IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


පන්සලට පැමිණි පල්ලියේ නත්තල

කතෝලික ජනතාව නත්තල රට පුරාම ඉහළින්ම සැමරූහ. ඒ හේතුවෙන් රටම නත්තල් සිරියෙන් ඇළලී ගියේය. ඒ අතරවාරයේ පානදුර ප්‍රදේශයේ වූ එක් අපූරු සිදුවීමක් අපගේ ලංකාදීපය මුල් පිටුවෙන්ම රටේ අවධානයට යොමු කළේය.

‘‘පල්ලියේ නත්තල පන්සලටත් ඇවිත්’’ සිරස්තලයෙන් ඡායාරූපයක් සමග එහි සඳහන් වූයේ පානදුර වික් ෂෝපමාතා දෙව්මැදුරේ පියතුමන්ලා නත්තල් භෝජන රැගෙන පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රීමහා විහාරස්ථානයට පැමිණි බවය. එහිදී විහාරාධිපති හිමියන් ඇතුළු මහා සඟරුවන එම පියතුමන්ලා මහත් ගෞරවයෙන් පිළිගත්හ. කතෝලික පූජකවරු මහ සඟරුවනට දානය පිළිගැන්වූහ.

මේ අවස්ථාවට සහභාගි වූ පානදුර තොටමුනේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාසාර නාහිමියන් ඇතුළු මහා සඟරුවනද රන්ජිත් ප්‍රනාන්දු ප්‍රධාන පියතුමන් ඇතුළු පල්ලිය නියෝජනය කළ සෙසු පියතුමන්ලා මුළු රටටම ලබාදී ඇත්තේ ඉතා වටිනා ආදර්ශයක් බව මෙහිදී සඳහන් කළ යුතුය. මේ සිද්ධිය රටේම ආගම් අතර සංහිඳියාව අගයන සියලු දෙනාගේ සතුටටත් පිළිගැනීමටත් හේතුවන බවද පෙන්වා දෙනු කැමැත්තෙමු.

රටක ආගමික සංහිඳියාව වර්ධනය කර ගැනීමට මෙවැනි සිදුවීමකින් ලැබෙනුයේ ප්‍රබල උත්තේජනයකි. පන්සලත් පල්ලියත් ආගමික සහ සමාජයික කටයුතුවලදී ජනතාව අතර කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන බැවින් ඒ හරහා ලැබෙන පණිවුඩය ඉතා ශක්තිමත්ව ජනතාවගේ හදවත් තුළට කිඳා බසින බව නොරහසකි. එය අවවාදයට වඩා ආදර්ශය උතුම් යන වදන ප්‍රබල ලෙස අරුත් ගන්වයි.

පන්සලත් පල්ලියත් මගින් බෙදා දෙන ධර්මය ශ්‍රවණය කිරීමට පැමිණෙන බැතිමතුන්ට මෙවැනි සිදුවීම්වලින් ඇතිවන්නේ මහත් ප්‍රබෝධයක් බවත් මෙහිදී පෙන්වා දිය යුතුය. එය ආගම් අතර වෛරී සහගත හැඟීම් පැතිරවීමට කටයුතු කරන සෑම පුද්ගලයකුම මහත් සේ අධෛර්යට සහ මානසිකව වට්ටවන ක්‍රියාවක් බවත් සඳහන් කරමු. මෙවැනි ක්‍රියා නිරන්තරයෙන් සිදු කිරීමට සෑම ආගමකම නායකයන් රුකුල් දෙනු දැකීම අපගේ අපේක්ෂාවයි.

නත්තල් සැමරුම 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමග වෙනස් විය. එතෙක් අසිරිමත් ලෙස අප රට තුළ සැමරුණු නත්තල ඉන්පසුව දුකින් කඳුළින් නැහැවී ගියේය. ඒ අවස්ථාවේදීද මෙරට මහා සංඝරත්නයත් සෙසු ආගම් නායකයනුත් කතෝලික බැතිමතුන්ගේ දුක වේදනාව තුනී කිරීමට මහත් සේ කැපවී කටයුතු කළහ. එසේම ඉන්පසුව කතෝලික බැතිමතුන් නත්තල ඇතුළු සෙසු ආගමික උත්සව සමරන අවස්ථාවලදී පොලිසියත් හමුදාවත් ආරක්ෂක කටයුතු උපරිම තත්ත්වයකින් පවත්වාගෙන යාමට කටයුතු කරති. මෙවරද ප්‍රධාන පෙළේ බොහොමයක් කතෝලික දේවස්ථාන අසල එම ආරක්‍ෂක කටයුතු ක්‍රියාත්මක වී තිබිණි. පානදුර පන්සලට කතෝලික පල්ලිය නත්තල් අසිරියද රැගෙන පැමිණියේ එවන් පසුබිමක බව මෙහිදී සිහිපත් කළ යුතුය. එම සද්කාර්යය වඩාත් කැපී පෙනෙන්නේ එම පසුබිමද සමගිනි.

ආගමික සංහිඳියාව දුර්වල වන විට එකම රටක ජීවත්වන විවිධ ආගම්, ඇදහීම් සහ විශ්වාස මත කටයුතු කරන ජනතාව අතර සැකය සහ අවිශ්වාසය ගොඩනැංවෙයි. මෙවැනි අවස්ථාවලදී තම පෞද්ගලික අභිමථාර්ථ මත සහ න්‍යාය පත්‍ර අනුව ක්‍රියාත්මක වෙන පුද්ගලයන් සහ කණ්ඩායම් තම පටු චේතනා ඉටුකර ගැනීමට උත්සාහ දරති. එයට දේශපාලන කාරණාද එකතු වූ විට පාලනය කරගත නොහැකි තත්ත්වයක් උද්ගතවෙයි. එය ඕනෑම රටකට මහ පොදු සාධකයකි. අපේ රටද ඉන් මිදී නැත.

එවැනි කාරණා සම්බන්ධයෙන් අප රටටද ඉතා අමිහිරි, කටුක අතීත ආදර්ශ බොහොමයක් තිබේ. ඒ අත්දැකීම් යළිත් අප ඉදිරියේ ක්‍රියාත්මක නොවිය යුතුය. ඒ සඳහා සියලු ආගම් අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව කටයුතු කිරීමට හැකි නිදහස් වාතාවරණයක් තිබීමද අවශ්‍යය. පානදුර නත්තල් අසිරිය පන්සලට රැගෙන ආ පියතුමන්ලාත් ඔවුන් මහත් ගෞරවයෙන් පිළිගෙන එතුමන්ලාට සත්කාර කළ මහා සඟරුවනත් රටටම පෙන්වාදී ඇත්තේ අපේ රට තුළ ආගමික සංහිඳියාවට තවමත් විශාල ඉඩකඩක් පවතින බවය. ඒ ආදර්ශය රටට පෙන්වාදුන් පියතුමන්ලාටත් මහ සඟරුවනටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු.

(***)



අදහස් (2)

පන්සලට පැමිණි පල්ලියේ නත්තල

ඇබිත්තයෙක් Tuesday, 02 January 2024 07:11 AM

පැරණි විහාරස්ථානයකට ගියාම බුදු පිළිමයේ පාමුල දේව පිළිම අඹා තියෙනවා මම දැක්කා... ඓතිහාසික පුරාණ විහාරයක විහාරයේ ඇතුලේ දේවරූප තියෙද්දී හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතුව බෞද්ධයින් කියාගන්නා බැතිමතුන් මිදුලේ වටේම දේවාල ඇටවීමක් කෙරෙනවා. මට පේන්නේ පුරාණ විද්‍යාවේ කට්ටියම නිදි ඇති... දැන් දැන් පේන විදියට අනාගතයේ යම් දිනක පංසලේ තිස්තුන් කෝටියක් දේවරූප ඇඹීමත් ආරම්භ වේවි. ගවලෙන් හදාවි. ශිව ලිංග පිහිටුවා ගනීවි... ඒක එක් අතකින් වරදක් කියන්න බැහැ. හරියාකාරව තමන්ගේ ආගම හඳුනා නොගෙන දකින දකින පංසලක්, පල්ලියක්, කෝවිලක් ඉදිරියේ වැඳ වැටෙමින් ආගම් අතරේ අතරමං වෙලා සිටින පිරිස් සඳහා ඔවුන්ගේ සිතේ සැනසීම ඇතිවන ආකාරයට බලාපොරොත්තුව ඉටුවන ක්‍රමයක් තියෙන්නත් ඕනෑනේ...!

:       0       3

බද්රානි Thursday, 04 January 2024 10:59 PM

අනේ අපි නොදන්නා මහලොකු සංහිඳියාව... ඔය කාගෙ කාගේත් අතට ගාන කැඩෙනවා නම් වැඩ පෙන්වයි... අනුන්ගේ මුදලින්... කන්න නැතත් ලොකුකමට අපේ බැතිමත්තු හරිම ආසයිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්
2024 මැයි මස 04 325 0

මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.


දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු
2024 මැයි මස 03 80 0

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛි


මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ
2024 මැයි මස 02 859 0

මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය හා පිටස්තර පුද්ගලයන් අතර ඇවිළීගිය ‘‘යුද්ධයෙන්’’ පසුව තුවාල වූවන් රෝහල්ගත කළ බවත් තව පිරිසක් අත්අඩංගුවට ගත් බවත් මාධ්


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 139 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 985 2

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 1484 1

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site