IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කුරිරු ප්‍රහාර හෙළා දකිමු

කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන එනම් පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක සහ තරු හෝටල් තුනක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 207 දෙනෙකු මියගොස් තවත් 450 ක් පමණ තුවාල ලැබීමේ කෲර සිද්ධිය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. මෙලෙස මිය ගිය අය කුමන ජාතියකට, ආගමකට අයත්වුවද අපට අහිමිවී ඇත්තේ වටිනා මිනිස් ජීවිතයි. මේ ම්ලේච්ඡ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළද එය හෙළාදැකිය යුත්තේය. ත්‍රස්තවාදය කොතනකදී කුමන මොහොතක සිදුවුවද එය ශිෂ්ට සම්පන්න සමාජය හෙළාදැකිය යුතුය. කිසියම් හේතුවක් පදනම් කරගෙන ගැටීම් ඇතිකර ගැනීමෙන් කිසිදු පාර්ශ්වයකට ජය අත්වන්නේ නැත. ප්‍රතිඵලය වන්නේ මානව සම්පත හා භෞතික සම්පත් විනාශය පමණි. වසර 30ක යුද්ධයකට මුහුණ දුන් අපට ඒ අත්දැකීම්වලින් අඩුවක් නැත. ඒ අමිහිරි අත්දැකීම් යළි යළි ඇති නොවේවා යන්න අප සියලු දෙනාගේම ප්‍රාර්ථනය විය. එහෙත් මේ සිද්ධිය නිසා නැවතත් සමස්ත ජනතාවම බියට පත්ව සිටිති. එම ජනතාව සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද වශයෙන් වෙන් කළ නොහැකිය.

මේ සිදුවීමට හේතුව කුමක්දැයි කිසිවෙක් නොදනිති. කෙසේවෙතත් සියලු ආගම්වල ඉගැන්වීම් වන්නේ අන්‍යයන්ට මෛත්‍රිය, කරුණාව, ප්‍රේමය දැක්වීමයි. බුද්ධ දේශනාවට අනුව වෛර කිරීමෙන් කිසිවක් ජයගත නොහැකිය. අප සියලු දෙනා ජාති ආගම් භේදයෙන් තොරව “නහී වේරේන වේරානි” යන බුදු වදනට අනුව කටයුතු කිරීමේ වැදගත්කම වටිනාකම සිහිපත්වන්නේ මෙවැනි සිදුවීම් ඇතිවන විටය.
මේ වනවිටත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඉල්ලා සිටියේ විපතට පත්වූ පවුල්වලට ශෝකය පළ කරමින් සාමකාමීව ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි. ජනාධිපතිතුමා තම පණිවිඩයේ සඳහන් කළේ කම්පනයට පත්ව සිටින මේ අවස්ථාවේ ජනතාවගේ සහයෝගය සාමකාමීව අපේක්ෂා කරන බවයි. කටකතාවලට නොරැවටෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. 

අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයද මෙම කුරිරු සිද්ධිය දැඩිව හෙළාදැක ඇත.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාද මහජනතාවගෙන් ඉල්ලා සිටියේ කල්පනාකාරීව පරෙස්සමෙන් කටයුතු කරන ලෙසයි.
මේ ශෝකජනක තත්ත්වය හමුවේ අවස්ථාවාදී මූලධර්මවාදීන්ගෙන් සමස්ත ජනතාව පරෙස්සම් විය යුතුය. සමාජ ජාල ඇතුළු වෙනත් පදනම් විරහිත වාර්තා හා ආරංචිවලින්ද පරෙස්සම් විය යුතුය. සිදුවිය යුත්තේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීම නොව ගිනි නිවීම හා ගිනි ඇතිවීමට පදනම්වන හේතූන් නැති කිරීමයි. රට සාමකාමීව තිබුණ වකවානුවක මෙවැනි අවාසනාවන්ත සිද්ධි ඇතිවීම මෙරට වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ගේම අභාග්‍යයකි. රටේ ආර්ථිකය කඩාවැටීමට මෙවැනි විපත් හේතුවන බව අපි අත්දැකීමෙන්ම දනිමු. එහි බලපෑම සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර් ද වශයෙන් වෙන වෙනම සිදුවන්නේ නැත. ඒ බව මෙවැනි ආකරුණික ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් කරන අයටත් ඔළුවෙහි නොමැතිවීම ඛේදවාචකයෙකි.

මෙය කුමන අරමුණකින් සිදුවූයේ දැයි තවමත් කිව නොහැකිය. එහෙත් මේ විපතින් රටට සිදුවන හානියේ අයහපත් ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවන්නේ සමස්ත ජාතියට පමණක් නොව මෙයට අනුබල දුන් මෙරට වෙසෙන ඒ සුළු පිරිසටද එම අවාසනාවන්ත ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇත. මෙය මෙරට සංචාරක ව්‍යාපාරයට කණකොකා හැඬීමකි. කොටස් වෙළෙඳපොළට කණකොකා හැඬීමකි. මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ පාර ඇහිරීමකි. 

බෞද්ධ විහාරස්ථානවලට පහර දෙන විට බෞද්ධයන්ට රිදෙන බව සැබෑවකි. කතෝලික දේවස්ථානවලට, හින්දු දේවස්ථානවලට වගේම මුස්ලිම් පල්ලිවලට පහර දෙනවිට ඒ ඒ ආගම් භක්තිකයන්ට රිදෙනු ඇත. එකිනෙකාට ගහගැනීම මනුස්සකම නොවේ. එය ම්ලේච්ඡ ලක්ෂණයකි. තම තමන්ගේම ආගම්වලට විරුද්ධව කරන ප්‍රහාරයකි. කවුරු ප්‍රහාර එල්ල කළත් ඔවුන් බලවත්ම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තමන්ගේම ආගමටයි. එනම් තම ආගමෙන්ම උගන්වා ඇති මානව හිතවාදිත්වයට එරෙහි වීමකි.

එබැවින් අප යළි යළිත් ප්‍රාර්ථනය කරන්නේ ජාති, ආගම් භේද නැති සුන්දර රටකි. සමස්ත ජනතාවගේම පැතුමද එය විය යුත්තේය.



අදහස් (1)

කුරිරු ප්‍රහාර හෙළා දකිමු

ruwan - polonnaruwen Tuesday, 23 April 2019 09:16 AM

කුරීරු ප්‍රහාරය හෙලාදකිමි. මියගිය සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. රෝහල්ගත අයට ඉක්මන් සුවය පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site