IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු

පාර්ලි​මේන්තුවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් එකම යෝජනාවකට එකඟත්වය පළ කරන්නේ කලාතුරකිනි. එසේ කලාතුරකින් සිදුවන එකඟත්වයක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී දැකගත හැකි විය. එය මන්ත්‍රීවරුන්ගේ සුබසාධන කටයුත්තක් උදෙසා එළැඹුණු එකඟත්වයක් නොව, රටේ යහපත සඳහා සිදු කෙරුණු එකඟත්වයක් වීම විශේෂත්වයයි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක අත්තේ වසන කුරුල්ලන් බවට පත්වන්නේ තමන්ගේ වරප්‍රසාද වඩාත් වැඩි කරගන්නා අවස්ථාවක දී පමණක් වීම ඊට හේතුවයි.

අදාළ යෝජනාව ඉදිරිපත් කෙරුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙනි. එහි සඳහන්ව තිබුණේ අපොස උසස් පෙළ විභාගයේ දී සිසුන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු බවයි. රැකියා ලබාදීමේ දී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමිකර දිය යුතු බවත්, සියලු ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේ දී මෙය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් බවත් එම යෝජනාව පිළිබඳ විවාදයේ දී ඩලස් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පිළිතුරු දෙමින් ඉසෙඩ් අගය යොදා ගනිමින් රැකියා ලබාදීමේ යෝජනාව සලකා බැලිය හැකි බව සඳහන් කර තිබුණේ එය ඉතා වැදගත් යෝජනාවක් වශයෙන් හඳුන්වා දෙමිනි. මෙහිදී මතුවන ප්‍රායෝගික ගැටලු ගණනාවක් පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි තත්වයක් තිබුණ ද මේ ක්‍රමය සුදුසු පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගැනීමෙන් රැකියා ලබාදීමේ පාරදෘෂ්‍යභාවය වැඩි වන බව ද ප්‍රකාශ කර තිබිණි.

ඉසෙඩ් ලකුණු මත පදනම් වී රැකියා ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීම මෙරට උගත් තරුණ තරුණියන්ට අසාධාරණයක් සිදු නොවී නියම සුදුස්සාට රැකියා ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමක් බව අපගේ ද වැටහීමයි. මෙරට රැකියා ලබාදීම ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව තිබෙන බව යථාර්ථයයි. මේ වැරැද්ද සිදු නොකළ එකදු රජයක් හෝ නොමැති බව ඍජුවම ප්‍රකාශ කළ යුතුය. අදාළ යෝජනාව ඉදිරිපත් කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාත්, එකී යෝජනාව යහපත් පියවරක් වශයෙන් දුටු  සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාත් දෙදෙනාම නියෝජනය කළ සෑම ආණ්ඩුවක්ම ඊට වගකිව යුතුය. අඩුම තරමින් පවතින යථාර්ථය අවබෝධ කර ගනිමින් එයට ප්‍රායෝගික යෝජනාවක් ඉදිරිපත් කිරීමත් එය සලකා බැලීමත් සඳහා ඉදිරිපත්ව සිටින ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් දෙදෙනාට උගත් තරුණ පරපුරේ පැසසුම් හිමිවනු ඇත. එසේ වනු ඇත්තේ එය ක්‍රියාවේ යෙදවීම දක්වා මේ යෝජනාව ඇදගෙන යාමෙන් පමණි. එසේ නොවුණුහොත් යළිත් වරක් තමන් රැවටීමකට හසු කළ බවට උගත් තරුණ පරපුර මේ දෙදෙනා ඇතුළු සමස්ත දේශපාලන සංස්කෘතියටම දොස් පවරනු ඇත.

ඉසෙඩ් ලකුණු මට්ටම් මෙරට උගත් තරුණ පෙළේ අනාගතය තීන්දු කරන කඩඉම බවත් පත්ව තිබේ. එහිදී ඉහළම ඉසෙඩ් ලකුණු ලබා ගන්නා සිසු දරුවෝ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමේ වරම් ලබති. එසේ වරම් ලබන සිසුන් මෙන් කිහිප ගුණයක පිරිසක් දෙමංතලාවක අතරමං වෙති. තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් විදෙස් රටවලට යැවීමට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළු කරවීමට හෝ ආර්ථික පහසුකම් ඇති මවුපියන්ගේ දරුවන්ට ගැටලුවක් නැත. එම අවස්ථාව ද නොලබන සෙසු උසස් පෙළ සමත් එහෙත් ඉසෙඩ් ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සරසවි වරම් නොලබන දරුවන් අතරමං වීමෙන් ගලවා ගත හැකි එක් මාර්ගයක් වන්නේ ඔවුන්ගේ උගත්කමට සරිලන රැකියාවකට ඔවුන් යොමු කරවීමය. ඒ සඳහා ඉහත කී යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව කිව යුතුය.

එහෙත් මේ විසඳුම යථාර්ථයක් වන්නේ දැනට ක්‍රියාත්මක බඩගෝස්තරවාදී දේශපාලනයෙන් මිදීමට සියලු දේශපාලකයන්ට හැකි නම් පමණි. රජයේ රැකියා ලබාදීම දේශපාලන තුරුම්පුවක් කරගන්නා තෙක් ඩලස් මන්ත්‍රීවරයාගේ යෝජනාව තිබෙනු ඇත්තේ හමස් පෙට්ටියේ බව ද කිව යුතුය. මේ රටේ තරුණ නැගිටීම්වල එක් ප්‍රධාන කාරණයක් වූයේ උගත් තරුණ පරපුරට ගැලපෙන රැකියා නොලැබී දේශපාලකයන්ගේ කුක්කන් බවට පත්ව සිටින නූගත් පිරිසකට එම රැකියා බෙදී යාමය. අදාළ යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් එම තත්වයට තිත තැබිය හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

(***)



අදහස් (0)

විපක්ෂයේ ආණ්‍ඩුවේ මන්ත්‍රීන් දෙදෙනාගේ යෝජනාව අගය කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30517 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12530 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site