IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බිග් මැච් ඛේදවාචක වැළැක්වීමට අලුතින් සිතමු

දෙවිදුහලක් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ සාමාන්‍ය තරගයකට එහා ගිය සැණකෙළියක ස්වරූපයෙනි. සිසුන් මෙන්ම ආදි සිසුන්ද ගුරු දෙගුරුන්ද තරගයේ තීරණයට වඩා එම අවස්ථාව කෙළිදෙළෙන් ගත කිරීමට උනන්දුවීම හේතුවෙන් තරගයේ උණුසුම් බවට වඩා සතුට, ප්‍රීතිය සැමරීමේ උණුසුම ඉහළ යාම ද සිදුවෙයි. එහෙත් එම සතුටේ, ප්‍රීතියේ සීමා මායිම් හරිහැටි හඳුනා නොගැනීමෙන් සිදුවූ ඉතාම අවාසනාවන්ත ඛේදවාචකයක් පිළිබඳ අපට අසන්න ලැබුණේ බදුල්ලෙනි. මේ ඛේදවාචකය මගින් තරුණ සිසුන් දෙදෙනකුගේ ජීවිත බිලිගනු ලැබූ අතර තවත් සිසුන් 11 දෙනකුට රෝහල්ගතවීමට ද සිදුවිය.

ඌව මහා සංග්‍රාමය වශයෙන් හඳුන්වන බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව මහ විදුහල අතර පැවති වාර්ෂික ක්‍රිකට් සැණකෙළිය මේ ආකාරයට අවමඟු‍ලක් බවට පත්වීමට ගතවී තිබුණේ තත්පර කිහිපයක කාලයක් පමණි. සිසුන් පිරිසක් අනාරක්ෂිත ලෙස නංවාගෙන ධාවනය කළ කැබ්රියක් තරගය පැවති ක්‍රීඩාංගණය අසලදී අනතුරකට ලක්වී පෙරළීයාමෙන් මේ ඛේදවාචකය සිදුවූ බව පොලීසියේ වාර්තාවලින් දැක්විණි. අනතුරට ලක්වූ කැබ්රිය පැදවූ 17 හැවිරිදි සිසුවාට තිබුණේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් බවත් එම බලපත්‍රය සන්තකයේ තබාගෙන නිවෙසේ තිබූ කැබ් රිය රැගෙන විත් තිබූ බවත් පොලීසිය ප්‍රකාශ කර තිබිණි. එසේ කැබ්රිය තම දරුවාට ගෙනයාමට ඉඩ දීමෙන් මවුපියන්ද කර ඇත්තේ වරදක් බවත් එහි සඳහන් විය.

සිද්ධියෙන් මියගිය සිසු දරුවන් දෙදෙනාගේ අකල් මරණ අපගේ ද බලවත් සංවේගයට හේතුවෙයි. එසේම රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට ද ඉක්මන් සුවය ලැබේවායි  අපි ප්‍රාර්ථනය කරමු. මීළඟට සිදුවිය යුත්තේ මෙවැනි ක්‍රියා ඉදිරියේ දී සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමය. ඒ සඳහා පාසල් අතර මහ ක්‍රිකට් තරග පවත්වන විදුහල්පතින් ඇතුළු පාසල් බලධාරීන්ගේත් පොලීසියේ නිලධාරීන්ගේත් සහාය අවශ්‍යම ය.

බදුල්ලේ සිදුවූ තරුණ සිසුන් දෙදෙනකුගේ ජීවිත බිලිගත් ආකාරයේ ඛේදවාචක වළක්වා ගැනීමට නම් බිග්මැච් ආශ්‍රයෙන් බිහි වී තිබෙන විවිධ උපසංස්කාතීන් ද හඳුනාගත යුතුය. ඒ අතුරින් රිය පෙළපාළි සුළු මට්ටමකින් ඇරඹී ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වූ අංගයකි. මේ පෙළපාළි මුල් කාලයේ ඇරඹුණේ බයිසිකල් සවාරි හැටියටය. කොළඹ නගරයේ ප්‍රධාන විදුහල් කිහිපයක බිග්මැච් සමඟ ඇතිවන තරුණ සිසුන්ගේ උද්‍යෝගය ඔවුන් පිටකර හැරියේ සයිකල් සවාරියක් ඇසුරෙනි. එම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ආදි සිසුන්ගේද සහාය ඇතිව පොලීසිය දැනුම්වත් කර ඉතා ක්‍රමානුකූලව එම සයිකල් සවාරි සංවිධානය කෙරිණි. ක්‍රම ක්‍රමයෙන් රටේ සෙසු ප්‍රධාන නගරවලට ද ව්‍යාප්ත වූ සයිකල් සවාරි පසුව විශාල වාහන සවාරි බවට පත් විය. මේ වනවිට රටේ බොහොමයක් ප්‍රධාන නගරවල බිග්මැච් ආශ්‍රිතව සංවිධානය කෙරෙන රිය පෙළපාළි සාමාන්‍ය දර්ශනයකි. බදුල්ල රිය අනතුර එවැනි සවාරියක් අතරතුර වූ සිද්ධියකි. කෙසේ වුවද මේ රිය පෙළපාළිය සඳහා පොලීසියේ නිසි අවසරය ලබා නොගත් බව ද සඳහන් ය.

බිග්මැච් සංවිධානය කිරීමේ දී විවිධ බලපෑම් සිදුකළ හැකි ආදි සිසුන් පොලීසියේ ඉහළ පුටුවලත් ත්‍රිවිධ හමුදාවේත් දේශපාලනයේත් නිරතව සිටින බව නොරහසකි. එසේම පොලීසියට බලපෑම් කළ හැකි වෙනත් බලවත් පුද්ගලයෝද මේ ආදි සිසුන් අතර වෙති. පොලීසියට මෙවැනි රිය පෙළපාළි තහනම් කිරීම අපහසු වන්නේ මේ හේතු නිසාය.

අප සිතන්නේ එය ක්‍රියාත්මක කිරීමට අපහසු තීරණයක් වන බවය. මේ නිසා රිය පෙළපාළි පමණක් නොව බිග්මැච් සංස්කෘතියට අදාළ වෙනත් ක්‍රියාකාරකම් ද අනතුරුවලින් සහ රටේ මහජනතාවට හිරිහැරයන් නොවන අයුරින් පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත.  සිදුවිය යුත්තේ එවැනි මාර්ග නීති රීතිවලට පටහැණි ආකාරයේ කටයුතු කිරීමෙන් සිසුන් වළක්වා ගැනීම ය. ඒ සඳහා පොලීසියට සහාය දැක්වීම බිග්මැච් සංවිධානය කරන සියලු‍ පාසල්වල බලධාරීන්ගේ වගකීමක් බවද පෙන්වාදීමට කැමැත්තෙමු.

(***)

ඡායාරූපය - ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි



අදහස් (1)

බිග් මැච් ඛේදවාචක වැළැක්වීමට අලුතින් සිතමු

Asela Tuesday, 11 April 2023 09:49 PM

One country, one law. If police did not implement the law equaly for everyone, then police has to take the responsibility.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site