IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


අපරාධකරුවන් රට පැනීම වැළැක්වීමට ක්‍රමවේද නැද්ද?

අම්බලන්ගොඩ නගරය පුරා ආරක්ෂක විධි විධාන තර කර තිබේ. ඒ අතුරු මං මාවත්ද ආවරණය වන පරිදිය. මසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ  මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙමින් තිබේ. පාතාලයකුට තබා මැස්සෙකුටවත් ඒ දැලෙන් බේරී  පලා යා නොහැකි යැයි සිතුවේ නම් එය ද වැරැදි නොවේ. එහෙත් එම අනුමාන කිරීම් පුස්සක් බවට පත් කරමින් ඉකුත්දා මහ දවාලේ අම්බලන්ගොඩ වෙඩි පුපුරා ගියේය. සිය ගොදුර ඉලක්ක කර වෙඩි පත්තු කළ නාඳුනන තුවක්කුකරුවා පොලිස්  ඇස  මගහැර පලා ගියේය.

ඒ ලංකාවේ ක්‍රියාත්මක පාතාලයන්ගේ සංවිධානාත්මක බවය. ඉකුත් මාස 8ට වෙඩි තැබීම් 71ක්ද මරණ 41ක් ද වාර්තා  වී තිබේ. තුවාලකරුවන්ගේ ගණන 24කි. මෙම සංඛ්‍යා ලේඛන අප පය ගසා සිටින පොළොවේ භයංකාරත්වය කදිමට කියාපාන්නකි.

විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී අපරාධ සහ නීති දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කළේ  මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධකර මෙරටින් පලා ගොස් ඇති දරුණු ගණයේ අපරාධකරුවන් 148 දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති බවය. එමෙන්ම මෙම සැකකරුවන් වෙනත් රටවලට පලායෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබිණි.

රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් කිහිප දෙනකු මෙරටට ගෙන්වාගෙන ඇති බවත් සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් වාර්තා වී තිබේ.

කරුණු කාරණා එපරිදි වුවද විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විශේෂ අවධානයට යොමුවිය යුතු කාරණාවක් අනාවරණය කර තිබිණි. මරණ දඬුවම නියම වූ සහ විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට බරපතළ බාධාවක් ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කර තිබිණි. එම බාධාව නම් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කර තිබීමය. මරණ දණ්ඩනයට නියමවූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලීසියෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙරට නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය තුලනාත්මකව සලකා බලමින් අපරාධකරුවන් මැඬලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබේ. සියලු අපරාධකරුවන්ගේ ජීව දත්ත තොරතුරු ජාත්‍යන්තර පොලීසියට  දැනුම් දී තිබුණ ද අප රටට වගකිව නොහැකි තත්ත්වයක් නිසා එම  අපරාධකරුවන් මැඬලීමේ මෙහෙයුම මන්දගාමි වී තිබේ. අපරාධ මැඬලීමේ දී පොලිසිය මන්දගාමී යැයි සුලබ චෝදනාවකි. එහෙත් අපේ පොලිසියට ද පාලනය කළ නොහැකි තත්ත්වයන් තිබෙන බව වටහා ගැනීම මෙහිදී වැදගත්ය.

නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කර තිබුණේ හෝමාගම ප්‍රදේශයේ ‘හඳයා’ නමැති  සැකකරු එම අපරාධය කර දින දෙකක් ඇතුළත  ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවය. මේ අනුව පැහැදිලි වන්නේ මෙරට  සංවිධානාත්මක අපරාධකරුවන් යම් අපරාධයක් සිදු කරනු ලබන්නේ ආරක්ෂාව වෙනුවෙන් සියල්ල සූදානම් කර ගැනීමෙන් පසුව බවය. අපරාධ කල්ලි තම හැකියාව ඉතා සූක්ෂම ලෙස වර්ධනය කරගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය. මෙරට කිනම් වර්ගයේ අපරාධයක් සිදුකර හෝ වෙනත් රටකට පලාගිය පසු ජාත්‍යන්තර නීති සහ සම්පත් හමුවේ තමන්ට රැකවරණයක් සලසා ගත හැකි යැයි අපරාධකරුවන් කල්පනා කරන සෙයකි.

කවර තත්ත්වයක් තුළ වුවද අපරාධකරුවන්ට රිස්සක් කරගන්නට ඉඩ දී නිහඬව බලා සිටිය නොහැක. මහජනයාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නොවළහා ගත යුතුය.

(***)



අදහස් (4)

අපරාධකරුවන් රට පැනීම වැළැක්වීමට ක්‍රමවේද නැද්ද?

sisil Saturday, 09 September 2023 06:19 PM

සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති සැකකරුවන් සහ මේ වනවිට වෙනත් රටවල අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් ලංකාවට ගෙන්වා නොගෙන එම රටවලම සිරගත කිරීම පිළිබඳව සහ එම රටවලින් නිදහස් කරන්නා වූ දිනයකදී ලංකාවේ පොලිසියට ඔවුන්ව බාරදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද සොයාබැලිය යුතුවේ.

:       1       0

de silva Sunday, 10 September 2023 10:33 AM

කරන්න තියෙන්නේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර, එම අපාරාධකරුවන් ඊශ්‍රායලයේ මොසැඩ් එක කරන ආකාරයට එම රටවලදීම ඝාතනය කිරීමය. විදේශගත අපරාධකාරයෝ ජංගම දුරකථන භාවිතා කරමින් ගෝලයින් යොදවා වසරකට සිය ගණනක් මරන්න අණ දෙනවා.

:       0       3

Kumara Dubai Monday, 11 September 2023 09:57 AM

මේවා අතිශයෝක්තියෙන් යුතුව ඩුබායි රටේ කිසිවෙකුටත් සැඟවී සිටීමට නොහැක. රැකවරණය සලසා දෙන අය ආණ්ඩුව තුළම සිටිනවා. ඔවුන් අල්ලාගන්න එක ඩුබායි පොලිසියට සුළු දෙයක්.. ආණ්ඩුව පියවර ගන්නේ නැහැ.

:       0       2

CHANDIMA Monday, 11 September 2023 06:10 PM

අපෝ පුළුවනි... ලංකාවේ වරායවලයි, ගුවන් තොටුපළවලයි ඉන්න ආගමන විගමන නිලධාරීන් අයින් කරලා එතැනට හමුදාවෙන් දැම්මා නම් එකෙකුටවත් යන්න බැහැ. ඔක්කොම හොරු රට පනින්නේ එයාලාගේ උදව්වෙන්.. ගෙදරට ගිහින් ගණුදෙණු කතා කරලා තමයි යන වැඩි දෙනෙක් යන්නේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 40 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 529 0

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මගී ප්‍රවාහන බෝට්ටු සේවා අතරමග නතර කළේ ඇයි?
2024 අප්‍රේල් මස 29 1007 0

උත්සවශ්‍රීයෙන් හොඳ ආරම්භයක් ගෙන සද්ද නැතිවම අතහැර දමන ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේම බොරු පුරාජේරු මට්ටමෙනි. ඒවා ක්‍රියාවට නංවන්නේත් ලාබ ප්‍රචාරක වැඩට ක


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 200 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 232 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 267 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1657 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site