IMG-LOGO

මඩකළපුව මන්ත්‍රීගේ සිංහ කොඩිය

 

ලංකාව බි්‍රතාන්‍යය කිරිටයෙන් නිදහස ලබන විට නැවතත් මුල සිටම පටන් ගන්නට සිදුව තිබුණේය. දෙදහස් පන්සිය වසරක් පැවැති අඛණ්ඩ රාජධානි ඉතිහාසය 1815 න් ඔබ්බට ඇනහිට තිබිණි. ජාතික ගීයක් හෝ ජාතික ධජයක් නොවීය. හැම දෙයක් ගැන අලුතෙන් හිතන්නට අවශ්‍ය විය. නිදහස් අනුස්මරණ මණ්ඩපයක් ද ඉදිකළ යුතු යැයි අගමැති ඩී. ඇස්. සේනානායක මහතා යෝජනා කළේය.


වර්තමානයේ කොළඹ 7 ටොරින්ටන් පෙදෙසේ අප දකින්නේ ඒ ඉදි වූ නිදහස් චතුරශ්‍රයයි. නිදහස් උත්සවය නිමති කොට ජාතික ගීයක් සම්පාදනය කළ යුතුය. යන අදහස ද මතුවිය. ලංකාවට තමන්ගේම වූ අභිමානවත් ජාතික කොඩියක් තිබිය යුතු යැයි ද යෝජනා වූයේය. 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී ඔසවන ලද බි්‍රතාන්‍ය කිරීටයේ ධජය යළිත් ඔසවනු නොලැබෙන පරිදි බිම හෙළන්නට අපේම වූ ජාතික ධජයක් අවශ්‍ය විය. පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ විවාදය පැවැති තිබෙන්නේ 1948 ජනවාරි 16 වැනි දිනය.
එක්සත් ජාතික පක්‍ෂයේ මඩකළපුව මන්ත්‍රී අහමඞ් සින්න ලෙබ්බේ මහතා ජාතික ධජය පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම යෝජනාව මෙසේය.
“1815 කන්ද උඩරට ගිවිසුම අස්සන් තැබීමෙන් පසු එංගලන්තයට ගෙන යන ලද රතු පසුබිමක දකුණතින් අසිපතක් දරා සිටින කහ පැහැති සිංහ රූපය නිරූපණය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජකීය ධජය නිදහස් ශ්‍රී ලංකාවේ නිල ධජය විය යුතු බව මෙම ගරු සභාවට යෝජනා කරමි.” 


ඒ සින්න ලෙබ්බේ මහතාගේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වා තිබේ. එම විවාදයෙන් අනතුරුව ජාතික ධජයක් තෝරා ගැනීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇත. පහත නම් සඳහන් අය එකී කමිටුවට ඇතුළත් වූහ. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජී. ජී. පොන්නම්බලම්, ටී. බී. ජයා, ජේ. ඇල්. කොතලාවල, ආචාර්ය එල්. ඒ. රාජපක්‍ෂ, ඇස්. නඬේසන් සහ ජේ. ආර්. ජයවර්ධන ජාතික ධජය පිළිබඳ කමිටු සාමාජිකයෝ වූහ.


කමිටුවේ අවසන් තීරණය පමාවන හෙයින් 1947 පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන ජාතික නිදහස් උළෙලේ දී ඒ. සින්න ලෙබ්බේ මහතා යෝජනා කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ධජය එසවීම සඳහා පාර්ලිමේන්තුව පොදු එකඟත්වයකට පැමිණියේය. ඒ අනුව නිදහස් උළෙලේ දී සිංහ ධජය ලෙළ දුන්නේය.  කමිටු  වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1950 පෙබරවාරි මාසයේදීය. එහිදී එක් සාමාජිකයකු හැර අනෙක් සියල්ලන්ගේ සහභාගිත්වයෙන් සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනිණි. වෙනසකට වූයේ කොළ හා තැඹිලි පාට තීරු දෙකක් සිංහ කොඩියට එකතු වීමය.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කතාව පවත්වන ලද්දේ එජාප අත්තනගල්ලේ මන්ත්‍රී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. 1948 ජූලි 28 වැනිදා හෙතෙම ප්‍රථම සිංහල කතාව සිදු කළේය. එදිනට දෙවැනි සිංහල කතාව සිදුකරන ලද්දේ අවිස්සාවේල්ල ලංකා සමසමාජ පක්‍ෂයේ මන්ත්‍රීනි කුසුමා ගුණවර්ධන මහත්මිය විසිනි.

 

 

රඛිත හේමවර්ධන
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මඩකළපුව මන්ත්‍රීගේ සිංහ කොඩිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 20 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 602 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site