IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැකවරණය ලබමින් සිටීමේ අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.

මේ එබඳු පන්නයේ පළමු පුවත නොවේ. දරුවන් නොසලකා හැරීමට ලක්වූ වියපත් මවුපියන් සම්බන්ධ පුවත් බොහෝ සෙයින් වාර්තා වෙමින් තිබේ. රැකබලා ගත හැකි නමුත් මවුපියන් බරක් යැයි සිතන දරුවෝ සිය මවුපියන් මහ මග දමා යති. අඳුරු කාමරවල දම්වැල්වලින් ගැට ගසා තැ​ෙබති. බලු කූඩුවල සිරකරති. ඉහත ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ ද දරුවන්ගේ නොසලකාහැරීම් නිසා ජීවිතයේ සැඳෑ සමය දුක්ඛිතව ගෙවා දැමීමේ ඉරණම බාරගැනීමට සිදුවූ අසරණ වියපත් අම්මා කෙනකු පිළිබඳව ය.

රටක සාරධර්ම යනු එම රටේ ජනයාගේ ආධ්‍යාත්මයේ පොහොසත් බව කියාපාන කැඩපතකි. ලෝකයේ ප්‍රධාන විශිෂ්ට ආගමික දර්ශනවලින් පෝෂණයවූ සුවිශේෂි හර පද්ධතියක් අප සතු ය. මවුපියන් පෝෂණය කිරීම, වැඩිහිටියන් රැකබලා ගැනීම ඉන් සුවිශේෂ ලක්ෂණ ය. දස මසක් කුස දරා ගත රුහිරු කිරිකර පොවා වැදු අම්මාත්, ගත දා බිඳු හෙළා පෝෂණය ගෙන දුන් පියාත් රැකබලා ගැනීමට දරුවන් අදිමදි කරන්නේ නම්, එම යුතුකම ඉටු නොකරන්නේ නම් එම දරුවන් සතු යහගුණ මොනවා දැයි වටහා ගැනීම අසීරු නැත.

මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. එම යුතුකම් අනුපිළිවෙළින් මෙසේ ය.

පාපයෙන් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, ශිල්ප සතර ඉගැන්වීම, දායාද පැවරීම සහ නිසි වයසේ දී ආවාහ විවාහ කර දීම වේ.

නූතන සමාජයෙහි බොහෝ මවුපියන් තමන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු ප්‍රධානතම යුතුකම ලෙස සලකනු ලබන්නේ ඉගැන්වීම ය. වයස අවුරුදු 90ක් වයසැති අම්මා මහලු නිවාසයකය. එක් දරුවකු එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකි. අනිත් දරුවා ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නියුතු වූවෙකි. පුවත්පතෙහි ඒ බව දැක්වෙයි. දරුවන් දෙදෙනාට ඉගැන්වීමට එම මවත් පියාත් කටයුතු කර ඇති බව පෙනේ. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ ඉගැන්වීමට පෙර එම දරුවා පාපයෙන් වැළැක්විය යුතු බව ය. යහපතෙහි යෙදවිය යුතු බව ය.

මවුපියන්ට සැලකීමේ ගුණය මේ රටේ දරුවන්ගේ රුධිරය හා මුසුවූවකි. නැව මුහුදුබත් වූ විට අම්මා කර මත හොවාගෙන සත් දිනක් මුහුදේ පිහිනා මවගේ ජීවිතය බේරා දුන් බෝසත් පුත්‍රයාගෙන් මවුපියන්ට සැලකීමේ ආනිශංසදායක යහගුණ ඉගෙන ගත් ජාතියක වත්මන් ඇතැම් දූ පුතුන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින්ම සංවේගජනක ය. අප ජාතියක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ කවර දිශාවකට ද යන්න වටහා ගැනීමට බහුලවෙමින් පවතින මෙබඳු සිදුවීම්වලින් පැහැදිලි කර ගත හැකි ය.

‘පංචානන්තරිය පාප කර්ම’ ලෙස බුදු දහමෙහි දැක්වෙන බරපතළ ම පාපකර්ම පහකි. ඒවා නම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ සිරුරේ ලේ සෙලවීම හා සංඝභේදය වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මව හා පියා මැරීම සව්කෙලෙස් මුලිනුපුටා දැමූ මහ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සමාන බව ය. ප්‍රතිඵලය සමාන වීමට නම් මවත් පියාත් මහරහතන් වහන්සේ නමක හා සමාන විය යුතු ය.

වර්තමානයේ අප පිටුදකිමින් සිටින්නේ එම සමානකම් ය. ජාත්‍යන්තරය තුළ අප  සුවිශේෂී ජාතියක් වූයේ අප සතු විශිෂ්ට සංස්කෘතිකාංගවලින් සමන්විත වූ සාරධර්මවල ආනුභාවයෙනි. එම සාරධර්ම අප නොසලකා හරින්නේ නම් අපට ‘අපේ’ යැයි කිවහැකි සංස්කෘතියක් සභ්‍යත්වයක් ඉතිරි නොවනු ඇත.

(***)

 



අදහස් (5)

කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ

aravinda Thursday, 25 July 2024 06:32 PM

අද බොහෝ දරුවන් වයස්ගත දෙමව්පියන් රැක බලා ගැනීමේ වගකීම පව්ලේ අන් අයගේ කරපිට ගැසීමට තැත් කරන අතර, අවසානයේදී සියල්ලන්ගෙන්ම ප්‍රතික්ෂේප වී අසරණ වන්නේ දෙමව්පියන්ය. මේ අමන දරුවන්ගේ පැටිකිරිය ගැන යම් හෝඩුවාවක් දැන ගැනීම පිණිස, අද මෙසේ අසරණ වී මාලබේ වැඩිහිටි නිවාසයක සිටින මේ මවගේ නම සඳහන් කිරීම වැදගත්...

:       1       13

MO77 Friday, 26 July 2024 08:34 AM

උපාධියෙන් අධ්‍යාපනය දැනුම ලබාදෙනවා පමණයි. සාරධර්ම උගන්වන්නේ ගෙදරින් හා ආගම මගින්. සාරධර්ම පිළිබඳ විවේචනයේ දී උපාධියට බැණ වැදීම තේරුමක් නැති දෙයක්. එය ගෙදරින් පන්සලෙන් පල්ලියෙන් කළ යුතු දේ. ඉතාම කණගාටුයි කතෘ මණ්ඩලයවත් මේ වෙනස හඳුනාගෙන නෑ.

:       0       7

Swene Haputhantirige Saturday, 27 July 2024 06:04 AM

මේවා සාර ධර්ම මතම පටවන්න බැහැ. වර්තමාන සමාජ ආර්ථික රටාව අනුවත් ජනව්‍යාප්තිය වෙනස්විමත් මත සිදුවන ඒවා. වයසක ප්‍රජාව වැඩිවනවා. තරුණ ප්‍රජාව අඩුවනවා. ඒ අනුව, වයසක ප්‍රජාව අතරමං වෙනවා. ධනවත් රටවල නම් එම අඩුව පිරිමැසීමට පද්ධතියෙන්ම යම් දුරකට පිළිතුරු සැපයෙනවා. නමුත් දුප්පත් අප, ධනවත් රටවල වයසක උදවිය බලා ගැනීම සඳහා රක්ෂාවක් හැටියට එහෙට යනවා. ඉතා සංකීර්ණයි.

:       0       12

බද්රානි Saturday, 27 July 2024 01:27 PM

අනේ, ලංකාවේ අපි නොදන්නා මහලොකු සාරධර්මය ගැනද මේ කියන්නේ? වයස්ගත දෙමව්පියන්ව රැකබලාගෙන ජීවත් වෙන්න ඕනෑනම්, මොකටද කසාද බැන්දේ..? වයසක දෙමව්පියන්ව රැකබලාගෙන ඉන්නවා නම්, කොහොමද රැකියාවක් කරන්නේ? ලංකාවේ වගේ නොවෙයි දියුණු රටවල මහලු නිවාස ඉතාම කාර්යක්ෂමව ඔවුන්ගේ කාර්යය ඉටු කරනවා. වැඩිහිටියන්ගේ ආදායම අනුව, අඩු ආදායම් ලාභීන්ට රාජ්‍ය අනුග්‍රහයත් ඇතිව ඒ සඳහා මූල්‍යමය පහසුකම් රජය සපයනවා.. සමහර නිවාස හිමි වැඩිහිටියන් ඔවුන්ගේ මරණය දක්වා සාත්තු සේවිකාවන් සමග වාසය කරනවා. දරුවෝ දෙමව්පියන්ගේ ගේ දොර ලියාගෙන මහපාරට ඇද දමන තත්වයන් ඒ රටවල නැහැ... ලංකාවේ මෙන් තිරිසන් ගති ඇති අසත්පුරුෂ ගැහැනුන් හා පිරිමින් ඒ රටවල විරලයි.. මොනවා වුණත්, කතෝලික සභාවෙන් (කන්‍යා සොහොයුරියන්) විසින් ක්‍රියාත්මක වන මහලු නිවාස යම්තාක් දුරට හොඳින් ක්‍රියාත්මක වෙනවා. පිරටරට වල පවා තත්වය බොහෝ දුරට මේ හා සමානයි.. නමුත් ඊට නිසි වටිනාකමක් හා මුල්‍ය අනුග්‍රහ දක්වන්නේ ඊට අදාළ ආගමිකයින් පමණයි... අනෙක් එවුන් ලෝකෙට පේන්න දන්සැල් දෙමින් කාර් වලින් ජොලියට දන්සැල් වඳින පෙරේතයින්ට කෑම කන්න දීලා සතුටු වෙනවා. පිස්සු කරන්නේ නැතිව දැහැමින් පින් කරන්න..!

:       0       0

ගමගේ Sunday, 28 July 2024 06:41 PM

දරුවො හදන්නේ දෙන්නගේ කැමැත්තෙන් එ දරුවො හදනවා උගන්වනවා එක තමයි දෙමාපියන් කරන්ඩ ඔනෙ එහෙම කරලා අපි යමක් බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනදෙනුවක් දියුණු රටවල මිනිස්සු කාගෙන් වත් යැපෙන්නෙ නැහැ එ රටවල තියෙනවා හැමොටම අයිතිවාසිකම් අපේ වගේ දුප්පත් රටවල මිනිස්සු තමයි යැපෙන මානසිකත්වයකින් ඉන්නේ

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1081 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site