රිය අනතුරට ලක්වූ අයකු පාරේ දමා යාම සාධාරණද?
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩක කුසල් මෙන්ඩිස් මහතා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පානදුර උතුර, ගාලු පාර, හෝරේතුඩුව 13 කණුව ප්රදේශයේදී පාපැදිකරුවකු ගැටී මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ කුසල් මෙන්ඩිස් මහතා ඊයේ ඇප පිට මුදාහරිනු ලැබීය. අනතුරට පත් වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයකු වන නෙවිල් පීරිස් මහතා බරපතළ තුවාල ලබා වැටී සිටියදී කුසල් මෙන්ඩිස් මහතා සිය රිය නොනවත්වා ධාවනය කර පලාගොස් පැයකට පමණ පසුව පොලීසියට බාර වූ බවද අප ප්රවෘත්තියේ සඳහන්ය.