IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෝභිත හිමියෝ සටන් බිමට

තිස්සගේ මතක වත-98

2015 මුල් හරියේ ජනාධිපතිවරණයකට හැමෝගෙම වගේ සූදානමක් තිබුණා. නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළත් කවුරු කවුරුත් මේ සඳහා ලෑස්ති වුණා. ඒ සූදානමේ ප්‍රධාන කාරණය වුණේ ඒ සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුද කියලා තීරණය කිරීම. විවිධ නම් මේ සඳහා යෝජනා වුණා. මේ නම් අතර ඉදිරියෙන්ම තිබුණේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ නම. ඒත් එක්කම කියවුණා කරු ජයසූරියගෙ නමත් ශිරාණි බණ්ඩාරනායකගෙ නමත්.


එහෙත් එක්සත් ජාතික පක්‍ෂය හිටියේ රනිල් වික්‍රමසිංහ තමයි පක්‍ෂයේ එකම අපේක්‍ෂකයා කියන මතයේ. හැබැයි පක්‍ෂ අභ්‍යන්තරයේ යම් යම් විවාද තිබුණා. රනිල් ජනාධිපති අපේක්‍ෂකයා වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුට හිතවාදී කණ්ඩායම නිරන්තරයෙන් කියන්න පටන් ගත්තා ජනාධිපති අපේක්‍ෂකයා විදියට රනිල්ගෙන්ම මාර්කට් කරන්න අමාරුයි කියලා. ඒත් රාජපක්‍ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනාධිපතිවරණ සටන කරන්න ඒකාබද්ධ ව්‍යාපාරයකට යා යුතුයි කියන සටන අපි අතහැරලා තිබුණෙත් නෑ. මේ වෙද්දී ඒ නිසාම අපි ගොඩක් දුරට උත්සාහ කළා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මේ සඳහා සම්බන්ධ කරගන්න. හැබැයි ඔවුන් සෘජු ලෙස අපිත් එක්ක සම්බන්ධ වුණේ නෑ. මේ නිසාම රනිල් වික්‍රමසිංහට ඕනෑකමක් තිබුණා සෝභිත හාමුදුරුවො එක්ක සෘජු සාකච්ඡාවක් කරන්න. ඒ සම්බන්ධීකරණ වගකීම බාර දුන්නේ නුගේගොඩ නාලන්දාරාම පන්සලේ තිනියාවල පාලිත හාමුදුරුවන්ට. මේ අතරේ පාලිත හාමුදුරුවෝ දවසක් නාලන්දාරාමෙට කැඳවලා තිබුණා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොයි ඉත්තෑපාන ධම්මාලංකාර හාමුදුරුවොයි රනිල් වික්‍රමසිංහ එක්ක මමත් ඒ සාකච්ඡාවට සහභාගි වුණා. අපි හැම දෙනාම මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූවා. පාලිත හාමුදුරුවොත් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට එරෙහිව ජනාධිපතිවරණ සටනේ අපේක්‍ෂකයා විය යුතුයි කියන අදහසේ හිටියේ. ඔවුන් ඒ සඳහා විවිධ කරුණු ඉදිරිපත් කළා. 


මේ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර විදියට සෝභිත හාමුදුරුවෝ සෘජු අදහස් දැක්වීමක් කළේ නෑ. හාමුදුරුවෝ කිව්වෙ උන්වහන්සේට තනි තීරණයක් ගන්න අමාරුයි කියලා. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සෙසු පිරිසගෙනුත් අහලා ඔවුන් සමගත් සාකච්ඡා කරලා අවසන් තීරණයකට පැමිණිය යුතු බව තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ යෝජනාවලට සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ හැමදෙනාගෙම කැමැත්ත තියෙනව නම් උන්වහන්සේ මේකට කැමතියි කියලා තමයි කිව්වේ.


ජනාධිපතිවරණ කතාබහ උණුසුම් වෙමින් පැවතුණා. අපි අපේ පක්‍ෂ යාන්ත්‍රණයත් ශක්තිමත් කරගෙන යමින් තිබුණා. මේ අතරෙම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ගැන චන්ද්‍රිකා කුමාරතුංග එක්කත් විවිධ සාකච්ඡා පැවැත්වෙමින් තිබුණා.


මේ අතරේ දවසක් රනිල් වික්‍රමසිංහ මට කතා කරලා කිව්වා මලික් සමරවික්‍රම එක්ක ගිහින් සෝභිත හාමුදුරුවො මුණගැහෙන්න කියලා. ඒ ඉල්ලීම අනුව අපි දෙන්නා සෝභිත හාමුදුරුවො බැහැදකින්න ගියා. හාමුදුරුවො කොහේ හරි බණකට ගිහින් රෑවෙලා තමයි පන්සලට වැඩියෙ. රෑ දහයට විතර අපි අපේ සාකච්ඡාව පටන් ගත්තා. අපි හාමුදුරුවන්ට කිව්වා මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඉදිරි ජනාධිපතිවරණය සඳහා පක්‍ෂවල එකමුතුවක් වගේම සිවිල් සංවිධානවල එකමුතුවකුත් අවශ්‍යයි කියලා. ඒත් මේ සියල්ලේම මූලිකත්වය එක්සත් ජාතික පක්‍ෂය හරහා සිදුවිය යුත්තේ අපේ පක්‍ෂයට තමයි බිම් මට්ටමේ සංවිධාන ශක්තිය තියෙන්නේ කියලා අපි කිව්වා. රනිල් අපේක්‍ෂකත්වයේ තියාගෙන ජනාධිපතිවරණය ගැන සාකච්ඡාව පිළිබඳ සෝභිත හාමුදුරුවන් ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. අපි සෝභිත හාමුදුරුවන්ගෙන් ඇහුවා රනිල් වික්‍රමසිංහ හැර එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් කෙනෙකුගේ නමක් පිළිබඳව. එතකොට සෝභිත හාමුදුරුවො කිව්වා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ මහත්මා දේශපාලනඥයෙක් වුණත් මේ මොහොතේ ඔහු වෙනුවට කරු ජයසූරිය වඩා හොඳ චරිතයක් කියලා.


තව කොටසක් ලබන සතියට.

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (0)

සෝභිත හිමියෝ සටන් බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site