අන්තවාදී කොටස් යහමඟට ගන්න මුස්ලිම් නායකයන් පෙරට ආ යුතුයි පාස්කු ඉරිදා ප්‍රහාරය මුළු ලොවම සසල කළේය. එමෙන්ම කොන්දේසි විරහිතව හෙළා දුටුවේය. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුතු සාමයට ළැදි සකල ජනී ජනයා එක්සත්ව එක්සිත්ව එක් පෙරමුණක සිටගත්හ. 29 April 2019
එකිනෙකාට දොස් නොකියා එක්වී ප්‍රශ්නයට මූණ දෙන්න ‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’ යි කතාවක් තිබේ. 26 April 2019
වනාතවිල්ලුව පරීක්ෂණවලට සිදු වූ දේ දැන්වත් කියනවාද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත්, මඩකලපුවේ දේවස්ථානයකත් බෝම්බ පිපිරවීම තවුෆික් ජමාත් කණ්ඩායම සම්බන්ධ බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 25 April 2019
සියලු නායක එකමුතුවක සාමූහික ප්රයත්නයක් ඕනෑ උද්ගතව ඇති වාතාවරණයෙහි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හා වාද විවාදයෙන් තොරව ඒකරාශී වී නායකයන් එක්ව කඩිනම් සාකච්ඡාවක් ආරම්භ කරන්නැයි සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කරන බව කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ මහනාහිමියන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 24 April 2019
බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි තුන්සියයකට ආසන්න කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින්ද පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකරමින්ද පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ භයංකාර අත්දැකීමේ කම්පනය තවමත් රටේ වැසියන්ගේ සිත් සතන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබේ. 23 April 2019
කුරිරු ප්‍රහාර හෙළා දකිමු කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන එනම් පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක සහ තරු හෝටල් තුනක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 207 දෙනෙකු මියගොස් තවත් 450 ක් පමණ තුවාල ලැබීමේ කෲර සිද්ධිය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. 22 April 2019
උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි බක් පුර පසළොස්වක පොහොය අදයි. ලාංකික අපට අද දිනය විශේෂ වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනයක වීම හේතු කොටගෙනය. 19 April 2019
සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම ඕනෑම සමාජයක යහපත් සංස්කෘතියක් බිහිවීමට පදනම් වන්නේ, ආගමයි. එලෙසම සංස්කෘතිය පෝෂණය කරන ප්‍රමුඛතම සාධකයක් වන්නේ, සාහිත්‍යයයි. 18 April 2019
වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද බස්-දුම්රිය-විදුලිය, සෞඛ්‍ය යනාදී ක්ෂේත්රවල වැඩවර්ජන ගණනාවක් පිළිබඳ කතා පසුගිය දිනවලදී පැතිර තිබිණි. 17 April 2019
වාහනවල අධික ශබ්ද ජනතාවට හිරිහැරයක් ශබ්ද දූෂණයට තුඩු දෙන අධික ශබ්දයක් නිකුත් කරන නළා සවි කරන ලද වාහන වහාම අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 12 April 2019
ගුරුවරයා බේබද්දකු නම් සමාජය යහපත් වෙයිද පොළොන්නරුව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා දිනපතා බීමත්ව පාසලට පැමිණෙන බවට චෝදනා කරමින් මවුපියන් පිරිසක් පාසල ඉදිරිපිට විරෝධතාවක නියැළුණ බවට සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 11 April 2019
පළාත් සභා ඡන්දයට ඇති බාධා දැන්වත් ඉවත් කර ගනිමු පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබේ. එය පැවැත්වීම කෙසේවෙතත් ඒ පිළිබඳ වාද විවාද, මතගැටුම්, නීති තර්ක ආදියේ නිමක් නැත. 10 April 2019
පරිසරය රකින්නන් දිනූ ඓතිහාසික නඩු තීන්දුවක් යාපනය චුන්නාකම් තාප බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ භූගත ජලය අපවිත්රවීමත් එයින් ජන ජීවිතයට බාධා සිදුවීමත් හේතුවෙන් 09 April 2019
ලංවිම ඉංජිනේරුවන්ට විතරක් වැටුප් වැඩිකිරීමේ අසාධාරණය වැටුප් විෂමතා යනු මේ රටේ “වීදී සටන්” වලට පවා හේතුවන කාරණයක් බව පසුගිය කාලයේ විවිධ අවස්ථාවල දකින්නට තිබිණි. 08 April 2019
තැරැව්කාරයන්ට රජයේ කාර්යාල අඩවි තහනම් කරනු ශිෂ්ට සම්පන්න රටක ඕනෑම කෙනකුට ඕනෑම මොහොතක ඕනෑම තැනකදී බාධාවකින් තොරව තම කටයුතු කර ගැනීමට නිදහස තිබිය යුතුය. 05 April 2019
රාජ්‍ය නිලධාරීන් ගැන කියවෙන චෝදනා සාධාරණද අසාධාරණද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කළ කතාව මෙරට පරිපාලන ක්ෂේත්රය සම්බන්ධව කළ ප්‍රබල විවේචනාත්මක විග්‍රහයක් විය. 04 April 2019
සංවර්ධනයේ මුවාවෙන් ජාතික සම්පත් වැනසීම රටක දියුණුවට සොබාදහම ජයගත යුතුය. මෙය සැමගේ පිළිගැනීමයි. එය එසේ වුවත් හිතුවක්කාර ලෙස සොබාදහම ජයගැනීමට ක්‍රියා කළහොත් ඇතිවන විනාශය දෙවියන්ටවත් නතර කළ නොහැකිය. 02 April 2019
සූර්ය බලශක්ති කර්මාන්තයේ ප්‍රශ්න අද අප අත් විඳින විදුලි බල අර්බුදය පළමු හෝ අවසන් අවස්ථාව නොවේ. 29 March 2019
පහේ ශිෂ්‍යත්ව විභාගය පාසල්වල පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට කාලය පැමිණ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 28 March 2019
විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද දන්වා කැපුවත් නොදන්වා කැපුවත් විදුලිය කැපිල්ල රටේ පොදු මහත් ජනතාව අමාරුවේ දැමීමකි. 27 March 2019
ගම්මිරිස් ප්‍රතිඅපනයනය කාගේ හොර ජාවාරමක්ද විදේශ ගම්මිරිස් කන්ටේනර් 156 ක් පසුගිය කාලයේදී ප්‍රති අපනයනය කිරීම සඳහා මෙරටට හොර රහසේ ගෙනැවිත් තිබෙන හෙයින් ඒ පිළිබඳව පරීක්ෂණ 26 March 2019
අනවසර ඉදිකිරීම්වලට ඉඩදී පසුව කඩන්න යන්නේ ඇයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල දෙවට තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 22 March 2019
රාජ්‍ය මණ්ඩල - සංස්ථා රස්සා කාර්යාල කරනු එපා රටේ ආර්ථිකයට විනකරන මැති ඇමැතිවරු මේ රටේ ඕනෑතරම් සිටිති. ජනතාව වෙතින් ඒ බව ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේ සඳහන් වෙයි. 21 March 2019
බුදුන් වහන්සේ වදාළ පරිසර රක්ෂණය ‘‘පරිසර සංරක්ෂණයේදී අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළම අභියෝගය සිදුවන මහා වන විනාශයයි. අපේ රටේ මේ වනවිට තියෙන වන ඝනත්වය සියයට 28යි. මේ වන ඝනත්වය සෑම වසරකම සියයට එකයි දශම පහකින් අඩු වෙනවා’’. 20 March 2019
දැයේ දක්ෂ දරුවන් දිරිමත් කිරීම අගයමු රටක අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම අනාගතය උදෙසා සිදුකෙරෙන තිරසාර ආයෝජනයක් වෙයි. 19 March 2019
සිවුකොන් සටනක පුනරාගමනය 2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලාංකික ඡන්දදායකයන්ගෙන් ලක්ෂ හැට දෙකක් ඡන්දය භාවිත කළේ පැවැති රාජපක්ෂ පාලනය වෙනස් කිරීමටය. 19 March 2019
සංචාරක ව්‍යාපාරය නංවන්න කළයුතු සියලු අංශ ගැන සිතමු ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිණි. 15 March 2019
සැවොම එකට සිටිය යුතු ජිනීවා කඩුල්ල අවුරුදු කාලෙට කොහා හඬලන්නා සේ හැම වසරකම මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව ගැන හඬ නැඟෙයි. 14 March 2019
මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ව්‍යාධිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශ රටේ අවධානයට ලක්වෙයි. 12 March 2019
ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ ‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 11 March 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026