IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


පැය පහක් අඳුරේ වැටීමේ අභාග්‍යය

මුළු රටටම එකවර පැය පහක කාලයක් අඳුරේ ගිලි සිටීමට සිදුවිය. ඒ ඉකුත් 9 වැනිදා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදීය. මාස කිහිපයක් පුරා පැය 12කට ආසන්න කාලයක් විදුලිය නොමැතිව කල් ගෙවූ ජනයාට පැය 5ක කාලයක් අඳුරේ සිටීමට සිදුවීම එතරම්ම බරපතළ අර්බුදක් නොවේ. එහෙත් මුළු රටම එකවර කළුවරේ සිටීමට සිදුවූ ක්‍රියාදාමය එක් අතකින් රාජ්‍ය ආරක්ෂාවට බරපතළ තර්ජනයකි. එමෙන්ම බරපතළ ආර්ථික පාඩුවකි. එහෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතුමය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධිබලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිතවීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වූ බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රට පුරා විදුලිය බිඳ වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා එහි සියලු තොරතුරු පාර්ලිම්න්තුවට වාර්තා කරන ලෙසය. එක් සම්ප්‍රේෂණාගාරයක බිඳ වැටීමකින් මුළු රටම අඳුරට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කළේ නම් මෙවැනි දේවල් ඇති නොවන බවද පෙන්වා දුන්නේය.

විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හදිසියේ සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් හා විදුලිබල මණ්ඩලයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

හදිසියේ විදුලි බලය විසන්ධි වුවහොත් රටේ ජනයාගෙන් බහුතරයකට විකල්ප විසඳුම් නැත. එම ජනතාවට සිදුවන්නේ විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් වනතුරු අඳුරේ ගිලී සිටීමටය. ජනතාවට පමණක් නොව මෙවැනි හදිසි අවස්ථාවකට මුහුණ දීමට කඩිනම් පියවර ගැනීමට බලධාරීන්ටද හැකියාවක් නොමැති බව පැහැදිලිය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නාක මහතා මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ විදුලිය බිඳ වැටීම වැළැක්වීමට 2022 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැර තිබෙන බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළා නම් මෙවැනි දෙයක් නොවන බවත්ය.

අප රට යනු සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැන දෙඩවීම ජාතික සිරිතක්ව වර නගන රටකි. හැමදාමත් සිදු වූයේ එයයි. මෙවර පැය පහක කාලයක් විදුලිය බිඳ වැටීමෙන් සිදුවූ ආර්ථික පාඩුව රුපියල් බිලියනයක් පමණ වන බව මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තවම තොරතුරු අනාවරණය වී නැත. ඇතැම් විටෙක එම පාඩුව පුරෝකථන පාඩුවට වඩා හත් අට ගුණයකින් ඉහළ යා හැකිය.

අප පුවත්පත පෙන්වා දුන්නේ විදුලිය විසන්ධි වීම නිසා ජල සැපයුමද අඩාල වූ බවය. එමෙන්ම විවාහ මංගල උත්සව සහ වෙනත් උත්සව යොදාගෙන සිටි පිරිස බරපතළ අපහසුතාවට පත්වූ බවය. එමෙන්ම විදුලිය බිඳ වැටීමට හේතුව සොයා ගැනීමට විදුලිබල මණ්ඩලයට පැයක පමණ කාලයක් ගත වූ බවය.

විදුලිය මෙන්ම බලශක්තිය ජන ජීවිතය සමඟ මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තදින්ම සහ ඍජුවම ගැැට ගැසුණකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් වගකීම් සහගතවීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (0)

පැය පහක් අඳුරේ වැටීමේ අභාග්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1965 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site