IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්න බැරිද?

ප්‍රවෘත්ති සම්බන්ධ එක් නිර්වචනයක් වනුයේ ‘‘ඇස් උඩ යන දේ ප්‍රවෘත්ති’’ යන්න ය. එබඳු ඇස් උඩයන ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ එකම වෙරළ තීරයක්වත් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබාගෙන නැතැයි පරිසර ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව ය.

අප රට දිවයිනක් බවත් එහෙයින්ම මනස්කාන්ත වෙරළ තීරයක් අප රට සතුව තිබෙන බවත් එය දිළිඳු රටක් වන අප රට සතු මහරු සම්පතක් බවත් වාගාඩම්බරයෙන් උදම් අනමු. එහෙත් ඇත්ත යථාර්ථය නම් අප රටේ එකම වෙරළ තීරයක්වත් ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලබාගෙන නොමැති බවය.

පරිසර ස්වාභාවික සම්පත් තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කමිටුවේ සභාපති ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා එම කමිටුවේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන්නේ මෙම ප්‍රමිති සහතිකය ලබා ඇති වෙරළ තීරවලට බැවින් සංචාරකයන් ආකර්ශනය කිරීම සඳහා එම සහතිකය ලබාගැනීම අතිශයින්ම වැදගත් බව ය.

ලෝකයේ දැනට රටවල් 50ක පමණ වෙරළ තීර 4000ක් පමණ ‘‘බ්ලූ ෆ්ලෑග්’’ සහතිකය ලබා ඇති බව පවසා ඇති මන්ත්‍රීවරයා මෙම සහතිකය ලබා ගැනීමට නම් වෙරළ තීරය ගුණාත්මක බවින් සහ ආරක්‍ෂාකාරී බවින් ඉහළ මට්ටමකට ගෙන ආ යුතු බව ද පෙන්නා දී ඇත. එම සහතිකය මෙතෙක් ලබා නොගැනීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවල අවධානය යොමු විය යුතු බව ද එම මන්ත්‍රීවරයා පෙන්නා දී තිබේ.

නිදහස ලබා 75 වසරක් ගෙවී යමින් තිබේ. බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් අප නිදහස ඉල්ලා තිබෙන්නේ නිදහස ලබා ගැනීමෙන් පසු රට දියුණු කිරීමට අදාළ දියුණු සහ විද්‍යාත්මක සැලැස්මක් නොමැතිව ද යන ප්‍රශ්නය මෙහිදී බැහැර කළ නොහැකි ය. නිදහස ලබා පැමිණි වසර 75 ක කාලයෙන් වසර 30ක් ම කුරිරු යුද්ධයකට අප රට යටත් වී තිබූ බව සත්‍යයකි. අවස්ථා දෙකක දී දිග්ගැස්සුණු සිවිල් අරගලයකට රට ගොදුරු වී තිබූ බවත් සත්‍යයකි. එහෙත් අප රට දියුණු කිරීමට අවශ්‍ය ඩොලර් උල්පත් මවන රට සතු මහරුම සම්පත වන වෙරළ තීරය අවශ්‍ය මට්ටමින් ගුණාත්මක තලයට ඔසොවා තැබීමට ඒවා කිසිවක් බාධා විය යුතු නැත. එහෙත් එම දෙය සිදුවී නැත. අප රට මෙතරම් දරුණු අගාධයකට ඇද වැටීමට එයත් හේතුවකි. ඒ සම්බන්ධ වගකීම රට පාලනය කළ හා එම පාලනයට හවුල් වූ සෑම වර්ණයකටම අයත් දේශපාලන පක්‍ෂ වගකිව යුතු ය.

මෙම කමිටුව හමුවේ අදහස් දක්වා ඇති සමුද්‍රීය පරිසර අධිකාරියේ ප්‍රධානීන් පෙන්වා දී තිබෙන්නේ ලංකාවේ ප්‍රධාන වෙරළ තීර 12 ක් එම සංකල්පය ක්‍රියාත්මක කිරීමට හඳුනාගෙන ඇති බවත්, එයින් වෙරළ තීර 4 ක් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට දැනටමත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

රට පාලනය කිරීම යනු දේශපාලන බලය රැක ගැනීම පමණක් නොවේ. රටේ අවශ්‍යතා සම්බන්ධ ප්‍රමුඛතා ලැයිස්තුවක් මුලින් සකස් කළ යුතුය. එම අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමේ දී රටේ ඇති සම්පත් යොදාගත හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. එබඳු වැඩපිළිවෙළක් වූයේ නම් අප රට සතු මනහර අයස්කාන්ත සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් අපට මෙබඳු දුක්මුසු පුවත් අසන්නට ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සම්බන්ධයෙන් ඇස් උඩයන ප්‍රවෘත්තියක් පළවී ඇති බව මෙහි ආරම්භයේ දී ම සඳහන් කළේ එහෙයිනි.

(***)



අදහස් (2)

අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්න බැරිද?

Dutugamunu Monday, 01 April 2024 10:11 AM

මම අවුරුදු 40කට කළින් ගියපු උණවටුන බීච් එක එදාටත් එහෙමමයි.. සමහරවිට ඊට වඩා ජරාවෙලා. ලංකාවේ එක බීච් එකක්වත් මාලදිවයින වගේ නෑ. මොකද එකඑක ආයතන ඕවා හදන්න දෙන්නේ නෑ. නමුත් ඕවා පුදුම ලස්සනට හදන්න පුළුවන්. නමුත් රටේ කරුමෙට ලොක්කන්ට ඕවා තේරෙන්නේ නෑ...

:       0       15

pakeer Thursday, 04 April 2024 09:06 PM

වෙරළ එසේ ඔසවා තැබිය නොහැක... එහෙත් එය පවිත්‍රකරා, ස්වභාවික මටිටමින් ආරක්ෂා කරගත හැක...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1423 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 181 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 171 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site