තේ ජාවාරම්කාර වසලයන් ඉහළම දඬුවම් දී රටින් පන්නමු
තේ කුඩුවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරන උඩුනුවර වෙළම්බඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් වටලා තේ කුඩු, කසළ තේ සමග විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය කිලෝ 75ක්, සීනි පැණි බෝතල් 138ක් සහ හඳුනා නොගත් අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වීමේ පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.