IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩෙංගු මාරයා පැරදවීමට සැමගේ සහාය ඕනෑ

කොරේ පිටට මරේ කිව්වාක් මෙන් සෞඛ්‍ය අංශයේ බාල බෙහෙත් මගඩි, වැඩවර්ජන අස්සේ රට පුරා ඩෙංගු රෝගය දරුණු ලෙස හිස ඔසවමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තාවලින් අනාවරණය වී තිබේ. ගෙවී ගිය සති දෙක තුළ පමණක් රෝගීන් 6156 දෙනකු වාර්තා වී එක් මරණයක් ද සිදුවී ඇතැයි එම වාර්තා පදනම් කර ගනිමින් ලංකාදීපය පළ කළ ප්‍රවෘත්තියක සඳහන් විය. කොළඹ සහ යාපනය වඩාත් අවදානම් බවද ප්‍රකාශ වී තිබේ.

ඩෙංගු රෝගය මේ ආකාරයට වර්ධනය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින් යැයි අපි නොකියමු. එහෙත් වැඩවර්ජන සහ උද්ඝෝෂණවල බලපෑම් ඩෙංගු රෝග මර්දන ක්‍රියාවලියට ඍජුව හරස් වන බව සත්‍යයකි. සෞඛ්‍ය සේවයේ තාක්ෂණික නිලධාරීන්ගේ පමණක් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සේවය රෝගය මැඩ පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වෙයි. රෝගය පාලනය කර ගැනීමේ වැඩපිළිවෙළ එම සේවා අක්‍රිය වීම හේතුවෙන් ඇන හිටියි. රෝගය පුළුල් ලෙස ව්‍යාප්ත වන අවස්ථාවකදී එය බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට පවා හේතු විය හැකිය.

එහෙත් ඩෙංගු රෝගය පැතිරීම වළක්වා ගැනීමේ ප්‍රධානම වගකීම ඇත්තේ පොදු මහජනතාව අතේ බවද පෙන්වා දීමට කැමැත්තෙමු. ඩෙංගු රෝගය පතුරුවා හරින මදුරුවන් බෝවීම නැවැත්වීම රෝගය ව්‍යාප්ත වීම වළක්වන ප්‍රධානම ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලිය සාර්ථකව දියත් කිරීමට නම් තමන් ජීවත් වන පරිසරයත් තමන්ගේ සේවා ස්ථාන පරිශ්‍රයත් මදුරුවන්ගෙන් තොර කලාප බවට පත්කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුය. තම නිවෙස අවට මදුරුවන් බෝවීමට තුඩු දෙන ජලය එක්රැස් වෙන ස්ථාන ඉවත් කිරීම මෙහිදී වැදගත් වෙයි. එහෙත් තමන් විසින් භාවිතයට ගන්නා ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප පමණක් නොව බෝතල් මූඩි පවා ඉවක් බවක් නැතිව අවට පරිසරයට මුදාහරින අපේම අය සිටින තාක් එම කාර්යය සාර්ථකව ඉටුකරගත නොහැක. ඩෙංගු රෝගය තමන්ගේ නිවැසියකුට වැළඳුණු විට පමණක් පරිසරය ශුද්ධ පවිත්‍ර කර ගැනීමට උනන්දු වීමෙන් පළක් නැත.

ඩෙංගු අපේ රටට ආගන්තුක වූ රෝගයක් නොවේ. සෑම වසරකදීම ඩෙංගු බෝවීම උත්සන්න වන කාලසීමා ගණනාවක් අපට හමුවෙයි. බොහෝදුරට වැසි ඇදවැටෙන කාලය වඩාත් අනතුරුදායක බව වෛද්‍ය වාර්තා හා සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබේ. මේ ගතවෙමින් තිබෙන්නේ එවැනි දීර්ඝ වැසි සමයකින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදා වී ඇති වියළි කාලගුණ තත්වයකි. එහෙත් එවැනි කාලසීමාවකදී පවා ඩෙංගු රෝගය ව්‍යාප්ත වන්නේ නම් ඒ කෙරෙහි රටේ සියලු‍ දෙනාගේ අවධානය යොමුවීම අවශ්‍ය බව කිව යුතුය.

දීපව්‍යාප්ත මට්ටමින් ඩෙංගු රෝග පාලන සහ මර්දන කටයුතු සැලසුම් කිරීම සහ අන්තර් පාර්ශ්වීය සම්බන්ධීකරණයේ වගකීම පැවරී ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකයට වුවද ඒ වගකීම එම ආයතනයට පවරා තමන් විසින් පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳ නොසැලකිලිමත් ලෙස කටයුතු කරන පුද්ගලයන් සිටින තාක් රෝගය පැතිර යාම වැළැක්වෙන්නේ නැත. ඒ සඳහා තමන් ද යම් කැපවීමක් සිදු කළ යුතු බවට හැඟීමක් ජනතාව තුළ තිබීම ද අවශ්‍යය.

ඩෙංගු රෝගය දැඩිව ව්‍යාප්ත වෙමින් පවතින බවට අනතුරු අඟවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බව සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2023 අගෝස්තු 25 වැනිදා ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණේ ශ්‍රී ලංකාව තුළ ඒ වන විට ඩෙංගු රෝගීන් 61,361 දෙනකු සිටින බවය. එය ඊට පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 8,100 ක ඉහළ යාමක් බවද එමගින් පෙන්වා දී තිබිණි. එසේම දිගින් දිගටම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවට ද ඩෙංගු මර්දන ඒකකය ඒ අවස්ථාවේදී අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව ඩෙංගු රෝග ව්‍යාප්තියෙන් දරුණු ලෙස බැට කෑවේ 2017 වසරේදීය. ඒ වසර තුළ වාර්තා වී තිබූ රෝගීන්ගේ සංඛ්‍යාව 186,100ක් විය. අප යළිත් ඒ තත්වයට වැටිය යුතු නැත. එය තිබෙන කරදර මදිවාට තව කරදර පටලවා ගැනීමකි. එම කරදරය තුරන් කිරීමේ වගකීම ඇත්තේ තමන් අතේ බව ජනතාව ද සිතට ගැනීම අවශ්‍යය.

(***)



අදහස් (0)

ඩෙංගු මාරයා පැරදවීමට සැමගේ සහාය ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site