලන්තයට පැන ගොස් ඇත. එහිදී බ්‍රසීල රජය ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා තිබේ. තායිලන්තයේ වීසා කාලය අවසන්වීමෙන් පසුව ඇය රැකවරණය පතන්නේ ශ්‍රී ලංකාවෙන්ය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ඇය තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති බව දැන සිට ඇත. එසේ තිබියදීත් ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැනය.

මෙතැනදී විශේෂ අවධානය යොමුකළ යුතු කාරණාවක් තිබේ. එනම් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ශ්‍රී ලංකාව ගැන දනී. එහෙත් අප රට ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදනී. එමගින් කියැවෙන්නේ එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ශ්‍රී ලංකාව ගැන සිතාගෙන සිටින තරමය. ඇය සිතා ඇත්තේ ශ්‍රී ලංකාව යනු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ තිප්පොළක් පමණක් බවය. මේ එම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ සිතීම පමණක් නොව ලොව මත්ද්‍රව්‍ය ජාලයේම සිතීම වේ. මෙම තත්ත්වය රටේ කීර්ති නාමයට කිසිසේත්ම යහපත් නැත. එමෙන්ම මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා දියුණු වැඩපිළිවෙළක් අවැසිය.

බ්‍රසීල ජාතික ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ මධ්‍යම රාත්‍රි 12ට ය. ඒ වේලාවටම පැමිණෙන ගුවන් යානයක් තෝරා ගැනීමෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ සූක්ෂම බව හඳුනාගත හැකිය. කෙසේ වෙතත් ආගමන නිශ්කාශන කටයුතු කර ගැනීම සඳහා මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරි කවුළුව වෙත ලබාදුන් ගුවන් ගමන් බලපත්‍රය හා ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය ලියකියවිලි දේශසීමා තොරතුරු පද්ධතිය සමග පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරිවරයා මෙම තරුණිය ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු නිවේදනයක් නිකුත් කර ඇති තැනැත්තියක් බව අනාවරණය කරගෙන ඇත. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව එම ජාවාරම්කාරිය යළිත් බ්‍රසීලයට පිටුවහල් කර තිබේ.

එම නිලධාරියා නිසි ලෙස සිය රාජකාරිය ඉටු කළ හෙයින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නොහැකි විය. යම් හෙයකින් ජාවාරම්කාරියට රටට ඇතුළුවීමට අවස්ථාවක් ලැබුණේ නම් සිදුවිය හැකි දේ සිතා ගැනීමට හෝ නොහැකි වනු ඇත. මන්දයත් ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන හෙයිනි.

මෙම අනතුරෙන් රට ආරක්ෂාකර ගැනීමට ඇති එකම මාර්ගය අවදියෙන් සිටීමය. අවධානය වෙනතකට යොමු කර ‘පර්ස්’ එක පැහැරගෙන දිවීම හොරාගේ සිරිතය. රටේම අවධානය යොමුවී තිබෙන්නේ කොරෝනා මාරාන්තික උවදුර දෙසටය. එහෙයින් තම ජාවාරම් ඉතා පහසුවෙන් කරගත හැකි යැයි ජාවාරම්කරුවෝ සිතති. කොවිඩ් මාරක වසංගතය මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් කුඩු තොග එයට කදිම නිදසුනකි. එහෙයින් ග්‍රහණය ලිහිල් නොකර විසි හතර පැයේම අවදියෙන් සිටිය යුතුය.

(***)



අදහස් (0)

ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට ගුවන්තොටේ සූක්ෂම ඇස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site