IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අවවාදය නොව ආදර්ශය දුන් සුදර්ශනීට අපේ ආචාරය

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතකුගේ විවාහ මංගල්‍ය උත්සව කල් දමා ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. රාජ්‍ය ඇමැතිනියගේ මෙම ක්‍රියාකලාපය මුළු රටටම ආදර්ශයකැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද අප පුවත්පතට ප්‍රකාශ කර ඇත.

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අපගේ ඉපැරණිම කියමනකි. මෙබඳු කියමන් බොහෝ විට කියමන්වලට පමණක් සීමා වී තිබෙන හෙයින් ඒවායේ ගරුසරු භාවයත් පිළිගැනීමත් අභියෝගයකට ලක්වී තිබේ. රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ක්‍රියාකලාපය අතිශයින්ම වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.

ඇය රාජ්‍ය ඇමැතිනියකි. එහෙයින්ම සෙසු මහජනයාට නොමැති සුවිශේෂී වරප්‍රසාද ඇයට හිමිය. අවශ්‍ය නම් මෙම වරප්‍රසාද බලයක් ලෙසද යොදා ගැනීමට හැකිය. අප එසේ ලියන්නේ එබඳු සිදුවීම් ඕනෑ තරම් දේශපාලන ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන හෙයිනි. රාජ්‍ය ඇමැතිනියටද එහෙම ගත හැකිව තිබිණි. ඇයට ඒ සඳහා විශේෂ බාධාවක්ද නැත. කොළඹ තරු පංතියේ හෝටලයක අවශ්‍ය නම් පොලිස් ආරක්ෂාවද යොදාගෙන ජයටම මංගල්‍ය උත්සවය පැවැත්විය හැකිව තිබිණි. එහෙත් රටේ තත්ත්වය එයට හිමි බරින් හා ගුණෙන් ගත් රාජ්‍ය ඇමැතිනිය පුතුගේ විවාහ මංගල්‍ය උත්සවය කල් දමා තිබේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කියමනට අලුත් වටිනාකමක් හිමි වූයේ එහෙයිනි.

කොරෝනා වගුර මොහොතින් මොහොත ගැඹුරු වෙමින් තිබේ. රටේ හෙට දවසේදී කුමක් සිදුවේදැයි කිව නොහැකි තරමට අවිනිශ්චිත බවත් භීතියත් හාත්පස දිගේලි වී තිබේ. මරණ බිය සුසුම් සමග නිසල වායු ගෝලයට මුසු වෙමින් තිබේ. දිනකට මියයන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150 ඉක්මවා තිබේ. නොසිතූ නොවූවිරූ අන්තයක් කරා රට ගමන් කරමින් තිබෙන සෙයකි. මෙම තත්ත්වය අමතක කර කටයුතු කිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත.

රටේ තත්ත්වය හොඳටම දැන දැනත් ඇතැම්හු එය අමතක කර කටයුතු කරති. ඉකුත් සමයේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සව රැස්වීම් පැවැත්විණි. එක් ඇමැතිවරයෙක් පෙළපාලිද ගියේය. ඒ එම ඇමැතිවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ බලය අල්ලා ගැනීමට සමත් වීමේ ප්‍රීතිය භුක්ති විඳීමටය. දේශපාලනඥයෝ පාක්ෂිකයන් පිරිවරා මහ මග උද්ඝෝෂණය කළහ. ගුරු, විදුහල්පතිවරු එක පොදියට විරෝධතා ව්‍යාපාරවල යෙදුණහ.

සමාජයේ දැනුවත් කණ්‍ඩායම් මෙසේ හැසිරෙනවිට සාමාන්‍ය ජනයා වෙතින්ද අවධානය ගිලිහී යාම බලාපොරොත්තු විය යුතුය. මංගල්‍ය උත්සවයකට සහභාගි විය හැකි පිරිස් සීමා කර තිබුණද එම සීමා නොතකමින් ඇතැමෙක් ජයටම මගුල් කෑහ. සංචරණ සීමා දැඩි කළද එය වචනයට පමණක් සීමා වී තිබේ. උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් රකින්නැයි ඉල්ලීම් කළද ඇතැමකුගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නැත. පොලිසියට ද බියෙන් හෙල්මටය පළඳින්නාසේ ඇතැමෙක් ක්‍රියා කරති. මුඛ ආවරණ බෙල්ලේය. නිතර දෑත් සේදීමක් නැත. බොහෝ ආයතනවල දෑත් සේදීමට පහසුකම්ද නැත. මීටරය සෙන්ටි මීටරය වී තිබේ. ප්‍රතිඵලය වී තිබෙන්නේ දිනකට ආසාදිතයන් 150 කට වැඩි පිරිසක් මිය යන අඳුරු ගොරබිරම් ඉසව්වකට රට ඇද වැටීමය.

සෞඛ්‍ය අංශ දැඩිව ප්‍රකාශ කරන්නේ රටේ හෙට තත්ත්වය තව තවත් භයානක වන බවය. ඔවුන් එසේ ප්‍රකාශ කරන්නේ ආවාට ගියාට නොව සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත මත පදනම්වය. එහෙයින් හෙට අනතුර අද දැකීමේ හැකියාව ඔවුන්ට තිබේ. රට වසන්නැයි ඔවුන් ඉල්ලා සිටින්නේ එහෙයිනි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඉදිරි සති දෙක තීරණාත්මකයි. රට ලොක් ඩවුන් කළ නොහැකි නම් මිනිසුන් ලොකප් කරන්න යනුවෙනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී වේගයෙන් පැතිරෙනු ඇති බවය.

රට වැටී ඇති මර උගුලෙන් රට මුදවා ගැනීමට චක්‍රලේඛ, නියෝග, නිවේදන පමණක් ප්‍රමාණවත් නොවන බව ඒකාන්ත සත්‍යයකි. මිනිසුන් තුළ අලුත් උද්ඝෝෂණයක් ජනිත කරවීමට සමත් අලුත් බලාපොරොත්තුවක් නිර්මාණය කිරීමට සමත් බලගතු ආදර්ශ ද මේ මොහොතේ ඇවැසි වේ. රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සැපයූ ආදර්ශය සමනළගිරි හිසටත් ඉහළින් යැයි අවධාරණය විය යුත්තේ එහෙයිනි. ප්‍රජා සෞඛ්‍ය විෂය සම්බන්ධයෙන් විශේෂඥවරියක වන රාජ්‍ය ඇමැතිනිය හැමවිටම නොබියව ඇත්ත කීවාය. පුරාජේරු වෙනුවට ඇත්ත තත්ත්වය පහදමින් ජනයා මෙහෙයවීමට උත්සාහ කළාය. එයද මේ මොහොතට අදාළව අතිශයින්ම වැදගත්  බලගතු ආදර්ශයකි. ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින සෙස්සන්ටත් මෙබඳු ආදර්ශ සැපයිය හැකිද යන්නය.


(***)



අදහස් (2)

අවවාදය නොව ආදර්ශය දුන් සුදර්ශනීට අපේ ආචාරය

sampath Tuesday, 17 August 2021 09:56 PM

ඕනෑ තරම් මිනිස්සු තමන්ගේ පුද්ගලික දේවල් කල් දාලා තියෙනවා. නීතිය කාටත් පොදුයි. මොකද කොරෝනා කාටත් සමානයි...

:       0       2

SAMAN Wednesday, 18 August 2021 10:37 AM

විශිෂ්ඨයි මැඩම්...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site